ඉ දිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය...
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කරන ලද බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කරයි.
එම තීරණය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රීලනිපය සහයෝගය ලබාදෙන බව ද ඔහු පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නැතැයිද එක්සත් ජාතික පක්ෂ විරෝධීන් අපේක්ෂකයා වන ඔහුගේ ජය වෙනුවෙන් පක්ෂය කැපවන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.
හිටපු ආරක්ෂක ලේකම් වරයාට සහාය නොදෙන බවට ඇතැමුන් කරන ප්‍රකාශ නොතැකිය යුතු බවත් ඒවා ඔවුන්ගේ පුද්ගලික මත බවත් පක්‍ෂයක් ලෙස මධ්‍යම කාරක සභාව රාජපක්ෂ මහතාට සහාය දීමට තීරණය කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය පලාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද ලක්‍ෂ 50ක් ලබා ගත් අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා සන්ධානය ඡන්ද ලක්‍ෂ 15ක් ලබා ගත්තේය. ඒ අනුව හිටපු ආරක්‍ෂක ලේකම්වරයා දැනට ඡුන්ද ලක්‍ෂ 65ක ඡන්ද ප‍්‍රමාණයකට හිමිකම් කියනු ඇතැයි සැලකිය හැකිය.
මෙම ඡන්ද ප‍්‍රමාණය දල ලෙස ඇස්තමේන්තු වන්නේ 2018 පෙබරවාරි 10 පැවති පලාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵල අනුව වන අතර පාස්කු බෝම්බයෙන් පසු තත්වය ගණනය කල නොහැක.

COMMENTS