වසර ගණනක සිට වරාය නැව් තටාංගනයේ සිදුවන දැවි තෙල් ජාවාරමක් නිසා වසරකට ඩොලර් මිලියනයක මුදලක් රජයට අහිමි වන බව හෙළිව තිබේ. වරාය නැව් තටාංගන...
වසර ගණනක සිට වරාය නැව් තටාංගනයේ සිදුවන දැවි තෙල් ජාවාරමක් නිසා වසරකට ඩොලර් මිලියනයක මුදලක් රජයට අහිමි වන බව හෙළිව තිබේ.
වරාය නැව් තටාංගන ඉහළ නිලධාරීන් සහ පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා අතර පැවැති සාකච්ඡාවකදී මෙම ජාවාරම සම්බන්ධයෙන් අනාවරණය වී ඇත.
මෙරටට පැමිණෙන නැව් වලින් වසරකට දැවි තෙල් ටොන් මිලියන දාසයක් පමණ ඉවත ලන බවට මේ වන විට දළ වශයෙන් ගණනය කර ඇතැයි තටාංගනයේ නිලධාරීන් ඇමතිවරයාට දන්වා තිබේ.
ඉවත ලන එම දැවි තෙල් පිරිපහදු කිරීම සඳහා සමාගම් 28කට මධ්‍යම පරිසර අධිකාරිය විසින් අවසර ලබාදී තිබුණද ඒවා පිරිපහදු කිරීමේ පහසුකම් ඇත්තේ සමාගම් හතරකට පමණක් බව ද හෙළිව ඇත.
කෙසේ වුවද ඉන් එක් සමාගමකට දිනකට පිරිපහදු කිරීමට හැකියාව ඇත්තේ දැවිතෙල් ටොන් එකක් පමණක් බව ද ඒ අනුව වසරකට පැමිණෙන නැව් වලින් බැහැර ලන දැවි තෙල් ටොන් මිලියන දාසයක් පමණ පිරිපහදු කිරීමට හැකියාවක් නොමැති බව මෙහිදී අනාවරණය වී තිබේ.
COMMENTS