දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'හරක් කටා'ගේ නාකුළුගමුව සුපර් මාකට් එකේ සියලු බඩු සතොසට!
Homeප්‍රවෘත්ති

'හරක් කටා'ගේ නාකුළුගමුව සුපර් මාකට් එකේ සියලු බඩු සතොසට!

PropellerAds

ඩුබායි රටේ සැඟවී සිටින ප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවෙකු මෙන් ම පාතාල සාමාජිකයෙකු ද වන මිදිගම නදුන් චින්තක නොහොත් 'හරක් කටා' නමැත්තාගේ...

නැවත නාම යෝජනා කැදෙවුවොත් එජාප-සජබ එකට ඉල්ලන බව එජාපය කියයි
ඕස්ට්‍රේලියාවෙන් පැමිණි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීගේ දියණිය නිරෝධායනය නොකර ගෙදරට අරන් ගිහින් ?
24 ඉරිදා සහ 25 සඳුදා දිවයින පුරා ඇඳිරි නීතිය පනවයි - කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල යළි දැනුම්දෙනතුරු ඇඳිරි නීතිය
ඩුබායි රටේ සැඟවී සිටින ප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවෙකු මෙන් ම පාතාල සාමාජිකයෙකු ද වන මිදිගම නදුන් චින්තක නොහොත් 'හරක් කටා' නමැත්තාගේ නීති විරෝධී  මුදල්වලින් තංගල්ල නාකුළුගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුපිරි වෙළෙඳ සලක තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා ආහාර ද්‍රව්‍ය හා විදුලි උපකරණ සතොසට හා රාජ්‍ය ආයතනවලට ලබාදෙන ලෙසට තංගල්ල මහාධිකරණය ඊයේ (සැප්. 6) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ඩුබායි රටේ සැඟවී සිටින හරක් කටා නමැත්තා මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට නීති විරෝධී ආකාරයෙන් එවන මත්කුඩු විකුණා උපයා ගන්නා මුදල්වලින් මෙම සුපිරි වෙළෙඳ සල පවත්වාගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වන බැවින් එම භාණ්ඩ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ලබා දෙන ලෙසත් අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එසේ නියම කෙරිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හරක් කටාගේ ගෝලයෙකු වන අසුන් චාමර නමැති සැකකරුවකු හා තවත් අයෙකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවත් ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව මෙම සුපිරි වෙළෙඳසල හරක් කටාගේ මත්කුඩු ජාවාරමෙන් උපයන මුදල්වලින් පවත්වාගෙන යන බවට අනාවරණය කරගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.

ඩුබායි රටේ සැඟවී සිටින හරක් කටා නමැත්තා ඉකුත් ජූනි මාසයේදී ඉරාන නෞකාවක් මගින් දකුණු පළාතේ මුහුදු තීරයට මත්කුඩු කිලෝග්‍රෑම් 290ක් එවා ඇති බව ද අපරාධ පරීක්ෂණ මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

එසේ එවන ලද මත්කුඩු බහුදින ධීවර යාත්‍රාවක් මගින් රැගෙන එමින් සිටියදී නාවික හමුදාව මගින් සැකකරුවන් 7 දෙනෙකු ද සමග අත්අඩංගුවට ගෙන   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පියවර ගෙන තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය. 

එසේ අත්අඩංගුවට ගන්නා ලද යාත්‍රාව කාගේ ද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේදී එය හරක් කටාගේ ගෝලයකු වන ඉහත කී සුපිරි වෙළෙඳ සල පවත්වාගෙන ගිය අසුන් චාමර නමැත්තාට අයිති එකක් බව අනාවරණය කරගත් බව ද පොලිසිය අධිකරණයට දැන්වීය. 

පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරක් කටාගේ ගෝලයා වන අසුන් චාමර හා එම වෙළෙඳ සල පවත්වාගෙන යෑමට හවුල් වූ  තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේ රඳවාගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හරක් කටා සතුව අතිවිශාල මුදලක් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් ඒකකය විසින් අනාවරණය කරගත් බවත් එම මුදල් වියදම් කරමින් තංගල්ල, නාකුළුගමුව ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සලක් පවත්වාගෙන යන බවත් අනාවරණය කරගත් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.

සුපිරි වෙළෙඳ සලක් පවත්වාගෙන යාමට තරම් මෙතරම් මුදලක් හරක් කටාගේ ගෝලයා වන අසුන් චාමරට තැනැත්තාට ලැබුණේ කෙසේදැයි යන්න තවදුරටත් පරීක්ෂා කිරීමේදී හරක් කටාගේ මත්කුඩු ජාවාරමෙන් උපයා ගන්නා මුදල් භාවිත කරමින් මෙම සුපිරි වෙළෙඳ සල පවත්වාගන ගොස් ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉහත කී වෙළෙඳ සල පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින බවත්, බහුදින ධීවර යාත්‍රාව මගින් මත්කුඩු කිලෝග්‍රෑම් 290ක් දකුණු මුහුදු තීරයට රැගෙන ඒමට සම්බන්ධ වූ සැකකරුවන් 7 දෙනා මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.  



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'හරක් කටා'ගේ නාකුළුගමුව සුපර් මාකට් එකේ සියලු බඩු සතොසට!
'හරක් කටා'ගේ නාකුළුගමුව සුපර් මාකට් එකේ සියලු බඩු සතොසට!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjoUCKG5jlGjPohiUlBCl9OQ7npLkT4tSg16oMrqNsrHuX2mz49Amioj85R8x3bCqGAXq8CmrZt7DsTTymjmKAWmpYJQKBAYVBj0dew0i9FDuYRdMxF_vSIw6N9_rYX4x40jP3GH1PtnbxN/s320/super-market.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjoUCKG5jlGjPohiUlBCl9OQ7npLkT4tSg16oMrqNsrHuX2mz49Amioj85R8x3bCqGAXq8CmrZt7DsTTymjmKAWmpYJQKBAYVBj0dew0i9FDuYRdMxF_vSIw6N9_rYX4x40jP3GH1PtnbxN/s72-c/super-market.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_700.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_700.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy