දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් : සම්පුර්ණ වාර්තාව මෙන්න.
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් : සම්පුර්ණ වාර්තාව මෙන්න.

PropellerAds

ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරි හා ස්වාධීන ජන රජයක් මෙන්ම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති බලතල ක්‍රියාත්මක කරන මධ්‍යම හා පළාත්බද ආයතනවලින් සමන්විත වන...

වහාම ක්‍රියාත්මකවන පරිදි සිම්බාබ්වේ කණ්ඩායමේ ICC සාමාජිකත්වය අත්හිටුවයි !
රන්ජන් පැමිණිලිකරු වී ඉරාජ් විත්තිකරු වෙයි.. ඉරාජ් අත්අඩංගුවට ?
ranjan ramanayake

ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරි හා ස්වාධීන ජන රජයක් මෙන්ම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති බලතල ක්‍රියාත්මක කරන මධ්‍යම හා පළාත්බද ආයතනවලින් සමන්විත වන ඒකීය රාජ්‍යයක් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව‍ට ඊයේ (21) ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු වාර්තාවේ සඳහන් වේ.

මෙම මෙහෙයුම් වාර්තාවේ ඒකීය රාජ්‍ය යනුවෙන් හඳුන්වන්නේ නොබෙදුණු සහ බෙදිය නොහැකි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‍වේ ඕනෑම සංශෝධනයක් සඳහා හෝ එය පරිච්චින්න කර ඒ වෙනුවට වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තැනීම සඳහා වන බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පාර්ලිමේන්තුවට සහ ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පවතින රාජ්‍යයක් වීම බවද මෙහෙයුම් කමිටු වාර්තාව සඳහන් කරයි.

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය:

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය යන වගන්තියද මෙම වාර්තා‍වේ ඇතුළත්ය. එසේම සියලු ආගම් හා විශ්වාසයන්ට ගෞරවයෙන් හා අභිමානයෙන් සලකමින් හා වෙන්කොට සැලකීමකින් තොරව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සියලුම පුද්ගලයන්ට සහතික කරමින් බුද්ධ ශාසනය සුපෝෂිත කර පෝෂණය කිරීමෙ රජයේ වගකීම විය යු‍ත්තේය යන වගන්තිය ද මෙහි ඇතුළත්ය.

ශ්‍රී ලංකාව එක් නොබෙදු සහ බෙදිය නොහැකි රටක් වනු ඇතැයි ද මෙම වාර්තාවේ දෙවැනි වගන්තියේ සඳහන්ය.

රට බෙදීම වැළැක්විම සඳහා:

එසේම රටින් වෙන්ව යාම රට බෙදීම වැළැක්විම සඳහා වන විශේෂිත විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත යන්න එහි තෙවැනි වගන්‍තියේ සඳහන් වේ. බලය බෙදා හැරීම උපරිම මට්ටමින් ලැබෙනු ඇතැයි හතරවැනි වගන්තියේ සඳහන්ය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු සාමාජිකයන් ඉදිරිපත් කරනු ලැබු නිරීක්ෂණ ඇතුළත් ලේඛණ 8ක් ද වාර්තාවට ඇතුළත් වේ.

මෙම වාර්තාවේ සිංහල පරිවර්තනය පිටු 85ක් වන අතර මෙය කෙටුම් පතක් පමණක් වන අතර අවසන් වාර්තාව සකස් කරන්නේ ජනතා අදහස් ලබා ගැනිමේන් පසුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට වාර්තාව ඉදිරිපත් කරමින් පැවසිය.

දෙමළ සන්ධානයේ ස්ථාවරය :

මෙම මෙහෙයුම් කමිටු වාර්තාවට දෙමළ ජාතික සන්ධානයේ අදහස් දක්වමින් වාර්තාවේ ප්‍රකාශිත මූලික ප්‍රතිපත්ති ප්‍රධාන පක්ෂ දෙකට පිළිගත හැකි වන්නේ නම් ඒවාට එකඟ වීම සළකා බැලිමට හැකි බව ප්‍රකාශ කර තිබේ.

මෙම මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර කමිටුව 73 වතාවක් රැස්ව සාකච්ජා කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් විකක්‍රමසිංහ මහතා සභාපතිත්වය දරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ විපක්ෂ නායක ආර්.සම්බන්දන්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය රවුෆ් හකීම්, ඩග්ලස් දේවානන්ද, ලක්ෂ්මන් කිරඇල්ල, අනුර කුමාර දිසානායක, සුසිල් ප්‍රේමචන්ද්‍ර, රිෂාඩ් බද්යුදීන්, පාඨලී චම්පික රණවක, ඩි.එම්. ස්වාමිනාදන්, මනෝ ගනේෂන්, මලිකද් සමරවික්‍රම, ඩිලාන් පෙරේරා, විජයදාස රාජපක්ෂ, බිමල් රත්නායක, එම්.ඒ.සුමන්තිරන්, ප්‍රසන්න රණතුංග, ජයම්පති වික්‍රමරත්න සහ තුසිතා විජේමාන්න, මැති ඇමැතිවරුන් වේ.

ඊයේ ප්‍රකාශයට පත්කළ සම්පුර්ණ වාර්තාව මෙතනින්

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් : සම්පුර්ණ වාර්තාව මෙන්න.
ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් : සම්පුර්ණ වාර්තාව මෙන්න.
http://ift.tt/2xnYbDu
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_949.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_949.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy