දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුට්ටි, පැණි පස්සේ ගිය වෙලේ එන්නත් ගෙනාවා නම් මෙහෙම වෙන්නෑ... මේ මරණවල වගකීම ආණ්ඩුව බාරගත යුතුයි - සජිත්
Homeප්‍රවෘත්ති

මුට්ටි, පැණි පස්සේ ගිය වෙලේ එන්නත් ගෙනාවා නම් මෙහෙම වෙන්නෑ... මේ මරණවල වගකීම ආණ්ඩුව බාරගත යුතුයි - සජිත්

PropellerAds

මුලදීම කොවිඩ් එන්නත් ආනයනය කිරීමට කටයුතු සූදානම් නොකර මුට්ටි ගඟට දමමින්, පැණියක් ප්‍රවර්ධනය කරමින් සිටි වත්මන් ආණ්ඩුව මේ සිදුවන කොවිඩ් මරණ...

ඡන්දෙන් දිනවන්න අරගල නායකයෙන් ලක්‍ෂ 30ක් කප්පම් ඉල්ලයි... පසුව හදිසියකට 20,000ට බස්සයි!
ලංකාව බේරා ගැනීමේ චීන සැලසුම නන්දලාල් කුමන්ත‍්‍රණයකින් කඩාකප්පල් කලා (VIDEO)
රාජපක්ෂ පවුලේ ඥාති මස්සිනා අනාවැකි කියයි
මුලදීම කොවිඩ් එන්නත් ආනයනය කිරීමට කටයුතු සූදානම් නොකර මුට්ටි ගඟට දමමින්, පැණියක් ප්‍රවර්ධනය කරමින් සිටි වත්මන් ආණ්ඩුව මේ සිදුවන කොවිඩ් මරණවල වගකීම භාරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. 

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා ඊයේ (06) මේ බව සඳහන් කළේය. 

"මේ වනවිට රට තුළ කොවිඩ් 19 සීඝ්ර ව්‍යාප්තියකට ලක්වෙමින් පවතිනවා. ඩෙල්ටා ප්‍රභේදය හරහා රටේ සෞඛ්‍ය පද්ධතිය දැඩි අනාරක්ෂිත තත්වයකට පත්වෙලා තිබෙනවා. උද්ගත වෙන මෙම තත්වය පිළිබඳව මීට මාස ගණනාවකට පෙරම අපි රජයට දැනුම් දුන්නා. විශේෂයෙන් මේ රටේ වෛද්‍ය සංගම්, සෞඛ්‍ය වෘත්තීය සමිති, සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයින් විටින් විට යෝජනා කළා තිබෙන්නා වූ රෙගුලාසි ලිහිල් කරන්නට එපායි කියන කාරණාව. ලිහිල් කළොත් රට අනතුරේ කියන එක ඒ අය ප්‍රකාශ කළා. අද මොකක්ද සිදුවෙලා තිබෙන්නෙ ? එන්නත්කරණ ක්‍රියාවලිය ප්‍රමාද වීම තුළ මේ රටේ ජනතාවට ජීවිත අහිමිවෙමින් පවතිනවා. 

මාස ගණනාවක් පුරාවට ගඟට මුට්ටි දැමීම, අමුතුම මාදිලියේ පැණියක් නිර්මාණය කිරීම, මේ වගේ මිත්‍යාවාදී ක්‍රමවේද පිළිබඳව විවිධ මාධ්‍ය ආයතන හරහා ජනතා විශ්වාසයක් ගොඩනඟන්නට හැදුවා. ඒ කාලවකවානුව තුළ ආණ්ඩුව හරියාකාරව එන්නත් ඇනවුම් කරලා තිබුණා නම් අද වගේ අනාරක්ෂිත තත්වයක් රටේ ජනතාවට උද්ගත වන්නේ නැහැ. මේ වගේ මරණ වැඩිවෙන්නේ නැහැ. එදා අපි කිව්වා දවසකට 200, 300 පන්නලා මැරෙන තත්වයක් නිර්මාණය වෙයි කියලා. වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයනුත් කිව්වා. නමුත් ඒ ප්‍රකාශ මේ රජය ගණන් ගත්තෙවත් නැහැ. 

අද වනවිට බරපතළ ඇඳන් හිඟයක් තිබෙනවා. සමහර රෝහල්වල රෝගීන් ඉන්නෙ මිදුලෙ. ඒ වගේම දැඩි සත්කාර ඒකකවලට අවශ්‍ය උපකරණ හිඟයක් තිබෙනවා. ඇඳන් හිඟය වගේම පහසුකම් හිඟයක් තිබෙනවා. බෙහෙත් හිඟයක් තිබෙනවා. ඔක්සිජන් හිඟයක් තිබෙනවා. මොකක්ද මේ ආණ්ඩුව මේ ප්‍රශ්නවලට ලබාදෙන පිළිතුර ? තවදුරටත් මේ රටේ ජනතාව අනාරක්ෂිත භාවයට පත් කරනවාද, එසේ නැති නම් ජීවිත බේරාගැනීම සඳහා ගතයුතු කඩිනම් පියවර ටික ගන්නවාද ?

අපට අහන්නට ලැබෙනවා එන්නත් මෙච්චර ප්‍රමාණයක් අද එනවා, හෙට එනවා, අනිද්දා එනවායි කියන කාරණාව. නමුත් ප්‍රමාදවෙන දිනයක් දිනයක් පාසා අපේ රටේ වටිනා මිනිස් ජීවිත අහිමි වෙනවා. මේ කොවිඩ් 19 නිසා ඇතිවෙන ආසාදිත තත්වයන් වර්ධනය වෙනවා. රජයෙන් ඉල්ලීමක් කරනවා, වහාම ජාත්යන්තරයට ගිහිල්ලා ලොකු ඉල්ලීමක් කරන්න ඕනෙ, ලොකු අභියාචනයක් කරන්නට ඕනෙ අපේ රටේ දැඩි අනාරක්ෂිත තත්වයක් තියෙනවා, මේ කොවිඩ් එන්නත් අපේ රටට ලබාදීමේ ක්‍රියාවලිය වහාම දියත් කරන්නය කියලා. අඩුම තරමින් මැරෙන සංඛ්‍යාව අපට ඒ තුළින් අවම කරගන්නට අවස්ථාවක් ලැබෙයි. 

දැන් දැන් රජය පෙන්වන්නට හදනවා මේ කොවිඩ් රැල්ලට හේතුව මේ රටේ සිදුවන උද්ඝෝෂණ රැල්ලයි කියන එක. මම අහන්න කැමතියි ආණ්ඩුවෙන් ජනතාවගේ ප්‍රශ්නවලට නිසි විසඳුම් ලබාදුන්නා නම් ජනතාව මහපාරට බහිනවාද ? පොහොර ප්‍රශ්නය ආණ්ඩුව ඇතිකරපු නිසා ගොවියා මහපාරට බැස්සා. එක්ස්ප්‍රස් නැවේ විනාශය තුළින් සිදුවුණු පරිසර විනාශය නිසා ධීවර ජනතාවගේ ජනජීවිතය අකර්මණය වීම තුළ ජනතාව පාරට බැස්සා. එන්නත්කරණ ක්‍රියාවලිය හරියාකාරව ක්‍රියාත්මක නොවීම තුළ ජනතාව පාරට බැස්සා. ඔන්ලයින් අධ්‍යාපනය හරියාකාරව ක්‍රියාත්මක කරන්නෙ නැති නිසා ජනතාව පාරට බැස්සා. ගුරුවරුන්ට පොරොන්දු වුණු වැටුප් වර්ධක, දීමනා ලබා නොදුන්නු නිසා පොරොන්දු කඩකරපු නිසා ගුරුවරුන් පාරට බැස්සා. මේ රටේ ජනතාවට මූල්‍ය උත්තේජක පැකේජයක් ලබානොදීම නිසා සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට, ස්වයංරැකියා කරන අයට, දෛනික ආදායම් උපයන අයට, කුලීවැඩ කරන අයට ආර්ථික ශක්තියක් නොලැබෙන නිසා බඩගින්න නිසා දුක්ගින්න නිසා ඒ ජනතාව පාරට බැස්සා. එතකොට මේ රජය කියන්නෙ උද්ඝෝෂණ නිසා මේ කොවිඩ් පැතිරුණා කියලාද ? එහෙනම් රෝහණ දිසානායක මන්ත්‍රීතුමාට, තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීතුමාට, මහින්දානන්ද ඇමතිතුමාට කොරෝනා වැළඳුණේ උද්ඝෝෂණවලට සහභාගී වුණු නිසාද ? 

එනිසා මම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා තමුන්නාන්සෙලාගෙ කාලය මිඩංගු කරන්න මේ රටේ ජනතාවගේ ජීවිත බේරාගන්න. මේ වනවිට ළදරුවන්ටත් දරුවන්ටත් කොරෝනා වැළඳීම ඉතාම සීඝ්රයෙන් සිදුවෙනවා. වායුසමනය කරපු කාමරවලට වෙලා ඉන්නෙ නැතුව, පාර්ලිමේන්තුවෙ වායුසමනය කරපු ගර්භයට වෙලා ඉන්නෙ නැතුව යන්න රිජ්වේ ආර්යා රෝහලට. යන්න රාගම රෝහලට. යන්න කළුබෝවිල රෝහලට. යන්න ජාතික රෝහලට. යන්න ගම්පහ රෝහලට. යන්න කරාපිටිය රෝහලට. යන්න රත්නපුර රෝහලට. යන්න ඇඹිලිපිටිය රෝහලට. එහෙම ගියොත් ඇස් දෙකටම බලාගන්න පුළුවන් මහපොළවේ යතාර්ථය. 

රෝගීන්ට පහසුකම් නෑ, බෙහෙත් හේත් නෑ, ඇඳන් නෑ, ජීවිත බේරාගන්න උපකරණ නෑ, ඔක්සිජන් නෑ. විපක්ෂයක් හැටියට අපට පුළුවන් ආකාරයට අපි උපරිම අන්දමින් රෝහල්වලට ආධාර උපකාර කරලා තියෙනවා. එදාත් කළා, අදත් කරනවා, හෙට දවසේත් ඒ දේ ක්‍රියාත්මක කරනවා. පළවෙනි වතාවට නිදහසෙන් පස්සෙ විපක්ෂයක් ජනතා සුබසාධනයක් ක්‍රියාත්මක කරනවා. අපි මේ රටේ ජනතාවට ආදරෙයි. අපි මේ රටට ආදරෙයි. රට බේරාගන්න අවස්ථාව ඇවිල්ලා තියෙන්නෙ. ජනතාව මරණ මංචකය කරා ගෙනයන මේ රජයේ අදූරදර්ශී ප්‍රතිපත්තිය වහාම නතර කරන්න. හීන ලෝකෙක ඉන්න එපා ඔක්කොම හරියි කියලා හිතාගෙන. ඔබලා කැටි වළාකුළුවල කෙඳි වළාකුළුවල හිටියාට මහපොළවේ යතාර්ථය මහා භයංකාරයි. 

දෛනික මරණ ප්‍රමාණය තවත් වැඩිවෙන්න ගත්තොත් මහා මරණ රැල්ලක් නිර්මාණය වෙනවා. පැහැදිලිවම මම කියන්න ඕනෙ මේවා මරණ රැලි නෙවෙයි ඝාතන රැලි. මේ මිනිස් සංහාරයට මේ රජය වගකියන්න ඕනෙ. හරියට කලට වේලාවට එන්නත් ලබානොදීම නිසා මේ මහා විනාශය අපේ රටේ ජනතාවට සිදුවුණා. ඒකෙ වගකීම මේ රජය බාරගන්නට ඕනෙ. බොරුවට පැණි විකුණලා, ගඟට මුට්ටි දමලා හිතාගෙන ඉන්න ඇති කොරෝනා මර්දනය කරන්න පුළුවන් කියලා. නමුත් අද ඔප්පු වෙලා තියෙනවා පැණිය නෙවෙයි අවශ්‍ය, මුට්ටි නෙවෙයි අවශ්‍ය. අපේ රටේ ජනතාවට අවශ්‍ය එන්නත් ටික ලබාදෙන්නට ඕනෙ. මේ පැතිරෙන තත්වය තුළ රජයට මම කියන්න කැමතියි වහාම හොයලා බලන්න මේ රටේ ජනතාවට පළවෙනි එන්නත පමණක් නෙවෙයි දෙවැනි එන්නත පමණක් නෙවෙයි තුන්වෙනි එන්නතක් ලබාදෙන්න. ඊශ්‍රායලය වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩයට ඒ දේ සිදුකරමින් පවතිනවා. හොයලා බලන්න මේ ක්‍රමවේදය සුදුසුද නුසුදුසුද කියලා. කතා කරන්න ලෝක සෞඛ්‍ය සංවිධානයට. ලෝභ වෙන්න එපා. කරුණාකරලා සල්ලි නැතෙයි කියන කතා කියන්න එන්න එපා. තමුන්නාන්සෙලාට බැරි නම් මේ වැඩේ කරන්න අපට බාරදෙන්න. අපි ඕනෙ තරම් රටේ ජනතාවට එන්නත් ටික ක්ෂණිකව ලබාදෙන්න සූදානම්, හැකියාවක් තියෙන විපක්ෂයක්. සමගි ජන බලවේගයට පුළුවන් මේ රටේ එන්නත්කරණ ක්‍රියාවලිය මීට වැඩිය කාර්යක්ෂමව කරන්න. ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා අවසාන වශයෙන් මේ සිදුවන මරණවලට තමුන්නාන්සෙලා වගකියන්නට ඕනෙ, මේවා මිනිස් ඝාතන !" 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුට්ටි, පැණි පස්සේ ගිය වෙලේ එන්නත් ගෙනාවා නම් මෙහෙම වෙන්නෑ... මේ මරණවල වගකීම ආණ්ඩුව බාරගත යුතුයි - සජිත්
මුට්ටි, පැණි පස්සේ ගිය වෙලේ එන්නත් ගෙනාවා නම් මෙහෙම වෙන්නෑ... මේ මරණවල වගකීම ආණ්ඩුව බාරගත යුතුයි - සජිත්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_Rc5WSMgsF9UInuHDDslKANl1TCLC2f6VtjWkjEz9KhSEtEI2igCRxbhILjif8qQLVKjZFlK2SmOraDsKl4xctQbNHS2TkileaAXNuX6Owi9x56vA3JrVWqSpJU2wOlcrwejacAdic4Yd/s320/image_627ba88c6f.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_Rc5WSMgsF9UInuHDDslKANl1TCLC2f6VtjWkjEz9KhSEtEI2igCRxbhILjif8qQLVKjZFlK2SmOraDsKl4xctQbNHS2TkileaAXNuX6Owi9x56vA3JrVWqSpJU2wOlcrwejacAdic4Yd/s72-c/image_627ba88c6f.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_688.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_688.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy