දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ධම්මික බණ්ඩාර අයුර්වේද හෝ දේශීය වෙදෙක් නොවේ.. දේවාලයක කපුවෙක්.. බෙහෙත හදා ඇත්තේ දෘෂ්ඨි බලයකින්.. ගමේ අය කියන විස්තරේ මෙන්න..
Homeප්‍රවෘත්ති

ධම්මික බණ්ඩාර අයුර්වේද හෝ දේශීය වෙදෙක් නොවේ.. දේවාලයක කපුවෙක්.. බෙහෙත හදා ඇත්තේ දෘෂ්ඨි බලයකින්.. ගමේ අය කියන විස්තරේ මෙන්න..

PropellerAds

සමීපව කටයුතු කළ පුද්ගලයෙකි. ඔහුගේ බෑණා කෙනකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය කාන්ත ගුණතිලක සමගද සමීපව කටයුතු කර ඇති මොහු තමන් සොයා ගත් ඖෂධය ද...

බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්තශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් කෙරේ !
කටුපොල් වගාකරුවන් ජනපතිටත් කොකා පෙන්නයි!
දිවුලපිටිය කාන්තාවගේ දියණිය හැර පවුලේ සෙසු සාමාජිකයින්ට කොරෝනා වැළඳී නෑ - හමුදාපති
සමීපව කටයුතු කළ පුද්ගලයෙකි. ඔහුගේ බෑණා කෙනකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය කාන්ත ගුණතිලක සමගද සමීපව කටයුතු කර ඇති මොහු තමන් සොයා ගත් ඖෂධය දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයටද රැගෙන එන්නේ එම සබඳතා හරහාය. මොහුට විරුද්ධව කෑගල්ල පොලිසියෙ නඩුවක්ද පවරා තිබේ. ඒ ඉඩම් නඩුවකි. රිමාන්ඩ් භාරයේද සිටි ධම්මික බණ්ඩාර නඩුවෙන්ද සමථයකට පත්ව භද්‍රකාලි දේවාලය පවත්වා ගෙන යාමට සමතෙකි.

‘‘ඔය මනුස්සයාට කපු මහත්තයා කීවම හොඳටම තරහා යනවා. කාලි මෑණියෝ කියනවා නම් කැමැතියි’’ ගම්වැසියෝ ඔහුගේ පැටිකිරිය හෙළි කළහ. කෙසේ වෙතත් ධම්මික බණ්ඩාර යනු දේශීය වෛද්‍යවරයෙක් හෝ පාරම්පරික වෛද්‍යවරයෙක්ද නොවෙයි. තමන් නිෂ්පාදනය කළ බෙහෙත අවට පොලිස් ස්ථානවල නිලධාරීන්ටද පෙවීමට සමත් වූ පුද්ගලයෙකි. කෑගල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහටද මෙම නිෂ්පාදනය පෙවීමට ඔහු උත්සාහ කළත් ව්‍යාර්ථ විය. නමුත් මෙම නිෂ්පාදනයේ සත්‍ය අසත්‍යභාව සෙවීමට වෛද්‍යවරයාද සූදානමින් සිටියි.
කෙසේ වෙතත් මෙම පුද්ගලයා පිළිබඳ ආයුර්වේද ​වෛද්‍ය සභාවටද පැමිණිල්ලක් ලැබී තිබේ.

ප්‍රතිකාර කරන්න මම දිෂ්ටි බලයක් උපයෝගි කරගන්නවා………..
කොරෝනාවට බෙහෙත් සොයාගත් බව කියන ධම්මික බණ්ඩාර කියයි
කෑගල්ල, හෙට්ටිමුල්ල, උඩුමාගම මහාවීර බද්‍ර කාලී දේවාලයේ ධර්මාචාර්ය, පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙක් යනුවෙන් තමා හඳුන්වා ගන්නා ඩී.එම්. ධම්මික බණ්ඩාර මාධ්‍යයේ ප්‍රසිද්ධ වීමට පෙර අපේ වරකාපොළ මාධ්‍යවේදී නිමල් වසන්තට කියූ කතාව.

‘‘කොරෝනා වසංගතයෙන් රෝගීන් සුවපත් කිරීම සඳහා මම බෙහෙතක් සාදා තිබෙනවා. ඒ සඳහා ලංකාවේ තිබෙන බෙහෙත් වර්ග හතරයි අරන් තියෙන්නේ. පිරිසුදු මීපැණි, මීපැණි හොඳ ජීව පදාර්ථයක්. මේ ඖෂධය දීලා රෝගය සුව කරලා තියෙනවා. ඒක විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන්. මෙම බෙහෙත අවසන් වශයෙන් දුන්නේ වතුපිටිවල නිරෝධායන මධ්‍යස්ථානයට. එතැන රෝගීන් 146 දෙනකු සිටියා. ඒ සියලු දෙනාටම බෙහෙත් දුන්නා. දින හතරක් යනවිට සුව වී තිබුණා. මේක නොමිලයේ ලබා දෙන්නේ.

මෙම බෙහෙත් සොයා ගැනීමේ අපහසුතාවයක් තිබෙනවා. රජයෙන් හෝ වෙනත් ආයතනයකින් මෙම බෙහෙත් සොයා ගැනීමට අවශ්‍ය නිසයි රාජ්‍ය අනුග්‍රහය ඉල්ලන්නේ. විශේෂයෙන් මම ඉල්ලා සිටින්නේ පිරිසුදු මීපැණි හා සාදික්කායි. අනිත් වර්ග සොයා ගැනීමට පුළුවන්. මීපැණි ලැබෙන කාලය තව ඉදිරියට තියෙන්නේ. සාදික්කාත් තව ඉදිරියට කඩන්න පුළුවන්. මේ බෙහෙත් දෙක තමයි සොයා ගැනීම අපහසු.

ලංකාවේ අද වෙනකොට රෝගීන් පන්දහස් ගාණක් වාර්තා වෙනවා. මේ සියලු දෙනාට මම බෙහෙත් දීලා දින තුනකදී නිට්ටාවට සුව කරනවා. ආයෙ කිසි දවසක හැදෙන්නේ නැහැ. සෙම් රෝගයක්වත් හැදෙන්නේ නැහැ. නමුත් මට කියන්න බැහැ යමෙකුට උණ රෝගයක් හැදෙන්නේ නැහැ කියලා. සෙමෙන් හැදෙන රෝගයක් හැදෙන්නේ නැහැ. තවත් රෝග තිබෙනවා. දියවැඩියාව පාලනය කරන්න පුළුවන්, කොලෙස්ටරෝල් අඩුවෙනවා. මේක පුරාණයේ සිට එන, එනම් රාවණා රජතුමාගේ කාලයේ සිට එන බෙහෙතක්. එදා මහරහතන් වහන්සේලා පවා පාවිච්චි කර තිබෙන බවට සඳහන් වෙනවා. ඒ කාලයේදීත් මෙවැනි වසංගත තිබිලා තියෙනවා. මේකේ තියෙන්නේ බෙහෙත් හතරයි, ඒවා සජීවී බෙහෙත්.

වැඩිහිටි රෝගියකු මේස හැන්දෙන් හතරක් දිනපතා උදේ සවස බිව්වොත් මේ රෝගය නැවත හැදෙන්නේ නැහැ. ඒ තරමටම ගුණයි, අත්දුටුවයි. බිව්ව අය ඉන්නවා, සුව වෙලා ඉන්නවා. වෛද්‍යවරුන්ට, ඈත පළාත්වල අයට දීලා තිබෙනවා. ඒ අය සුවවෙලා තිබෙනවා.

රජයේ අනුග්‍රහයෙන් ලෑස්ති කරනවා නම් රජයේ රෝහල්වල නේවාසිකව ඉන්න අයට බෙහෙත් දෙන්න, ඒ සඳහා සැලසුමක් කර දෙන්න. මුදල් එපා. මෙම බෙහෙත් බෝතලයක් හදාගන්න රුපියල් හයදාස් පන්සීයක් වියදම් වෙනවා. බෙහෙත හොයන්න මහන්සි වෙන්න ඕනෑ, ශ්‍රමය යොදන්න ඕන. එම මුදලවත් අපට එපා. අවශ්‍ය බෙහෙත් ටික සොයා දෙන්න.

මම මෙම බෙහෙත දුන්නේ පළමුවෙන්ම කොරෝනා හැදෙන සංචාරකයන් ගෙන යන මගපෙන්වන අයකුට. ඔහු සමග 11 දෙනෙක් හිටියා. ඉන් 10 දෙනෙක් නිරෝධායනයට ලක්වුණා. එක් අයෙක් පැනලා ගියා. ඔහු ආසාදිතයෙක්. පළමුවෙන්ම බෙහෙත් දුන්නේ ඔහුට. කැස්ස, උණ තිබුණා, ගිලීමේ අපහසුකම් තිබුණා. පළමුවෙන්ම බෙහෙත දුන්නේ ඔහුට. ඔහු සුව වුණා. දවස් දෙකයි බේත් දුන්නේ, හතර වේලයි. ඉන්පසුව සුව වුණා. එතැනින් පස්සේ තමයි මම අනිත් අයට ප්‍රතිකාර කරන්න ආරම්භ කළේ. මට තිබෙනවා දිෂ්ටි බලයක්. ඒකත් උපයෝගි කරගන්නවා.’’

ධම්මික එන්න ඇවිත් මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න…..
කොරෝනාවට තමා දේශීය ඔසුවක් සොයාගත් බව කියන කෑගල්ලේ, හෙට්ටිමුල්ලේ, උඩුමාගම ඩී.එම්. ධම්මික බණ්ඩාර හා ඔහුගේ ඖෂධය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට අපි ඔහුගේ ජංගම දුරකථනයට ඇමැතුම් ගණනාවක් දුන්නෙමු. එහිදී දුරකථනයට පිළිතුරු දුන් ඉන්දික නමැති අයෙක් කීවේ වෙද මහතා පත්තරවලට ආටිකල් දීම නතර කර ඇති බවය. වෛද්‍යවරයෙක් බව කියාගන්නා ධම්මික බණ්ඩාරගේ වෛද්‍ය සුදුසුකම් ගැන විමසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ඉන්දික නමැති අය සුදුසුකම් ඇති වෛද්‍යවරුන් මෙච්චර දවසක් කළේ කුමක්දැයි යනුවෙන් කියමින් දුරකථනය විසන්ධි කළේය. එබැවින් ධම්මික බණ්ඩාර නමැති අය පිළිබඳ පැන නැගී ඇති අනෙක් ප්‍රශ්න අසන්නට ඉඩක් නොලැබුණි. පාඨකයාගේ දැන ගැනීම පිණිස එම ප්‍රශ්න මෙසේ ඉදිරිපත් කරමු.

* ඇත්තටම ඔබ ආයුර්වේද වෛද්‍යවරයෙක්ද?
* ඔබ ආයුර්වේද වෛද්‍ය උපාධිධාරියෙක්ද? පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙක්ද?
* ඔබ ආයුර්වේද වෛද්‍ය උපාධිධාරියෙක් නම් එම උපාධිය ලැබුවේ කුමන ආයතනයකින්ද? කවදාද?
* ඔබ පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙක් නම් ඔබගේ වෙද පරම්පරාව කුමක්ද?
* ඔබගේ පරම්පරාවේ අය කොපමණ කලක් රෝගීන්ට බෙහෙත් කර තිබේද?
* ඔබ කොපමණ කලක් රෝගීන්ට ප්‍රතිකාර කර තිබේද?
* රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පෙර ඔබ වෙනත් වෘත්තීන්වල යෙදී සිටියාද?
* ඔබගේ නම ​දේශීය වෛද්‍යාචාර්ය ඩී.එච්. ධම්මික බණ්ඩාර නොවන බවත්, ඔබ කට්ටඩියෙක් බව පැවසෙන කතාවේ සත්‍යතාවක් තිබෙනවාද?
* ඔබ දුන් බව කියන ප්‍රතිකාරවලින් කෙරෝනා රෝගීන් සුව වී ඇති බව කිසියම් පිළිගත් ආයතනයක් තහවුරු කර තිබෙනවාද?
* එසේ නම් එම ආයතනය කුමක්ද?
* තහවුරු කළ නිලධාරීන් කවුද?
* ඔබ සොයාගත් බව කියන ප්‍රතිකාරයෙන් රෝගීන් සුව වූ බවට ඔවුන් නිගමනය කළ ක්‍රමවේදය කුමක්ද?

උදයජීව ඒකනායක
සාලිය ගමසිංහඅරච්චි / කෑගල්ල
– Aruna
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ධම්මික බණ්ඩාර අයුර්වේද හෝ දේශීය වෙදෙක් නොවේ.. දේවාලයක කපුවෙක්.. බෙහෙත හදා ඇත්තේ දෘෂ්ඨි බලයකින්.. ගමේ අය කියන විස්තරේ මෙන්න..
ධම්මික බණ්ඩාර අයුර්වේද හෝ දේශීය වෙදෙක් නොවේ.. දේවාලයක කපුවෙක්.. බෙහෙත හදා ඇත්තේ දෘෂ්ඨි බලයකින්.. ගමේ අය කියන විස්තරේ මෙන්න..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjN5G13adLuuFjAA_VoLko_eMYyO68Tcmwg-XfoN68mjaqo6PJM7ws4PM2TsTNgLuJVLbtGWZPw06cIXJcGfsPzG-gG-04AvQcKKbXGkV0L5hgYiViuKirt84w3Enkti2XlmWqG4kBsuD4/s320/damika.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjN5G13adLuuFjAA_VoLko_eMYyO68Tcmwg-XfoN68mjaqo6PJM7ws4PM2TsTNgLuJVLbtGWZPw06cIXJcGfsPzG-gG-04AvQcKKbXGkV0L5hgYiViuKirt84w3Enkti2XlmWqG4kBsuD4/s72-c/damika.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_61.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_61.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy