විදෙස් රටවලින් ආනයනය කරන සියලු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දැමිය යුතු බවට ආනයනකරුවන්ගෙන් ඉල්ලීම් ලැබී ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ම...
විදෙස් රටවලින් ආනයනය කරන සියලු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දැමිය යුතු බවට ආනයනකරුවන්ගෙන් ඉල්ලීම් ලැබී ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ලෝක වෙළඳපොලෙන් ආනයනය කරන භාණ්ඩවල ආනයන වියදම් සැළකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි ඇමතිවරයා පවසන්නේ.
බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට රජයේ මැදිහත්වීමක් නොමැති බවත්, පෞද්ගලික ආනයනකරුවන් විනිස් එම භාණ්ඩ ආනයනය කරන බවත් පෙන්වා දෙන ඇමතිවරයා සඳහන් කරන්නේ ඔවුන් ආනයනය කරන මිලට වඩා අඩු මිලකට භාණ්ඩ විකිණිය නොහැකි බවයි. සමස්ත ලෝකයේම සැපයුම් ජාලය හා නිෂ්පාදනය ක්‍රියාවලිය අඩාල වී ඇති බවත්, ඊට අමතරව නැව් ගාස්තු, කන්ටේනර් ගාස්තු, රැඳවුම් ගාස්තු විශාල ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.
කෙසේ නමුත් භාණ්ඩ මිල ඉහළ දමා ජනතාව අපහසුතාවයට පත් කිරීම ආණ්ඩුව සූදානම් නොමැති බවත්, ඒ අනුව මිල ඉහළ දැමිය හැකි භාණ්ඩවල පමණක් මිල ඉහළ දැමීමට කටයුතු කරන බවත් ඇමතිවරයා පවසනවා.
මේ වනවිට ගෑස් සහ ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙනවා. කෙසේ නමුත් එම භාණ්ඩවල මිල ඉහළ දැමීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැත. මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල දැනටමත් ඉහළ දමා තිබේ.

COMMENTS