වාලච්චේන ප්‍රදේශයේ අතුරුදහන් වූ කාන්තාවකගේ බවට සැක කරන මළ සිරුරක් ගෝනියක දමා තිබිය දී වෙළඳසැලකින් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙ...
වාලච්චේන ප්‍රදේශයේ අතුරුදහන් වූ කාන්තාවකගේ බවට සැක කරන මළ සිරුරක් ගෝනියක දමා තිබිය දී වෙළඳසැලකින් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.
වෙළඳ සැලක ගෝනි දෙකක් ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එම ගෝනි පරීක්ෂාවට ලක් කර තිබුණා.
ඉන් එක් ගෝනියක පොහොර තිබී ඇති අතර සෙසු ගෝනියේ කාන්තාවකගේ මළසිරුරක් තිබී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.
මෙම කාන්තාව බැංකුවට යන බව පවසා ඊයේ (05) පස්වරුවේ ත්‍රිරෝද රථයකින් නිවසෙන් පිටත්ව ගොස් ඇති අතර පසුව නිවසට නොපැමිණ ඇති බවයි පොලිසියට ලැබුණු පැමිණිල්ලක සඳහන්ව තිබුණේ.
මෙම කාන්තාව ගමන් කළ බව කියන ත්‍රීරෝද රථයේ රියදුරු මෙම ගෝනි වෙළඳසැලට ගෙනැවිත් ඇති බවට සැකකරන අතර එම රියදුරු සහ වෙළඳසැලේ හිමිකරුව මේවන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

COMMENTS