ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවේදී විශේෂයෙන් ආර්ථිකය සම්බන්ධයෙන් ලබා දී තිබෙන දත්ත බොහොමයක් ව්‍යාජ ඒවා බවට හෙළිවෙමින් තිබේ. එම කතාවේදී ජ...
ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවේදී විශේෂයෙන් ආර්ථිකය සම්බන්ධයෙන් ලබා දී තිබෙන දත්ත බොහොමයක් ව්‍යාජ ඒවා බවට හෙළිවෙමින් තිබේ.
එම කතාවේදී ජනාධිපතිවරයා එක් අවස්ථාවක අවධාරණය කර තිබුණේ කොවිඩ් වසංගතය හේතුවෙන් විදේශ රැකියා කරන්නන් මෙරටට එවන විදේශ විනිමය ප්‍රමාණය පහත වැටී ඇති බවය. නමුත් මහ බැංකුවේ නිල දත්ත අනුව එය සම්පූර්ණයෙන් අසත්‍යයක් බව හෙළි වී ඇත.
ජනාධිපතිවරයා විදේශ රැකියා කරන්නන් මෙරටට එවන විනිමය පහත වැටී ඇති බව ප්‍රකාශ කර තිබුණේ “වසංගතයට බියේ ශ්‍රී ලංකාවට ආපස් ආ ලක්ෂ දෙකකට අධික විදේශගත ශ්‍රමිකයන් බොහෝ දෙනෙකුට ආපසු ඒ රටවලට යන්න තවමත් ඉඩ ලැබී නැහැ. ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ ප්‍රේෂණ මේ නිසා අඩු වුනා.” යනුවෙනි.
එහෙත් මහ බැංකු වාර්ෂික වාර්තාව අනුව 2020 වසරේදී මෙරටට එවා ඇති විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන 7,104ක් දක්වා වැඩි වී තිබේ. එහෙත් 2019දී එවා ඇත්තේ ඩොලර් මිලියන 6,717කි. එසේම මෙම වසරේ ගෙවී ගිය මුල් මාස 04 තුළදී මෙරටට එවා ඇති විදේශ විනිමය ප්‍රමාණයද පසුගිය වසරේ මුල් මාස 04 තුළ එවන ලද මුදලට වඩා ඩොලර් මිලියන 411කින් ඉහළ ගොස් තිබේ.
උපුටා ගැනීම : lankatruth

COMMENTS