කො රෝනා වෛරසය මැඩලීම් සඳහා නිපදවා තිබෙන එන්නතක් පෙබරවාරි මස දෙවැනි සතිය වන විට මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු සූදානම් කරමින් සිටින බව රාජ්‍ය අ...
කොරෝනා වෛරසය මැඩලීම් සඳහා නිපදවා තිබෙන එන්නතක් පෙබරවාරි මස දෙවැනි සතිය වන විට මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු සූදානම් කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි. ෆයිසර්, මොඩානා, චීන සහ රුසියානු එන්නත් මෙරටට ගෙන්වීමට ඒ අනුව සැලසුම් සකස් කරමින් සිටින බවත් අවශ්‍ය රාජතාන්ත්‍රික සාකච්ඡා සිදු කරමින් සිටින බවත් ඔහු පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශයන් ගැන සලකා බලා ලබාගත හැකි පළමු අවස්ථාවේදී ද දීම එම එන්නතක් මෙරට ලබා ගැනීමට සූදානම් වෙමින් සිටින බව ද ඔහු කියා සිටියේය.
එමෙන්ම ෆයිසර් එන්නත සඳහා අවශ්‍ය වන විශේෂ ශීතාගාර පහසුකම් වර්ධනය කිරීම සඳහා දැනටමත් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත පළකර ඇතැයිද ඒ මහතා තවදුරටත් පැවසීය.
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා සුව කිරීම සදහා නිපදවූ බව කියන ඖෂධය සදහා මෙතෙක් අනුමැති ලැබී නැති තත්වයක් යටතේ මෙම වැඩපිලිවෙල ක‍්‍රියාත්මකය.

COMMENTS