දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අවසන් සතියේ 28%ක මරණ වර්ධනයක් 12% රෝගී වර්ධනයක්… සෞඛ්‍ය ධාරිතාව උපරිමයේ - විශේෂඥ වෛද්‍යවරුන් ජනපතිට කියති
Homeප්‍රවෘත්ති

අවසන් සතියේ 28%ක මරණ වර්ධනයක් 12% රෝගී වර්ධනයක්… සෞඛ්‍ය ධාරිතාව උපරිමයේ - විශේෂඥ වෛද්‍යවරුන් ජනපතිට කියති

PropellerAds

කොරෝනා වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය හා ඉදිරියට ගත යුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජප...

එජාපයේ ජනපති හා අගමැති අපේක්ෂකයා ගැන හිරුණිකා කතා කරයි
"ලැබී ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ පරම අයිතිය ඥානාන්විතව භාවිතා කරන්න" - ගෝඨා
"අපට ඕනෑ සජිත් - අපිට ඕනෑ රනිල්" එජාපය නායකත්ව පොරයක
කොරෝනා වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය හා ඉදිරියට ගත යුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබේ.

එම සම්පූර්ණ ලිපිය මෙහි දැක්වේ.

අතිගරු ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01

අතිගරු ජනාධිපතිතුමනි,

COVID 19 වසංගතය පාලනය සදහා ගත යුතු ඉදිරි පියවර

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) විසින් 2021 ජූනි මස දෙවැනි දින ඔබතුමා වෙත යොමු කරන ලද වසංගත තත්වය පාලනය පිළිබඳ විස්තරාත්මක ලිපියේ සඳහන් කරුණු ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (AMS) ලෙස අප විසින්ද අනුමත කරනු ලබන අතර අප විසින් ඔබතුමාට කරන ආයාචනයක් වනුයේ එම ලිපියේ පෙන්වා ඇති පරිදි, සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඊට සම්බන්ධ අනිකුත් තීරණ ගැනීමේ කමිටු වල සිදු වූ යම් යම් ප්‍රමාද දෝෂයන් මින් ඉදිරියට ඇති නොවන ලෙස කටයුතු කිරීමට ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙසටයි. එම ලිපියේ ඇති කරුණුවලට අමතරව තවත් කරුණු කිහිපයක් සඳහා ඔබතුමාගේ අවධානය යොමු කිරීමට අප කැමැත්තෙමු.

1.Astra Zeneca දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය වන ලක්ෂ හයක් වන එන්නත් ප්‍රමාණය ලබා ගැනීම සඳහා දරන ප්‍රයත්නය වැඩි අවධානයක් යොදා නියමිත කාල සීමාවක් තුළදී ලබා ගැනීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය අතර සහ එය හදිසියෙන් හෝ අසාර්ථක වුවහොත් ඒ වෙනුවට කළ හැකි වෙනත් විකල්පයක්ද සොයා ගත යුතුයි. මේ සඳහා පිළිගත් විද්‍යාත්මක උපදෙස් ඉතා ඉක්මනින් ලබාගත යුතු අතර, කාලය ගත වනවාත් සමඟ වෛරස නව ප්‍රභේදවලට එරෙහි ආරක්ෂාව නැතිවී ඒවා පැතිර යාමට ප්‍රථම මෙය කළ යුතුව තිබේ.

2.ඉදිරියේ දී සැලසුම් කර ඇති අනිකුත් එන්නත් ලබාදීමේ ක්‍රියාවලියේ දී එහි දෙවන මාත්‍රාවට අවශ්‍ය වන එන්නත් ප්‍රමාණය ප්‍රමාදයකින් තොරව ලැබීමට ස්ථිර ක්‍රමයක්, ස්ථාපිත කර තැබීමෙන් අනතුරුව පළමු එන්නත් ප්‍රමාණය ලබා දීම සඳහා යොමු කරන පිරිස තීරණය කළ යුතුයි. මෙහිදී අවධාරණය කලයුතු තව කරුණක් වන්නේ මෙම ලැයිස්තු සැකසීමේදී, කොටසකට පමණක් විශේෂත්වයක් නොදක්වා සියලුම සෞඛ්‍ය සේවා සහ එයට සම්බන්ධ අයත් ඔවුන්ගේ පවුල්වල සමීපතම සාමාජිකයන්ටත් ප්‍රමුඛත්වය ලබා දිමෙන් ඔවුන්ගේ සේවාවේ කාර්යක්ෂමතාව වැඩිකිරීමට උපකාර වනු ඇති බවයි.

3.විශේෂඥ වෛද්‍ය වරුන්ගේ තීරණයක් මත අවශ්‍ය වුවහොත් රෝහල්වලට වෙනත් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් සඳහා ලබාදීමට යම්කිසි එන්නත් ප්‍රමාණයක් රජයේ රෝහල්වලට ලබාදීම ද වැදගත් වනු ඇත.

4.එන්නත් කරණයේදී අනුගමනය කරන ක්‍රමවේදය පැහැදිලි, සාධාරණ හා විද්‍යාත්මක ක්‍රමයක් විය යුතු අතර මහජනයාගේ දැනගැනීම සඳහා එය ප්‍රසිද්ධ කළ යුතු වන්නේ එයින් මෙම ක්‍රියාව සඳහා මහජනයාගේ විශ්වාසය ඉතා උපරිමයෙන් පවත්වා ගැනීමෙන් ඔවුන් එම ක්‍රියාවට යොමු කිරීම සංයමයකින් මෙන්ම කාර්යක්ෂමවද සිදු කල හැකි වන නිසාය. මෙම ක්‍රියාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු අතර නීතිය හා සාමය රැකීම සඳහා අවශ්‍ය වුවහොත් කටයුතු කිරීමට පොලිසියට සහ අනිකුත් ආරක්ෂක අංශ වල සහාය සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන්ට නොඅඩුව ලබා දිය යුතුයි. නිරෝධායන නීති රැකීම මෙන්ම මෙම ක්‍රියාමාර්ග ද කිසිවෙකු විසින් අඩපණ නොකළ යුතුයි.

අවසාන වශයෙන් දැනට ක්‍රියාත්මක වන සංචරණ සීමා තවදුරටත් ප්‍රතිඵල දායක වන ලෙස දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව, දිනෙන් දින රෝහල් පද්ධතියට දරා ගැනීමට අපහසු වන ලෙස වැඩිවෙන රෝගීන් සංඛ්‍යාවෙන් සහ එම රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය වන ඔක්සිජන් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වන බව නිරීක්ෂණය වී තිබීමෙන් සනාථ වේ.

දැනට නිකුත් වී ඇති සංඛ්‍යා ලේඛණ අනුව 12% රෝගී වර්ධනයක් හා 28% ක මරණ වර්ධනයක් පසුගිය සතිය තුළ වාර්තා වී ඇති අතර එය අපගේ දැඩි කනස්සල්ලට හේතු වන්නේ සොඛ්‍ය අංශවල ප්‍රතිකාර කිරීමේ හැකියාව මෙයින් තවදුරටත් සීමා වන බැවිනි. මෙය තව දුරටත් මෙම කරුණු සියල්ල සලකා බලා ඉදිරියේදී අවශ්‍ය කරන තීරණ ගැනීමට ඔබතුමාට සහය වීමට, අප හා අනිකුත් මේ සම්බන්ධ විද්වත් විශේෂඥවරුන්ගේ එකමුතුවකින් ඔබතුමා හමුවී සාකච්ඡා කිරීමට අපට අවස්ථාවක් සලසා දෙන ලෙස මෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.
මෙයට විශ්වාසී,

විශේෂඥ වෛද්‍ය
ලක්කුමාර් ප්‍රනාන්දු
සභාපති
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

විශේෂඥ වෛද්‍ය
R ඥාණසේකරම්
ලේකම්
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

CC:
1. ගරු. පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය අමාත්‍ය
2. ගරු. වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත හා COVID රෝග පාලන රාජ්‍ය අමාත්‍ය
3. ගරු. මහාචාර්ය චන්න ජයසුමන, ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය
4. ආචාර්ය P. B. ජයසුන්දර, ජනාධිපති ලේකම්
5. හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි
6. මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුනසිංහ, ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශය
7. වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, සෞඛ්‍ය අමාත්‍යාංශය
8. වෛද්‍ය පද්මා ගුණරත්න, සභාපති, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අවසන් සතියේ 28%ක මරණ වර්ධනයක් 12% රෝගී වර්ධනයක්… සෞඛ්‍ය ධාරිතාව උපරිමයේ - විශේෂඥ වෛද්‍යවරුන් ජනපතිට කියති
අවසන් සතියේ 28%ක මරණ වර්ධනයක් 12% රෝගී වර්ධනයක්… සෞඛ්‍ය ධාරිතාව උපරිමයේ - විශේෂඥ වෛද්‍යවරුන් ජනපතිට කියති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiRPSe6AYcu_Xmg0Y5rN2wxkqFuJiWqJAvSisnZsO2x5MDg3rJojzSDudKfeKoA0Yke8wxz_Al0H1oGzSG9GQhHFvC0ZwbVlgQayG4wTlF1yWsP-rbq01u0FnDlBHF6dSmZKi7w3XOkJEo/s320/45454.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiRPSe6AYcu_Xmg0Y5rN2wxkqFuJiWqJAvSisnZsO2x5MDg3rJojzSDudKfeKoA0Yke8wxz_Al0H1oGzSG9GQhHFvC0ZwbVlgQayG4wTlF1yWsP-rbq01u0FnDlBHF6dSmZKi7w3XOkJEo/s72-c/45454.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/28-12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/28-12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy