දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඩොලර් නැතිව වාහන ගෙන්වීමේ අලුත් ක්‍රමයක් - ආණ්ඩුවේ මන්ත්‍රීගෙන් ජනපතිට ලියුමක්!
Homeප්‍රවෘත්ති

ඩොලර් නැතිව වාහන ගෙන්වීමේ අලුත් ක්‍රමයක් - ආණ්ඩුවේ මන්ත්‍රීගෙන් ජනපතිට ලියුමක්!

PropellerAds

මෙරට තුළ ඇති ඩොලර් පිටතට ගාල යා නොදී රට තුළට වාහනද ගෙන්වීමට හැකි ක්‍රමවේදයක් ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී . දොලේවත්ත විසින් ජනා...

හෙල වෙදකමට ෆයිසර්ලා එපා.. කාලි මෑණියන් බෞද්ද නොවෙයි.. ධම්මික බණ්ඩාර පසුපස ප‍්‍රසිද්ධිය හොයන කෙනෙක් - නලින් ද සිල්වා
ධම්මික බණ්ඩාර "මම කාලි" කියා කෑගහන කොටස ටීවී වලින් හැලේ !
ධම්මික පැණියට තවම අනුමැතිය නෑ.. ඇමති චන්න එන්නතක් ගෙන්වන්න සාකච්චා අරඹයි !
මෙරට තුළ ඇති ඩොලර් පිටතට ගාල යා නොදී රට තුළට වාහනද ගෙන්වීමට හැකි ක්‍රමවේදයක් ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී . දොලේවත්ත විසින් ජනාධිපතිවරයාට යෝජනාවක් කර ඇත.

ජනාධිපතිවරයාට ලිපියක් ලියමින් මන්ත්‍රීවරයා යෝජනා කරන්නේ විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඒ රටවලදී මිලදී ගත් වාහන, ලංකාවට එවීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි.

මෙම ක්‍රමවේදය මගින් මෙරට තුළ ඩොලර් පිටතට ගලා නොයන අතර තීරු බදු ගෙවීම ද එකී ශ්‍රමිකයන් විසින්ම ඩොලර් මගින් සිදු කරන බැවින් යම් විදේශ විනිමය ප්‍රමාණයක් එට තුළට පිවිසෙන බවද ඔහු පෙන්වා දී ඇත.

මෙරටට වාහන ආනයනය කිරීම තහනම් කර ඇත්තේ මෙරට විදේශ සංචිත අර්බුදය හේතුවෙනි. විදෙස් ගත ශ්‍රමිකයින් මෙරටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධානතම සාධකයයි. එබැවින් ඔවුන්ගේ පවුල්වලට වාහනයක් එවීමට ඉඩ ලබාදීමට මෙමගින් යෝජනා කර තිබේ.

මන්ත්‍රීවරයා විසින් ජනාධිපතිට යැවූ ලිපියේ මෙසේ ද දැක්වේ.

“කොවිඩි-19 ව්‍යාප්තිය සමග අප රටට ආර්ථික වශයෙන්‌ යම්‌ පසුබෑමකට ලක්වීමට සිදුවී ඇත. එයට හේතුව ලෙස මේ වන විට සංචාරක කර්මාන්තයේ සිදුව ඇති පසුබෑම, අනෙකුත්‌ අපනයන ක්ෂේත්‍ර වල සිදුව ඇති පසුබෑම්‌ සහ විදේශයන්‌ හි සේවය කරමින්‌ සිටින ශ්‍රමිකයන්‌ මෙරටට එවනු ලැබු විදේශ විනිමය ප්‍රමාණය අඩු වීම වැනි කරුණු පෙන්වා දිය හැකි අතර ඒ හේතුවෙන්‌ අප රට තුල මේ වන විට ඩොලර්‌ සංචිත වල හිගයක්‌ මතුව ඇත.

මේ හේතුවෙන්‌ මේ වන විට රට තුල පවතින ඩොලර්‌ සංචිත රැක ගැනීම සඳහා අනවශ්‍ය භාණ්ඩ ආනයනය සීමා කර ඇත. එහි එක්‌ පියවරක්‌ ලෙස මෝටර්‌ රථ සහ එම අමතර කොටස්‌ ආනයනය සීමා කර ඇත. එතුළින්‌ විශාල විදේශ විනිමය ප්‍රමාණයක්‌ ඉතුරු කර ගැනීමට අපට හැකිව ඇත. නමුත්‌ මේ ක්‍රියාවලිය “හේතුවෙන්‌ රට තුල අස්වාභාවික ලෙස රථවාහන වල මිල ඉහල ගොස්‌ ඇත. මෙතුලින්‌ වාහනයක්‌ මිළදී ගැනීමට බලාපොරොත්තු වන මෙරට ජනතාවද විශාල වශයෙන්‌ අපහසුතාවයට පත්ව ඇත.

විදේශයන්‌ හි සේවය කරමින්‌ මෙරට ආර්ථිකයට විශාල ශක්තියක්‌ වෙමින්‌ මෙරටට විදේශ විනිමය එවනු ලැබු විදේශ ගත ශ්‍රමිකයන්‌ හෙවත්‌ “රට විරුචන්‌’ කලක පටන්‌ ඔවුන්‌ හට තමා සේවය කරන රටේ සිට මිලදී ගත්‌ මෝටර්‌ රථයක්‌ මෙරටට රැගෙන ඒමට අවස්ථාවක්‌ ලබා දෙන මෙන්‌ ඉල්ලීම්‌ කර ඇත. ඒ අනුව වසරක කාලයක්‌ සඳහා එම “රට විරුවන්‌ හට එසේ මිලදී ගන්නා මෝටර්‌ රථය මෙරටට එවීමටත්‌ එසේ එවන මෝටර්‌ රථ සඳහා ගෙවිය යුතු තීරු බදු මුදල එම විදේශයේ සිට උපයනු ලබන ඩොලර්‌ යොදා ගනිමින්‌ මෙරට රජයට ගෙවීමට අවස්ථාව ලබා දීම තුලින්‌ සහ එම මුදල්‌ රට තුළ වෙනම ගිණුමක එක්රැස්‌ කිරීම තුලින්‌ අතිරේක ඩොලර්‌ සංචිතයක්‌ ‘ගොඩ නගා ගැනීමට හැකි වන අතර එමගින්‌ පහත සඳහන්‌ ප්‍රතිලාභ අප හට ලබා ගත හැක.

මෙම අවස්ථාව ලබා දීමේදී ‘රට විරුවන්‌’ මෙරටට එවා ඇති විදේශ විනිමය ප්‍රමාණය, ඔවුන්‌ විදේශයන්හි සේවය කර ඇති කාල සීමාව වැනි කරුණු පිළිබඳව අවධානය යොමු කර ඔවුනට යම්කිසි තීරුබදු සහනයක්‌ ලබා දිය හැකි නම්‌ එය. ඔවුන්‌ රට වෙනුවෙන්‌ සිදු කර ඇති සේවය පිළිබඳව සිදු කරන කෘතගුණ සැලකීමක්‌ බවද සිහිපත්‌ කරනු කැමැත්තෙමි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩොලර් නැතිව වාහන ගෙන්වීමේ අලුත් ක්‍රමයක් - ආණ්ඩුවේ මන්ත්‍රීගෙන් ජනපතිට ලියුමක්!
ඩොලර් නැතිව වාහන ගෙන්වීමේ අලුත් ක්‍රමයක් - ආණ්ඩුවේ මන්ත්‍රීගෙන් ජනපතිට ලියුමක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZsXwXQC37yrx1emZ7FLHMkAC64sTpzhkupLmXaQQWm5HvHk5fP4MoHPzm7pZUuVEyE9FWbb7C0h50I_SPVHRWD2qtCiu6IRjp_hDzAqFmqVVvmb1lgiSf0laGlVndW11655tjPY6lRCqq/s320/unnamed.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZsXwXQC37yrx1emZ7FLHMkAC64sTpzhkupLmXaQQWm5HvHk5fP4MoHPzm7pZUuVEyE9FWbb7C0h50I_SPVHRWD2qtCiu6IRjp_hDzAqFmqVVvmb1lgiSf0laGlVndW11655tjPY6lRCqq/s72-c/unnamed.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_548.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_548.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy