බැසිල් රාජපක්ෂ මහතාගේ ආගමන සමග පක්ෂය තුල ඇති සියලු ප්‍රශ්න ගැටලු නිරාකරණය වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා සඳහන් කරයි...
බැසිල් රාජපක්ෂ මහතාගේ ආගමන සමග පක්ෂය තුල ඇති සියලු ප්‍රශ්න ගැටලු නිරාකරණය වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා සඳහන් කරයි.
සියලු අභියෝග ජයගෙන කොරෝනා වසංගතය අස්සේ ජනතාවද රැකගෙන රට ගොඩනගන වැඩපිළිවෙළක් රජය ඉදිරියට ගෙන යන බව ද ඔහු පැවසීය.
පුද්ගලික සංචාරයක් සදහා විදේශ ගත වූ බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවද පැවසූ ඔහු බැසිල් රාජපක්ෂ මහතා කෙටි කාලයක් තුළ පොදු ජන පෙරමුණ නිර්මාණය කර මැතිවරණ ජයග්‍රහණයන් වලදීද දැවැන්ත ශක්තියක් වූ බවද කියා සිටියේය.
බැසිල් රාජපක්ෂ මහතාගේ ආගමනයත් සමඟ සියලු ප්‍රශ්න විසදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්නාට පසු ස්වර්ණමය යුගයක් ඇති වන බවත් එය විපක්ෂයට දරා ගැනීමට බැරිව දැන් මඩ ගසමින් ඇවිද බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

COMMENTS