දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අනාගතේ ජනතාව කියාවි ගෝඨාභය ජනාධිපතිතුමාට පින්සිද්ධවෙන්න ජීවත්වෙලා ඉන්නේ කියලා - ජානක වක්කුඹුර
Homeප්‍රවෘත්ති

අනාගතේ ජනතාව කියාවි ගෝඨාභය ජනාධිපතිතුමාට පින්සිද්ධවෙන්න ජීවත්වෙලා ඉන්නේ කියලා - ජානක වක්කුඹුර

PropellerAds

‘පසුගිය දවස්වල අපි වෙනුවෙන් කතාකරන්න කොච්චර කට්ටිය හිටියද? මේ රටේ විතර පරිසර වේදියෝ කොහේවත් හිටියේ නැහැ. කොට ලොරියක් යනව දැක්කගමන් මේ අය ක...

දින 13කදී කොරෝනා මරණ 1,000ක්: අවසන් සතිය තුළ මියගිය ගණන 576ක් !
අම්මා කොරෝනාවෙන් මළ පුවත ඇසූ පුතා අඩි 60ක ළිඳට පැනලා!
ලාෆ් ගෑස් සමාගමට විරුද්ද නීතිය ක‍්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවේම පක්‍ෂ ආණ්ඩුවට කියයි
‘පසුගිය දවස්වල අපි වෙනුවෙන් කතාකරන්න කොච්චර කට්ටිය හිටියද? මේ රටේ විතර පරිසර වේදියෝ කොහේවත් හිටියේ නැහැ. කොට ලොරියක් යනව දැක්කගමන් මේ අය කලබල වෙනව. මේ අය කිව්වා ලෙඩේට බෙහෙත්දීල වැඩක් නැහැ කියල මූලාශ්‍රයට බෙහෙත් දෙන්න ඕන කිව්වා. වකුගඩු රෝගය හැදෙන්නේ කොහෙද එතනට බෙහෙත දෙන්න ඕන කිව්වා. දැන් එහෙම කිව්ව එක්කෙනෙක්වත් නැහැ. රසායනික පොහොර තහනම් කලා විතරයි දැන් ඔක්කොටම ඉන්නේ ගෝඨාභය ජනාධිපතිතුමා විතරයි’ යයි අපනයන ප්‍රවර්ධනරාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය.

අමාත්‍යවරයා මෙම අදහස් පල කර සිටියේ ඇඹිලිපිටිය නගරසභාවේ පැවැති කහපැල බෙදාදීමේ උත්සවයට සහභාගී වෙමිණි.

ඇඹිලිපිටිය නගරසභාවේ හා ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් හා වරියන් සදහා කහපැල 2500 බැගින් ජනතාව අතර බෙදාදීම සදහා අමාත්‍යවරයාගේ අතින් ලබාදෙන ලදී.

මෙම අවස්ථාව සදහා ඇඹිලිපිටිය නගරසභාවේ වැඩබලන සභාපති දිනේෂ් මධුසංක, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සුරන්ත වීරසිංහ හා මන්ත්‍රීවරුන් සහභාගී වී සිටින ලදී.

මෙහිදී වැඩිදුරටත් කතාකල රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා,

අපේ රටේ හැටියක් තමයි හොද වැඩක් පටන්ගත්තත් විරුද්දකාරයන් ගොඩක් ඉන්නවා. පාසල් දහසක් හදනවා කන්න්ගර යුගයට අපි ආපසු යනවා. මගේ ආසනේ අසල මතුගම තමයි කන්න්ගර මහත්තයා එතුමට මොකද වුනේ. එතුමා අධ්‍යාපනයේ පියා ගෙදර ගියා ගස්කපපු මිනිහා පාර්ලිමේන්තු ගියා. ඒ අපේ රටේ හැටි දැන් අධ්‍යාපනයේ පියා කන්න්ගර මහත්තය කියල ඒ ප්‍රතිපත්ති ගේනවා.

බණ්ඩාරනායක මැතිණිය එතුමිය මේ රටේ සෑම බිම් අගලක්ම වගා කලා. කොරෝනා වෙලාවේ එතුමියගේ ප්‍රතිපත්තිය හොදයි කියල සමාජ ජාලාවල පින්තූර දැම්මා. එහෙම තමයි අපි. ජනාධිපතිතුමා මේ ගත්ත තීන්දුව අනාගතයේදී දුරුවන් කියයි ගෝඨාභය ජනාධිපත්තුමාට පින්සිද්ධවෙන්න තමයි අපි ජීවත්වෙලා ඉන්නේ කියල. ‍නිරෝගීමත් මනුස්සයෙක් ඉන්න ඕන. ඉතින් අපිට ලොකු කාර්යභාරයක් තියනවා.

ඔබලා කිසි දෙයකට බයවෙන්න එපා අපි මේ වස කන වැඩේ නතර කරල මේකට මුහුණදීල මේකෙන් ජයගන්න ඕන. දැනුවත්කිරීමේ අඩුපාඩුවක් තියෙනවා. කෘෂි ක්ෂෙත්‍රයේ ඉන්න අය ගමේ යවන්න ඕන මේ වැඩේට.

අපේ සියයට අසූපහක් ඉන්නේ ගොවිතැන කරන අය.මේ ඇඹිලිපිටියේ. මේ අයට අපිට දෙන්න පුලුවන් ඕනතරම් දේ තියෙනවා. මේ කහ පැල වගේම අනෙකුත් ගොවිතැන් සදහා අවශ්‍ය සියලුම පැල අපි මුදල් අය කරගැනීමෙන් තොරව දෙනවා. වගා කරන්න පුලුවන් ප්‍රෙද්ශ වල අපනයන කලාප ඇති කරල වගාකරන්න පුලුවන් සෑම ඉඩමකමකමව වගා කරන්න පුලුවන් වැඩ පිළිවෙලක් අපි හදලයි තියෙන්නේ අපි වගාකරන්න පුලුවන් දේවල් පමණක් ඒ ඒ ප්‍රදේශවලට අපි ලබා දෙනවා.

අඹ වගා කරන්න පුලුවන් ප්‍රදේශවලට අපි අඹ ලබා දිය යුතුයි. එහෙම නැත්නම් ගම්මිරිස් දීල වැඩක් නැහැ. ඒ ඒ පැති වලට ආවේනික බෝගයන් වගා කරන්න ඕන.

අපි ගම්මිරිස් පැලටික කජු පැල ටික,කුරුදු පැලටික,කහ පැලටික දෙන්න බලාපොරොත්තු වෙනවා.මේ වෙලාවේ අපි ඔක්කොම එකතුවෙලා මේ ගොවියට යමක් ලබල දෙන්න ඕන. ජනාධිපතිතමාගේ බලාපොරොත්ත තියෙන්නේ ගොවියා ශක්තිමත් කරන්න. අපේ රජයේ ප්‍රතිපත්තිය තමයි ගොවිතැනට මුල්තැන දෙනන. අපි හැම වෙලාවෙම ගොවිජනතාවට සහන ලබාදෙනව වගේම උපදින දරුවන්ටත් එක්කයි මේ වැඩ කරන්නේ.

දැන් වකුගඩු රෝගීන් පිලිකා හැදුනු රෝගීන් කොපමන ඉන්නවද? මේ අයට සහනයක් දෙන්න ඉපදෙන්න ඉන්න දරුවෙකුට හරි නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න අවස්ථාවක් දෙන්නයි මේ හදන්නේ. අපි මලගෙවල් 10ක ගියොත් නවයකම යන්නේ වකුගඩු හෝ පිළිකා හැදිල මැරුණ ගෙවල් වල.

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනාගතේ ජනතාව කියාවි ගෝඨාභය ජනාධිපතිතුමාට පින්සිද්ධවෙන්න ජීවත්වෙලා ඉන්නේ කියලා - ජානක වක්කුඹුර
අනාගතේ ජනතාව කියාවි ගෝඨාභය ජනාධිපතිතුමාට පින්සිද්ධවෙන්න ජීවත්වෙලා ඉන්නේ කියලා - ජානක වක්කුඹුර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhp3-r1M_ofIDhmLCJ1r6g84lQL9QZs86LbBPR4wg1qs-WAvKfxqDXq-8t4qhxAXf78AgjBtUg6dcEgInalB-P2ZhiUReaNmmvK6l-W2rXqsRsnLYWGKGM-DzPgIrvStoRcqDE5cSn9N7A/s320/wakkubura.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhp3-r1M_ofIDhmLCJ1r6g84lQL9QZs86LbBPR4wg1qs-WAvKfxqDXq-8t4qhxAXf78AgjBtUg6dcEgInalB-P2ZhiUReaNmmvK6l-W2rXqsRsnLYWGKGM-DzPgIrvStoRcqDE5cSn9N7A/s72-c/wakkubura.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_855.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_855.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy