පසුගිය දින කිහිපයේ මාධ්‍ය හරහා ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එස්.බී. දිසානායක මහතා තමන්ගේ දේශපාලන අනාගතය පිළිබඳව තවත් ආන...
පසුගිය දින කිහිපයේ මාධ්‍ය හරහා ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එස්.බී. දිසානායක මහතා තමන්ගේ දේශපාලන අනාගතය පිළිබඳව තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබේ.
දැන් තමාගේ කාලය ඉවරයි දැයි තීරණය කළ යුත්තේ තමා මිස වෙන කවුරුවත් නොවන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
තමාව දේශපාලනයෙන් ඉවත් කිරීමට ජනපතිට හා අගමැතිටවත් බැරි බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.
තමන් පොදු ජන පෙරමුණට එක් වූයේ ඒ පක්ෂයේ අයගේ ඉල්ලීමට බවයි මන්ත්‍රීවරයා හෙළිදරව් කරන්නේ.
මේ අවස්ථාවේ කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දුන්නොත් එය එක පාරටම භාරගත නොහැකි බවත් ඒ ගැන සලකා බැලිය යුතුව තිබෙන බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.
ඒ තමන් දෙන්නන් වාලේ දෙන ඇමතිකම් භාර ගැනීමට සූදානම් නැති නිසා බව ඊට හේතුව ලෙස දිසානායක මහතා පෙන්වා දෙනවාමන්ත්‍රීවරයාගේ අදහස.
තිබෙන කැබිනට් මණ්ඩලයද විද්‍යානුකූලව පත් කළ එකක් බව නොපෙනෙන බවද මන්ත්‍රීවරයා මන්ත්‍රීවරයාගේ අදහස.
කෙසේ වෙතත් තමා වැඩි කලක් ඉන්න බලාපොරොත්තුවක් නැති බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
එහෙත් ඒ දේශපාලනයේද එසේත් නැතිනම් ආණ්ඩුවෙන්ද යන්න දිසානායක මහතා නිශ්චිතවම කියන්නේ නැහැ.
එස්.බී.දිසානායක මහතා මෙම අදහස් පළ කළේ රූපවාහිනී සේවයේ වැඩසටහනකට එක්වෙමිනි.

COMMENTS