දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මම කවදාවත් වැරැද්දක් කරලා නෑ! හිරෙන් එළියට ආපු ශානි පළමුවරට මාධ්‍යයට රහස් හෙළිකරයි!
Homeප්‍රවෘත්ති

මම කවදාවත් වැරැද්දක් කරලා නෑ! හිරෙන් එළියට ආපු ශානි පළමුවරට මාධ්‍යයට රහස් හෙළිකරයි!

PropellerAds

කෙනකු පාවිච්චි කරන සෙරෙප්පුවක ප්‍රමාණය අනුව ඔහුගේ උස තීරණය කරන්න පුළුවන්. ගෙවී තියෙන හැටියෙන් බර ප්‍රමාණයත් ගමන් කරන විලාසයත් අනුමාන කරන්න...

ත්‍රස්ත චෝදනා මත ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික තරුණයාගේ චෝදනා ඉවතට
වැව් මාළුවාත් ටින්කර යුරෝපයට යවයි
වසර 50ක් තිස්සේ තවමත් දැවෙනා අභිරහස් දොරටුව
කෙනකු පාවිච්චි කරන සෙරෙප්පුවක ප්‍රමාණය අනුව ඔහුගේ උස තීරණය කරන්න පුළුවන්. ගෙවී තියෙන හැටියෙන් බර ප්‍රමාණයත් ගමන් කරන විලාසයත් අනුමාන කරන්න පුළුවන්. සිරුරේ ස්නායු පද්ධතියේ කිසියම් ආබාධයක් ඇත්නම් එය පාවලට (කකුල්) බලපෑ හැකියි. එය නොණ්ඩියක් බකලයක් ඇති විය හැකියි. ඔහු පාවිච්ච් කරන පාවහන්වලින් ඒ බව කිව හැකියි.

පාවහන්වල තැවරිලා තියෙන්නේ වැලිද? පස්ද? මඩද? යන්න ගැන අධ්‍යයනය යොමු කළහොත් ඔහුගේ ගමන් මඟ ගැන කිව හැකියි.

ඉංගිරිසි සාහිත්‍යයේ දක්‍ෂතම රහස් පරීක්‍ෂකවරයා ලෙසට සැලකෙන ෂර්ලොක් හොල්ම්ස් රහස් පරීක්‍ෂකවරුන් සඳහා වූ පුහුණු වැඩමුළුවකදී එසේ ප්‍රකාශ කළේය.

ඒ වගේම දුම්වැටියක අළු ටිකක් තිබුණොත් ඒ උරන තැනැත්තාගේ සමාජ තරාතිරම නිර්ණය කළ හැකියි. බීඩියක අළු නම් ඒ තැනැත්තා එතරම් ආර්ථික වශයෙන් ශක්තියක් නැති සමාජයේ පහළ මට්ටමක කෙනෙක්. මිල අධික දුම්වැටියක් නම් ඔහුගේ සමාජ පදනම ගැන සිතාගත හැකියි.

බොහෝ දෙනා අවධානය යොමු නොකරන පුංචි දේවල් කෙරෙහි සැලකිල්ල යොමුකළ කල්හි මහා පරිමාණයේ සොරකම් මිනිස් ඝාතන ආදියට සම්බන්ධ අපාරධකරුවන් කොටුකරගැනීම එතරම් දුෂ්කර නොවන බව පැහැදිලි කරමින් එංගලන්තයේ මහා රහස් පරීක්‍ෂක ෂර්ලොක් හොල්ම්ස් එසේ සිය දේශනය කෙළේය.

ඔහු එංගලන්තයේය. ශ්‍රී ලංකාවේද ඔන්න ඔය කියන ජාතියේ හපන්කම් දැක්වූ කෙනකු සිටියි. ඒ, පොලිස් දෙපාර්තමේන්තුවේය. පොලිස් දෙපාර්තමේන්තුවේ පමණක් නොව ඔහු සාමාන්‍ය මහජනයා අතරද ප්‍රසිද්ධව සිටියේ “ෂර්ලොක් හොල්ම්ස්” නමින් වුවත් රාජකාරියේත් උප්පැන්නයේත් සඳහන්ව ඇත්තේ “ශානි අබේසේකර” ලෙසිනි.
ශානි අබේසේකරට ෂර්ලොක් හොල්ම්ස් යන නම පටබැඳීමට හේතු කීපයක් තිබිණි. පළමුවැන්න සියුම් ඉවක් තිබීමය. දෙවැන්න රාජ්‍ය සේවයේ වැඩි දෙනකුට නැති නොපිටට නොනැමෙන කොන්දක් තිබීමය.

පොලිස් දෙපාර්තමේන්තුවේ “තරු ඔටුනු” පැලඳීමට නම් “ඌරු කටකුයි – බූරු පිටකුයි” තිබිය යුතු යැයි මතයක්ද සමාජගතවී තිබිණි. ඌරු කට අහුවුණු දේ බුදීමටය. බූරු පිට කොච්චර ගැහුවත් ගානක් නැතිව සිටීමටය. එහෙත් ශානි අබේසේකරට ඔය දෙකම නොවීමද තවත් හේතුවක් විය.

පොලිසියේ ලොක්කෝ සිටිති. පොඩ්ඩෝද සිටිති. ලොක්කෝත් පොඩ්ඩෝත් යන දෙපාර්ශ්වයමද එකට සිටිති. ශානි අබේසේකර ලොක්කන් අතර ලොක්කෙක් වූවේය. පොඩ්ඩන් අතර පොඩ්ඩෙක් වූවේය. ඔහු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති වශයෙන් සිටියදී ඒ බව සනාථ කර පෙන්වනු දුටිම්හ. ඔහු ජරාව ගන්නකු වූවේ නම් ඒ ප්‍රදේශයේ කුඩු මුදලාලිලා කරනකොටගෙන ඔහුට තට්ටු පිට තට්ටු ගෙවල් ඉදිකර ගන්නකු වන්නට තිබිණි.

අර නොනැමෙන “වානේ” කොඳු නාරටිය පණපෙවී තිබුණේ ජරාවට දේශපාලනයට යට නොවී කෙළින් වැඩ කළ නිසාවෙනි.

වරෙක අනුරුද්ධ රත්වත්තේ ආරක්‍ෂක ඇමැති ධුරයේ රාජකාරි කරද්දී පැවැති පාර්ලිමේන්තු මැතිවරණ දිනයකදී උඩතලවින්න ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියකදී මුස්ලිම් තරුණයෝ සයදෙනකු මියගියහ. වර්තමානයේ රාජ්‍ය ඇමැතිවරයකු වන ලොහාන් රත්වත්තේද අදාළ සිද්ධියේ සැකකරුවකු වශයෙන් අත්අඩංගුවට පත් වූවේය.
සිද්ධියේ තවත් සැකකරුවකු වූ එවකට ආරක්‍ෂක ඇමැති අනුරුද්ධ රත්වත්තේ අත්අඩංගුවට ගැනීමට නෙනකු සිටියේ නැත.
ශානි අබේසේකර ඒ රාජකාරිය කෙළේය.

ජාත්‍යන්තර රගර් ක්‍රීඩක තාජුදීන්ගේ මරණය වාහන අනතුරකින් සිදුවූවක් බවට තීන්දු වී අවසන් වීමට තිබුණේය. එහෙත් එහි වැළගිය මුලගිය තැන් අනාවරණ කළේ ශානි අබේසේකරය.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් බලප්‍රදේශයේ දෙදහස් එකොළහ වසරේදී පොලිස් වෙඩිතැබීමකින් සාමාන්‍ය වැසියෙක් මියගියේය.“නම්දරා” සිටි හෙතෙම කළු අජිත් නම් වූවේය. එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු වූ පාලිත සිරිවර්ධන යන අයගේ නමද ඊට ඈඳී තිබිණි. ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ කොස්තාපල්වරුන් හත්දෙනකු අත්අඩංගුවට ගැනිණි. පරීක්‍ෂණය පැවැත්වූවේ ශානි අබේසේකරය.

ජනාධිපති සමාව ලබමින් පසුගියදා එළියට ආ දුමින්ද සිල්වාට ඇතුළට යන්නට හේතුභූත වූ භාරත ලක්‍ෂ්මන් ඝාතනයේ පරීක්‍ෂණය පැවැත්වූවේ ශානි අබේසේකරය.

ඔය අන්දමේ රාජකාරි කළ පොලිස් දෙපාර්තමේන්තුවේ ෂර්ලොක් හොල්ම්ස්, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන වාස් ගුණවර්ධනද, ඔහුගේ පුත්‍රයාද, තවත් පොලිස් නිලධාරීන් සතරදෙනකුද කොන්ත්‍රාත්කාර ඝාතනයකට සම්බන්ධ කර බොරු නඩුවකට පැටලවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබිණි.

පුරා අවුරුදු 34ක කාලයක් තුළ ශානි අබේසේකර රාජකාරි වශයෙන් අතගසා ඇත්තේ ඉතා බරපතළ කාර්යභාරයන්ට බව මේ අනුව පැහැදිලිය. ඉන් බොහොමයක් මානව අයිතිවාසිකම් උල්ලංඝන සම්බන්ධව හා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම් සම්බන්ධයෙනි. ඒ සියලු සංසිද්ධීන්වලට ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ද, පොලිසියේ සහ හමුදාවේ උසස් නිලධාරීන්ද කවර ආකාරයකින් හෝ ඈඳී සිටින බව අනාවරණ වී ඇත.

අත්අඩංගුවට පත් ශානි අfබේසේකරගෙන් කටඋත්තර ගත් උසස් පොලිස් නිලධාරියකු ඔහුට (ශානි අබේසේකරට) මරණ තර්ජන කරනු ලැබ ඇති බවද කියැවේ. මරණ තර්ජනයට දඬුවම බරපතල වැඩ ඇතිව පස් අවුරුදු සිර දඬුවමකි.
චූදිත ශානි අබේසේකර දස මසකටත් වැඩි රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ කාලයකින් පසුව පසුගිය සතියේ ඇප මත මුදාහැරිණි.

ඇප මත මුදාහැරීමේ සිද්ධියට ශ්‍රී ලංකාවට එරෙහිව පසුගිය ජූනි දහවැනිදා යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණු යෝජනාවද තදින්ම බලපෑ බැව් පසක් වේ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරී ඇති අතර චෝදනා ඇත්නම් ඒ යටතේ නඩු විභාග කරන ලෙසටද, නොඑසේ නම් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසටද ආණ්ඩුවට නිර්දේශ කර තිබේ.

අපේ භාණ්ඩ යුරෝපා වෙළෙඳපොළට තාවකාලිකව නොගැනීමට යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් හත්සිය පහෙන් හයසිය විසිඅටක්ම යෝජනාවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

“මම මගේ රාජකාරි කාලය තුළ අවංකවම රාජකාරි කළා. මම කිසිම දවසක කිසිම වැරැද්දක් කරල නෑ. කවුරු හරි තමන්ගේ හෘද සාක්‍ෂියට එකඟව කටයුතු කරල තියෙනවා නම් කිසිම දේකට බයවෙන්න ඕනෑ නෑ. කවුරු හරි වැරැද්දක් කරල තියනවනං විතරයි බය වෙන්න ඕනැ. බුදු බණේ පෙන්වා දී ඇති අන්දමට වැරැද්දට දඬවම් ලැබෙන්නත් ඕනෑ.
මට බය වෙන්න ඕන නෑ. මම වැරැද්දක් කරල නැති නිසා. සත්‍ය මේව ජයතේ (සත්‍ය ජයගනී) එච්චරයි මට කියන්න තියෙන්නෙ. මම කිසිම කෙනකුට වෛර කරන්නෙත් නෑ. ද්වේශ කරන්නෙත් නෑ. මම හොඳ බෞද්ධයකු නිසා. ඒත් මට කනගාටුව මා මගේ දරුවන්ගෙනුත් පවුලේ සාමාජිකයන්ගෙනුත් වෙන්කර තැබීම ගැනයි.”ඔහු පැවැසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රාජකාරි භාරගත් 2019 නොවැම්බර් මාසයෙන් පසුව ශානි අබේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ පෞද්ගලික සහකාර තනතුරට යොදවනු ලැබිණි.

රන්ජන් රාමනායක සමග ශානි අබේසේකර 2020 ජනවාරි මාසයේ පැවැත්වූ බව කියන දුරකතන සංවාදයක් සමාජ මාධ්‍ය ඔස්සේ වෛරස් වසංගතයක් මෙන් පැතිර ගියේය. එම සංවාදයේදී පොලිස් දෙපාර්තමේන්තුව අවමානයට පත්වන අන්දමේ ප්‍රකාශයක් ශානි අබේසේකරගෙන් කෙරුණු බව කියන චෝදනාව යටතේ ඔහුගේ වැඩ තහනමට ලක් කෙරුණි.

රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටි සමයේ දෙවරක් හෘදයාබාධ ඇතුළුව තවත් රෝගාබාධ කීපයකින් පෙලුණද ඔහුගේ මුහුණින් ශාන්ත බවක් සහ තිරසාර බවක් දක්නට ලැබිණි.

ව්‍යාපාරික මොහමඩ් ෂියාම් ඝාතනය කරන ලදැයි කියන ගිනි අවිය එදින රාත්‍රියේ තමා උසස් නිලධාරියාගේ වාහනයට පැටවූ බවට උසස් පොලිස් නිලධාරියාගේ (වාස් ගුණවර්ධනගේ) නිවෙසේ රාජකාරි කළ නිලධාරියකු සාක්‍ෂි වශයෙන් ප්‍රකාශ කර ඇත.

ශානි අබේසේකරට අභියාචනාධිකරණය පසුගිය ජූනි 16 දින ඇප නියම කිරීමට පෙර ප්‍රකාශ කර ඇත්තේ නඩු නිමිත්ත ව්‍යාජ අන්දමින් නිර්මාණය කළ එකක් බවය.

“විශ්වසනීය සාක්‍ෂි අධිකරණයේ අවධානයට යොමුකර නැහැ” විනිසුරුවරුන් වන බන්දුල කරුණාරත්න සහ රත්නප්‍රිය ගුරුසිංහ දෙදෙනා ප්‍රකාශ කර ඇත්තාහ.

“අපේ අධිකරණය සහ නීතිය කොපමන ස්වාධීනද, අපේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කොපමණ ශක්තිමත්ද යන්න අපට පැහැදලිවම පෙන්වා දෙන්න පුළුවන්, අපේ අධිකරණය කටයුතු කළ ආකාරය මට මහත් අභිමානයක්” යැයි ඇප නියම කිරීම සම්බන්ධයෙන් අධිකරණ ඇමැති අලි සබි්‍ර කීවේය.

“ෂානි අබේසේකරට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා ව්‍යාජ ඒවා බවට ගරු අධිකරණය ප්‍රකාශ කර තිබෙනවා. මේ පිළිබඳ ඔබ කියන්නේ කුමක්දැ”යි ඇසූ විට අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශ කළේ, “ඒ කරුණු සැලකිල්ලට ගත යුත්තේ පොලිසියයි. මම පොලිසිය පවත්වන්නේ නෑ” යන්නය. “ඒ ප්‍රකාශ සම්බන්ධව සනාථ කළ හැකි කරුණු ඇත්නම් පරීක්‍ෂණ ආරම්භ කළ යුතුයි” ඇමැතිවරයා වැඩිදුරටත් කිවේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ “අභියාචනාධිකරණයේ නියෝගයට ගරු කරනවා. ඒ සඳහා නිර්දේශ හා මාර්ගෝපදේශ ඇත්නම් ඒ අනුව කටයුතු කරනවා” යන්නය.

නීති විරෝධී අන්දමින් තමන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශානි අබේසේකර උපරිමාධිකරණයේ නඩු දෙකක් ගොනුකර ඇත්තේය. කොරා්නා වසංගතය එහි කටයුතුවලට බාධාවක් වී ඇති සැටියකි.

චන්ද්‍රසේන මාරසිං


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මම කවදාවත් වැරැද්දක් කරලා නෑ! හිරෙන් එළියට ආපු ශානි පළමුවරට මාධ්‍යයට රහස් හෙළිකරයි!
මම කවදාවත් වැරැද්දක් කරලා නෑ! හිරෙන් එළියට ආපු ශානි පළමුවරට මාධ්‍යයට රහස් හෙළිකරයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtFP8NWqX4ZILSYCYBaQRa5o7HWB_8yues4Rx9heRoTR-hUZH3v3_r6CzfaiPHMmYzDGFr7nU0DiZAnnZUTQgTowfsg1Q4RRJkTxacm7myySJtav3CUN7h0gL4-TmMsQJLixt-ulPW5ec/s320/shani-abeysekara.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtFP8NWqX4ZILSYCYBaQRa5o7HWB_8yues4Rx9heRoTR-hUZH3v3_r6CzfaiPHMmYzDGFr7nU0DiZAnnZUTQgTowfsg1Q4RRJkTxacm7myySJtav3CUN7h0gL4-TmMsQJLixt-ulPW5ec/s72-c/shani-abeysekara.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_760.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_760.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy