බාඳුරා මලට වැටුණු කෝඳුරුවෝ වගේ යැයි එක්සත් ජාතික පෙරමුණ සමඟ එකතු වූ විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි. ඒ ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රක...
බාඳුරා මලට වැටුණු කෝඳුරුවෝ වගේ යැයි එක්සත් ජාතික පෙරමුණ සමඟ එකතු වූ විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.
ඒ ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"දේශපාලන අර්බුදය හැම කෙනෙකුටම දැනෙනවා. බදු වශයෙන් ඔවුන්ගේ කරට බර වෙලා ඉවරයි. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ලෙස අපිට ලොකු වගකීමක් තිබෙනවා. කුඩා පක්ෂ හැසිරුණ ආකාරය ගැන අපි අගයක් එකතු කළ යුතුයි. අපේ පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අනුශාසක මහින්ද රාජපක්ෂ මහතා සමග කටයුතු කිරිමේ බාධාවක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් අපිට ලොකු වගකීමක් තිබෙනවා. අපි බාඳුරා මලට වැටුණු කෝඳුරුවෝ වගේ. අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ලෙස අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා තිබෙනවා. මම උපතින්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. මම 1979 අවිස්සාවෙලල නගර සභාවට ඉල්ලුවේ අපේක්ෂකයෝ නැති කාලේ. කිසිම නායකයෙක් ඇවිත් අපට ඡන්දය දෙන්න කිව්වේ නෑ. ප්‍රජාඅයිතිය නැති සිරිමා මැතිණිය අමැති කරන්න කටයුතු කළා. චන්ද්‍රිකා මැතිණිය ජනපති කරන්න කටයුතු කළා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ හිටියා. දුව යනකොට පුතා යනකොට අපි හිටියා. රංජිත් මද්දුම බණ්ඩාරයි මමයි නයන් පොළගයි වගේ. අද මේ නයාටයි පොළගටයි වාඩි වෙන්න වුණා. ගලපු ගංවතුරේ එකම කෙහෙල් කොටයට නගින්න වුණා. අපිට ඉස්සරහට යන්න බෑ පස්සට යන්නත් බෑ. එක්කෝ වැට කපන්න ඕන. නැත්නම් අමුඩේ ගලවන්න ඕන."
"මහින්ද රාපක්ෂ මහතා මට ඇමතිකමක් දුන්නා. එතුමාගේ වටේ තියෙන වෘකයෝ එක්ක ගමනක් යන්න බෑ.වෙල්ලස්ස දියුණු කරන්න මොනවද දුන්නො ඇමැතිකම්, මට කැලෑ ඇමැති, පුෂ්පෙට පොල් ඇමති, සුමේධට කිහිලිකරු ඇමති. මේ රටේ ජනතාව අරයා අගමැති කළා, මෙයා ජනාධිපති කළා, අහිංසක මිනිස්සු රජ වුණේ නෑ.අපේ ආණ්ඩු කාලේ මට වැඩ කරන්න දුන්නේ නෑ. හැබැයි මට රංජිත් මද්දුමබණ්ඩාරවත්, ආනන්ද කුමාරසිරිවත් විරුද්ධ වුණේ නෑ. අපි වැව් 200ක් හැදුවා. බණ්ඩාරවෙල ගිල්වලා වතුර ටික හම්බන්තොටට ගෙනියන්න හැදුවා. (මෑතකදී කළ වැඩ ලැයිස්තුවක් කියයි.) අපිට ඕනෑ අපේ දිස්ත්‍රික්කයට වැඩ කරන්න ඕනා. ඔහෙලා හිතන්නෙපා මම යූඇන්පියට ආවා කියලා. අපි මේ අස්ථාවරත්නය නැති කරන්නයි ආවේ. අපි අද ජයග්‍රාහී පෙරමුණකට සම්බන්ධ වෙලා තියෙනවා."යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.
COMMENTS