රටේ පවතින ඇත්ත තත්ත්වය වන්නේ රට තුළ ඩොලර් නොමැතිකම බවත් ආනයන සීමා කර ඇත්තේ එම හේතුවෙන් බවත් රජය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. තෙල...
රටේ පවතින ඇත්ත තත්ත්වය වන්නේ රට තුළ ඩොලර් නොමැතිකම බවත් ආනයන සීමා කර ඇත්තේ එම හේතුවෙන් බවත් රජය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
තෙල් සඳහා යන ආනයන වියදම් අඩුකර ගැනීම සඳහා ගත් පියවරක් ලෙස ඉන්ධන මිල ඉහළ දමා ඇති අතර එය කැබිනට් මණ්ඩලය සාකච්ජා කර ගත් තීරණයක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
අවසාන වශයෙන් ලංකාවේ තෙල් මිල වැඩි කිරීම හෝ අඩු කිරීම සඳහා බලය ඇත්තේ මුදල් අමාත්‍යාංශයට බවද හෙතෙම කියා සිටියි.
''අද තෙල් සංස්ථාව සහ විදුලි බල මණ්ඩලය විශාල ණය අර්බුදයක ඉන්නේ. මෙය කැබිනට් මණ්ඩලය ගත්ත තීන්දුවක්. මේක අමාරු වැඩක්. තෙල් මිල රු.20කින් වගේ වැඩි කරනවා කියන්නේ විශාල අර්බුදයක් රට ඇතුළේ එනවා. වැඩි කිරීම ගැන අපෙත් විරෝධයක් තිබෙනවා. නමුත් රටක් විදිහට අපිට දැන් මුහුණ දෙන්න සිද්ධවෙලා තිබෙනවා. ඒ වගේම රටේ ඩොලර් නැතිවීම තුළ විශාල ආර්ථික අර්බුදයක ඉන්නේ. එවන් අවස්ථාවක කැබිනට් මණ්ඩලය ගන්න තීරණයට සාමූහිකව සියලු දෙනා බැඳිලා ඉන්නවා. ගම්මන්පිල ඇමතිතුමා විතරක් අල්ලලා එතුමාට පහර ගහලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. එහෙම නම් ලංකාවේ පොහොර අර්බුදයක් තියෙනවා. ඒකට එහෙම නම් මහින්දානන්ද ඇමැතිතුමාත් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරපු ජනාධිපතිතුමත් වගකියන්න ඕනේ. එහෙම ගත්තොත් ඇමතිවරු හැමකෙනාටම ගෙදර යන්න වෙනවා.''
එම නිසා තත්ත්වය නිවැරදිව තේරුම් ගෙන ආණ්ඩුවත් නිවැරදි මාර්ගයේ ගෙන යාම කළ යුතුවන බවයි දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

COMMENTS