දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පවිත්‍රාට මොළේ ආබාධයක් ඇති. දැන් අපටත් කියන්න ඉතුරු රැවටුණා, වැරදුණා කියලා විතරයි - මුරුත්තෙට්ටුවේ හිමි
Homeප්‍රවෘත්ති

පවිත්‍රාට මොළේ ආබාධයක් ඇති. දැන් අපටත් කියන්න ඉතුරු රැවටුණා, වැරදුණා කියලා විතරයි - මුරුත්තෙට්ටුවේ හිමි

PropellerAds

වත්මන් ආණ්ඩුව බලයට පත්කර ගැනීම සඳහා මූලිකත්වය ගනිමින් වෙහෙස වූ නමුත් දැන් තමන්ටත් කියන්නට ඉතිරි වී ඇත්තේ "රැවටුණා - වැරදුණා" යන්...

කෑගල්ලේ ඖෂධය ලියාපදිංචි සහතිකය ගෙදරටම ගිහින් දෙයි - ‘මට නින්දා කලා.. මේ අවශ්‍ය සහතිකය නොවේ..’ ධම්මික බණ්ඩාරගේ විරෝධය
රනිල් නායකත්වයෙන් වාර්තාවක් පිහිටුවයි – කී බොරු හසුවේ..ඉදිරියටත් නායකයා රනිල්මයි
ප්‍රශ්නය ආදාහනයද භූමදානයද නෙවෙයි භූගත ජලය දූෂණය වුණොත් නැවත පිරිපහදු කරන්න බැහැ - මහාචාර්ය මෙත්තිකා විතානගේ (video)
වත්මන් ආණ්ඩුව බලයට පත්කර ගැනීම සඳහා මූලිකත්වය ගනිමින් වෙහෙස වූ නමුත් දැන් තමන්ටත් කියන්නට ඉතිරි වී ඇත්තේ "රැවටුණා - වැරදුණා" යන්න පමණක් බව නාරාහේන්පිට අභයාරාමයේ විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. 

"දෙවනි එන්නත ලබාගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශයට අග්‍රාමාත්‍යතුමාගේ ලිපියකුත් යොමුකරලා, සෞඛ්‍ය ලේකම්තුමාට, අපෙ සෞඛ්‍ය ඇමතිතුමියට, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට ලිඛිතව ඉල්ලීමක් කරලා තිබෙන්නෙ. පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යවරිය මහ බොළඳ කතාවක්, හෝඩියෙ කතාවක් ප්‍රකාශයට පත් කළා. ඒ කියන්නෙ එතුමියගේ අනුමැතිය ඇතිව තමයි මේකෙ පළවෙනි එකත් ගත්තෙ, දෙවැනි එකත් ගත්තෙ. එහෙමනම් අද එතුමිය මේ පිළිබඳ වගකීමක් දන්නෙ නෑ කිව්වා නම් එතුමියගේ මොළේ ආබාධයක් තියෙන්න ඕනෙ. 

අගමැතිතුමාගෙ ලියුම මා ළඟ තිබෙනවා, එතුමියට ඉදිරිපත් කරපු ලියුම් අප ළඟ තිබෙනවා. මේ සියල්ලම පැහැර හැරලා ජනතාව නොමඟ යවනවා නම් මම හිතනවා අපටත් බොහොම වේදනායි. අපි ආණ්ඩුවක් බලයට පත්කර ගත්තේ, ඒක ඇත්ත. උදව් කළ එක ඇත්ත. නමුත් දැන් අපටත් කියන්න ඇත්තේ "රැවටුණා, වැරදුණා" කියන කතාව පමණයි. අපට හැමදාම කියන්න වෙලා ඇත්තේ ඒකයි" යනුවෙනුයි එහිමි හැඟීම්බර ලෙස ප්‍රකාශ කළේ. 

නාරාහේන්පිට අභයාරාමයේ විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ  ඊයේ (01) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීමේ වැඩසටහනක් මීට දින කිහිපයකට පෙර අභයාරාමයේ සංවිධානය කර තිබුණු අතර එදින එන්නත නොලැබීම නිසා එහි යම් නොසන්සුන්කාරී තත්වයක් ද උද්ගත වී තිබිණි. ඒ පිළිබඳ විමසීමේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ එම එන්නත්කරණ වැඩසටහන සූදානම් කර තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුදැනුමක් ඇතිව නොවන බවකි. මුරුත්තෙට්ටුවේ හිමියන් ඊයේ ප්‍රතිචාර දැක්වූයේ එම ප්‍රකාශයටය. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පවිත්‍රාට මොළේ ආබාධයක් ඇති. දැන් අපටත් කියන්න ඉතුරු රැවටුණා, වැරදුණා කියලා විතරයි - මුරුත්තෙට්ටුවේ හිමි
පවිත්‍රාට මොළේ ආබාධයක් ඇති. දැන් අපටත් කියන්න ඉතුරු රැවටුණා, වැරදුණා කියලා විතරයි - මුරුත්තෙට්ටුවේ හිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj18F_9wQpLCqDExEfQYxmpmsX8xk39-kV2JgdTkTqicEANyx7XFEUHe5T42znGXZkY_ghZN95aRqbIbQXjwpePXMNX4BI0wsBIC0YC8kRKyOd-mT0pzyRZp5FOxqA0UzL0HzlS3zZK0Wg/s320/a4980c88-460832_550x300_crop.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj18F_9wQpLCqDExEfQYxmpmsX8xk39-kV2JgdTkTqicEANyx7XFEUHe5T42znGXZkY_ghZN95aRqbIbQXjwpePXMNX4BI0wsBIC0YC8kRKyOd-mT0pzyRZp5FOxqA0UzL0HzlS3zZK0Wg/s72-c/a4980c88-460832_550x300_crop.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_18.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_18.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy