දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉන්ධන හිඟයක් ඇතිවීම වලක්වන්න බැරි වුණොත් මාධ්‍ය හමුවක් පවත්වලා රටට කියනවා…- ගම්මන්පිල
Homeප්‍රවෘත්ති

ඉන්ධන හිඟයක් ඇතිවීම වලක්වන්න බැරි වුණොත් මාධ්‍ය හමුවක් පවත්වලා රටට කියනවා…- ගම්මන්පිල

PropellerAds

විදේශ විනිමය නොමැති බැවින් තෙල් බෑමට පැමිණි නැවක් හරවා ගෙන ගිය බවට ඇතැම් වෙබ් අඩවි පළ කර ඇති පුවත් වල කිසිදු සත්‍ය තාවයක් නොමැති බව බලශක්ත...

sajith premadasa
ජනාධිපති ගෝඨාභයට සුභපතන්න ඇමති කිරිඇල්ල එක්වෙයි !
සජිත් සුලග අවසන්.. ගම්පහ 325000කින්, කොළඹ 175000කින්, ගාල්ල 248000කින්, මාතර 225000කින් ගෝටා දිනුම්
විදේශ විනිමය නොමැති බැවින් තෙල් බෑමට පැමිණි නැවක් හරවා ගෙන ගිය බවට ඇතැම් වෙබ් අඩවි පළ කර ඇති පුවත් වල කිසිදු සත්‍ය තාවයක් නොමැති බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් හා එක්වෙමිනි.

වාහන සඳහා භාවිතා කරන පෙට්‍රල් සහ ඩීසල් සඳහා විදේශීය සැපයුම්කරුවන්ට ගෙවීමට විදේශ විනිමය නොමැති බැවින් තෙල් බෑමට පැමිණි නැවක් හරවා ගෙන ගිය බවට අසත්‍ය පුවතක් පසුගිය දිනවල වෙබ් අඩවි වාර්තා කර තිබුණා. ඒ වගේම විපක්ෂයේ දේශපාලකයින් ද මාධ්‍ය හමු පවත්වමින් මේ බොරුව වපුරමින් සිටිනවා. එසේ නැවක් හරවා ගෙන ගියා නම් ඒ කුමන සමාගමක තෙල් රැගෙන පැමිණි නැවක් ද සහ ඒ නැවේ නම කුමක්ද යන කරුණු රටට හෙලි කරන මෙන් අපි බොරු වපුරන දේශපාලකයින්ගෙන් ඉල්ලා සිටිනවා. එසේ තෙල් බෑමට පැමිණි නැවක් හරවා ගෙන ගියා දැයි වරායෙන් විමසන ලෙස අපි මාධ්‍ය වලින් ඉල්ලා සිටිනවා.

මේ බොරුවේ දෙවන අදියර දැන් ක්‍රියාත්මකයි. ආණ්ඩුවට තෙල් මිල දී ගැනීමට මුදල් නොමැති නිසා නුදුරු දිනක තෙල් හිඟයක් ඇති විය හැකි බැවින් වගේම ආණ්ඩුව සලාක ක්‍රමයකට තෙල් ලබා දීමට සැලසුම් කරන බැවින් වහාම වාහන වලට තෙල් පුරවා ගන්නා ලෙසත් බැරල් සහ කෑන් භාවිතා කර හැකි පමණ තෙල් ගබඩා කර ගන්නා ලෙසත් වූ පණිවිඩ සමාජජාලා වලට එක් කරමින් තිබෙනවා.

ඛනිජතෙල් ගබඩා පර්යන්ත සමාගම, තෙල් සංස්ථාව සහ එල්අයිඕසී සමාගම යන ආයතන තුනම ගත්තාම දින 27 ට ප්‍රමාණවත් පෙට්‍රල් ද දින 24කට ප්‍රමාණවත් ඩීසල් ද අප සතුව තිබෙනවා. අද දිනයේ ගොඩ බාන නැවෙන් එකතු වන ඩීසල් මෙට්‍රික් ටොන් 35,000ක් ඊට අයත්.

රට සතුව ඇති තරමට තෙල් තිබිය දී මෙවැනි කටකතා පතුරන්නේ ජනතාවත් ආණ්ඩුවත් අපහසුතාවයට පත් කිරීමේ දුෂ්ට චේතනාවෙන්. අපි කවදාවත් ජනතාවට බොරුවක් කියලා නෑ. කෙතරම් තිත්ත වුණත් තිත්ත ඇත්ත ජනතාවට කියන්න අපි පැකිලුනේ නෑ. ඉතිහාසයේ ප්‍රථම වරට බලශක්ති ඇමතිවරයෙකු මාධ්‍ය ඉදිරියට පැමිණ තෙල් මිල ඉහල දමන බව ජූනි 11දා ප්‍රකාශ කලා. ජූනි 13දා ඉන්ධන මිල ඉහළ දැම්මේ රට විදේශ විනිමය අර්බූදයක සිර වී සිටින නිසා බව ප්‍රකාශ කලා. විදේශ විනිමය අර්බූදය මුලින්ම රටට කිව්වෙත් අපි.

අපේ වෑයම රටේ ඉන්ධන හිඟයක් ඇති වීම වැලැක්වීමයි. අපිට ඉන්ධන හිඟයක් ඇතිවීම මගහැරීමට බැරි වුණොත් කටකතාකාරයින්ට ප්‍රථම අපි මේ වගේ මාධ්‍ය හමුවක් පවත්වලා රටට කියනවා කියලා අපි ජනතාවට පොරොන්දු වෙනවා.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉන්ධන හිඟයක් ඇතිවීම වලක්වන්න බැරි වුණොත් මාධ්‍ය හමුවක් පවත්වලා රටට කියනවා…- ගම්මන්පිල
ඉන්ධන හිඟයක් ඇතිවීම වලක්වන්න බැරි වුණොත් මාධ්‍ය හමුවක් පවත්වලා රටට කියනවා…- ගම්මන්පිල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYOlSVBz3vU7G7Bec21p7-rcKuUZTinkc15bvGQJAeF8wXZNFObu1uRfzbS31ebkncA-NPPBBjCGnI5AvB4s1P9malUIe3ucrfDnu4bl2c9kqau8cgH29PRj_V1nvn4p-rJTsytXy49oU/s320/gamma.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYOlSVBz3vU7G7Bec21p7-rcKuUZTinkc15bvGQJAeF8wXZNFObu1uRfzbS31ebkncA-NPPBBjCGnI5AvB4s1P9malUIe3ucrfDnu4bl2c9kqau8cgH29PRj_V1nvn4p-rJTsytXy49oU/s72-c/gamma.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_188.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_188.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy