මේ දිනවල දිවයිනේ ප්‍රදේශ ගණනාවක වෙරළ තීරයන්ගෙන් මියගිය මත්ස්‍යයින් කැස්බෑවුන් හමුවන්නේ වාරකන් කාලයට මුහුදේ සිදුවන අනතුරු නිසා බව නාගරික සං...
මේ දිනවල දිවයිනේ ප්‍රදේශ ගණනාවක වෙරළ තීරයන්ගෙන් මියගිය මත්ස්‍යයින් කැස්බෑවුන් හමුවන්නේ වාරකන් කාලයට මුහුදේ සිදුවන අනතුරු නිසා බව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසයි.
“දැන්, මෙන්න මෙහෙම කාරණයක් තියෙනවා. දැන් අපේ පැත්තෙන් – වෙරළ සංරක්ෂණය කිරීම පැත්තෙන්, ආරක්ෂා කිරීම පැත්තෙන් – මං හිතන්නෙ අපි උපරිම වශයෙන් කටයුතු කරලා තියෙනවා. එතකොට මුහුදෙ සිද්ධ වෙන දේ අපට සම්පූර්ණයෙන්ම පාලනය කරන්න බෑ.
මේ වාරකන් කාලෙ බොහෝ අනතුරු වෙන්නට පුළුවන්. දැන් උදාහරණයක් හැටියට – මම පරිසරවේදියෙක් නෙවෙයි, නමුත් මම දැක්කා සමහර පරිසරවේදියො සමාජමාධ්‍ය ජාලවල කියලා තියෙනවා, ඒ වගේම සමහර පරිසරවේදියො මගෙත් එක්ක සෘජුවත් කියලා තියෙනවා – වාරකන් කාලයට සත්තු අනතුරුවලට ලක්වෙනවා කියල.
ඉතිං වාරකන් කාලයට ගොඩබිමට සතෙක් ගහගෙන ආවා ම ඒක අසාමාන්‍ය සිද්ධියක් වෙන්නෙ නැහැ. නමුත් මේ වෙලාවෙ මේ නැවේ අනතුර තියෙන නිසා හැම කෙනෙක්ම මේක සෘජුව සම්බන්ධ කරන්න බලනවා ඒකට”
රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මේ බව පැවසුවේ ඊයේ (16) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

COMMENTS