දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කාබනික පොහොරත් හරියට කැලණියේ නාගයා වගේ...හූවෙන් පටන් අරන් හූවෙන් තමයි ඉවර වෙන්නෙත් - අප්පච්චි මළා කියපු සැර කතාව
Homeප්‍රවෘත්ති

කාබනික පොහොරත් හරියට කැලණියේ නාගයා වගේ...හූවෙන් පටන් අරන් හූවෙන් තමයි ඉවර වෙන්නෙත් - අප්පච්චි මළා කියපු සැර කතාව

PropellerAds

වත්මන් අසාර්ථක ආණ්ඩුව වෙනස් කළ යුත්තේ එය බලයට ගෙන ඒමට ඡන්දය දුන් හැටනම ලක්ෂයක ජනතාව විසින්ම බව සමගි ජන බලවේගය කටාන ආසන සංවිධායක විජිත් විජ...

රත්තරන්ගේ රැස්වීම ෂෝක්! බඩු සේරම එකට හිටියේ! කුඩුකාරයෝ-මංකොල්ලකාරයෝ-කප්පම්කාරයෝ එකී මෙකී නොකී හැමදෙනාම එතන හිටියා! අනුරත් හිටියනම් සර්ව සම්පූර්ණයි! රෝහිත තිබ්බ රැස්වීම ගැන නලින් බණ්ඩාර කියපු දේ! VIDEO
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දිවුරුම් දෙයි!
ක්ලබ් වසන්ත ඝාතනයට ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු හයක් අත්අඩංගුවට!
වත්මන් අසාර්ථක ආණ්ඩුව වෙනස් කළ යුත්තේ එය බලයට ගෙන ඒමට ඡන්දය දුන් හැටනම ලක්ෂයක ජනතාව විසින්ම බව සමගි ජන බලවේගය කටාන ආසන සංවිධායක විජිත් විජයමුණි සොයිසා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (27දා) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. මන්ත්‍රීවරයා එහිදී මෙසේද පැවැසීය.

මේ රජය බලයට පත් කරපු හැටනම ලක්ෂයම තමයි මේ රජය වෙනස් කළ යුත්තේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයෙක්, සභාපතිවරයෙක් විදියට ඒ වගේම, ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් විදියට රාජපක්ෂලා ගැනත්, ඒ රජයේ වැඩපිළිවෙළ ගැනත් අපි ජනතාවට තේරුම් කර දුන්නා. ඒ අපි ඇහැට දැකල, කනට ඇහිලා, ඇඟට දැනිලා, ස්පර්ශ වෙලා තිබුණ නිසා. ඒ බව පසුගිය ජනාධිපතිවරණයේදීත්, මහ මැතිවරණයේදීත් හඬනගා ජනතාවට කිව්වා, රාජපක්ෂවරුන්ගෙ වත ගොත ගැන. නමුත් හැටනම ලක්ෂය ගණන් ගත්තේ නැහැ. ඔවුන් ඉතාම අන්ධ භක්තික බුද්ධාගමත්, සිංහල ජාතියත් පෙරටු කරගෙන මිත්‍යාව බොරුව, වපුරවමින් බලය ගත්තා. ඒකට හැටනම ලක්ෂය වගකිව යුතුයි.

දිවුරුම් දුන්නේ රුවන්වැලි මහා සෑය අසල. ඉතිහාසයේ කවදාවත් එම ස්ථානයේ හූ කියලා නැහැ. පූජනීය ස්ථානයක්. හූවෙන් පටන් ගත්තේ. හූවෙන් තමයි ඉවර වෙන්නෙත්. අද අපි ඩොලර් ට්‍රිලියන දොළහයි දශම හයක්, ඒ කියන්නේ කෝටි ලක්ෂයක් ණය ගෙවන්න තියෙනවා. ජනගහනයෙන් එක් අයෙක් ලක්ෂ පහක් ණය වෙලා තිබෙනවා. දෛනික ආදායම සහ වියදම අතර පරතරය මිලියන දෙසීයක් තියෙනවා. ඒකයි රටේ තත්වය. මේ ආණ්ඩුව ජනතාව කාලකන්නි ස්වභාවයකට ඇද දාලා. රාජ්‍ය සේවය කාලකන්නි ස්වභාවයකට ඇද දාලා. කාලය විනාශ වෙනවා. මිනිස්සුන්ට සැමන් ටින් එක ගන්න පෝළිමේ ඉන්න වෙනවා. හෙට අනිද්දා පාන් ගෙඩිය ගන්න පෝළිමේ ඉන්න වෙනවා. තෙල් ගන්නත් පෝළිමේ ඉන්නවා. අද එක පැත්තකින් පොහොර ටික ගන්න පෝළිමේ ඉන්න වෙලා තියෙනවා. කාබනික පොහොර කියලා ලොකු මිත්‍යාවක් රට තුළ තිබෙනවා. එය කැලණියේ නාගයා වගේ. කාබනික ගොවිතැන කිව්වම මහින්දානන්ද හිතනවා ගොම ටිකක් දැම්මම හරි කියලා. ඒවා සාර්ථක නැහැ. එහි ප්‍රතිඵල සියයට දෙකක්වත් නැහැ. ඒ තරම්ම මන්දගාමීයි. හේතුව පාංශු ඛාදනය වෙලා පස් තට්ටු නැවත යාවත්කාලීන කරන්න අවශ්‍යයි. එය පහසු ක්‍රියාවලියක් නොවෙයි. වසර විස්සක විතර ක්‍රියාවක්. අපිට සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තයක් තිබෙනවා. එය ඉහළ තැනක තිබුණා.

පුවත්පතක සඳහන් වෙනවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පින්තූරයත් සමග, ජනපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජිතයන් අතර තිබූ සාකච්ඡාව සාර්ථකයි කියලා. අපිට සන්තෝෂයි සාර්ථක නම්. හැබැයි තවත් පත්තරේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවේ ප්‍රධාන පක්ෂය ලෙස සිතීම වැරැද්දක් කියල සාගර කාරියවසම් කියා තිබෙනවා. එක පැත්තකින් කුඩම්මගෙ සැළකිලි. අනිත් පැත්තෙන් අපට පේනවා ජනාධිපති සමග එක මග යනවා. බැසිල් තව මගක යනවා. පළමුවෙන්ම හිතුවා මහින්ද රාජපක්ෂ තමයි මේ රට බේරගන්න ගොඩදාන්නෙ කියලා. ඒක අසමත් උණා. මහින්ද මහත්තයා ජනෙල් එල්ලිලා. බැසිල් රට ගියා. මහින්ද ගෙදර ගියා. ශ්‍රී ලංකා කාරයින්ට රෙද්දෙ ගියා. බැසිල් ගියේ පරාජය පිළිඅරගෙන. ආර්ථික සංවර්ධන ඇමැතිවරයා විදියට සියලු සංවර්ධන කටයුතු හැමෝගෙම අමාත්‍යාංශය ඇඟිලි ගහලා, ව්‍යාපෘතිවලට ඇඟිලි ගහලා ඔක්කොම සල්ලි ටික ඇදලා ගත්තා එක තැනකට. මම වනජීවී ඇමැති. වාහන ගේන්න කැබිනට් පත්‍රිකාව දාන්නෙ මම. වාහන ඕඩර් කරන්නෙ, ගේන්නේ බැසිල් මහත්තයා, ආර්ථික සංවර්ධන ඇමැති. ඒක තමයි කළේ. අද කෙරෙන්නෙත් ඒ ටිකම තමයි. එහෙම ගියපු බැසිල් නැවත ලංකාවට ඇවිල්ලා. දැන් ඔහු වීරයෙක් හැටියට පොහොට්ටු කට්ටිය බොහොම ආසාවෙන් පිළිගත්ත. හැබැයි ඉතින් කරපු දෙයක් නැහැ. විසිල් විතරයි බල්ටි නැහැ.”

නයන තරංග ගමගේ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කාබනික පොහොරත් හරියට කැලණියේ නාගයා වගේ...හූවෙන් පටන් අරන් හූවෙන් තමයි ඉවර වෙන්නෙත් - අප්පච්චි මළා කියපු සැර කතාව
කාබනික පොහොරත් හරියට කැලණියේ නාගයා වගේ...හූවෙන් පටන් අරන් හූවෙන් තමයි ඉවර වෙන්නෙත් - අප්පච්චි මළා කියපු සැර කතාව
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgUlyLyTsUJpNRcJQr6pjXDmA5_VLk6Bo1kdWa9oAU5-ybyf0EBNov4Mv0rI86-PGJ6e-4Ijz0wSBOKmTLvs8-S6Y2V9Sa-3j5ldxOarv5w6rUhRQvG5hzI5odupP-LxSnY7GfSoCGa10I/s320/Vijith-Vijayamuni-zoysa.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgUlyLyTsUJpNRcJQr6pjXDmA5_VLk6Bo1kdWa9oAU5-ybyf0EBNov4Mv0rI86-PGJ6e-4Ijz0wSBOKmTLvs8-S6Y2V9Sa-3j5ldxOarv5w6rUhRQvG5hzI5odupP-LxSnY7GfSoCGa10I/s72-c/Vijith-Vijayamuni-zoysa.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_972.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_972.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy