දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2022 වසරේදී අගමැති ධුරයෙහි වෙනසක් ?
Homeප්‍රවෘත්ති

2022 වසරේදී අගමැති ධුරයෙහි වෙනසක් ?

PropellerAds

2022 වසරේදී මෙරට අග්‍රාමාත්‍ය ධුරයෙහි වෙනසක් සිදුවනු ඇති බවට ආරංචියක් දේශපාලන ක්ෂේත්‍රය තුළ තහවුරු නොකළ පුවතක ආකාරයෙන් පැතිර යමින් පවතී.  ...

ජනාධිපති අපේක්ෂකයෝ මගේ ළඟට එන්න ඕනේ නෑ - කාදිනල් හිමි
බැදුම්කර සල්ලි සැගවූ තැන් එලියට.. බැදුම්කර බෑණට කෝටි 135ක සුපිරි මන්දියක් !
පඩිය ලක්‍ෂ 79යි.. තරග දිනීම 35%යි.. හතුරුසිංහ එලවයි.. ලොව දක්‍ෂතම පුහුණුකරු 25,000කට එන්න සූදානම් !
2022 වසරේදී මෙරට අග්‍රාමාත්‍ය ධුරයෙහි වෙනසක් සිදුවනු ඇති බවට ආරංචියක් දේශපාලන ක්ෂේත්‍රය තුළ තහවුරු නොකළ පුවතක ආකාරයෙන් පැතිර යමින් පවතී.  ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය තනතුරෙන් ඉවත් වනු ඇති අතර නාමල් රාජපක්ෂ මහතාව එම තනතුරට පත්කෙරෙනු ඇති බවයි පැවසෙන්නේ.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම හෝ ඒ මහතා වෙනුවෙන් විශේෂිත අලුත්ම තනතුරක් නිර්මාණය කිරීම හෝ යන දෙකෙන් එකක් සිදුවනු ඇති බවත් සඳහන්. 

කෙසේවෙතත් නාමල් රාජපක්ෂ මහතා මේ වනවිට අධිවේගී දේශපාලන ගමනක නිරත වෙමින් ආණ්ඩුව තුළ සිටින වඩාත්ම ක්‍රියාකාරීම, වඩාත්ම වගකීම් භාරගත් සහ වඩාත්ම බලවත් ඇමතිවරයා බවට පත්වෙමින් සිටින බව රහසක් නොවේ. 

මේ වනවිට රටේ අංක එකේ ප්‍රමුඛතාවය වන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ඇතුළුව සෘජුවම ජනාධිපතිවරයාගේ යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන් රැසක් නාමල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතට පත්කර ඇති අතර ගම සමග පිළිසඳර වැඩසටහනේ පසු විපරම ඇතුළුව සෘජුවම ජනතාව සමග සම්බන්ධ වන අවස්ථා රැසක් ද ඒ මහතාට ලැබී ඇත. එසේම බොහෝ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් ද අධීක්ෂණය කරන්නේ ඒ මහතා විසිනි. ඒ ඔස්සේ නාමල් සිය වැඩකිරීමේ හැකියාව ඔප්පු කරමින් සිටින බව ද සත්‍යයකි. 


 
එමෙන්ම පසුගිය සතියේදී ඒ මහතාට ලැබුණු ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය යනු බොහෝදුරට කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සාර්ථකත්වයට ඉහළ දායකත්වයක් ලබාදිය හැකි තනතුරකි. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය රටේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත්කිරීමේදී නවලොව ව්‍යාපාරික අවස්ථා, නව ව්‍යාපාරික ප්‍රවණතා, නව තාක්ෂණය යනාදීන් හඳුනාගෙන ඒත් සමග කටයුතු කළහැකි නිරන්තරයෙන් යාවත්කාලීන වන තරුණ නායකත්වයක් ඉදිරියට පැමිණීම ද අත්‍යාවශ්‍ය වන්නකි. ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව තුළ එම භූමිකාව ඉටුකළ හැකි එකම පුද්ගලයා වන්නේ ද නාමල් රාජපක්ෂ මහතාය. මෙය සාධනීය ලෙස බැලිය හැකි, බැලිය යුතු තත්වයකි. 

මීට අමතරව නාමල් රාජපක්ෂ මහතාට චීන පාලනය සමග ද ඉතාම හොඳ සබඳකම් ඇති බවත් රහසක් නොවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ චීන කොමියුනිස් පක්ෂය අතර සෘජුවම අත්දැකීම් බෙදාගැනීමේ සමුළුවක් මීට ටික කලකට පෙර අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණේ ද නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. 


 
අනෙක් අතට නාමල්ගේ මේ වේගවත් ගමන අහඹුවක් ලෙස සිදුවන්නක් ද නොවේ. රාජපක්ෂ පවුලේ අනාගත දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එම පවුලේ ප්‍රබලයින් අතර විශේෂ සාකච්ඡාවක් මීට මාස කිහිපයකට පෙර පැවැත්වුණු බවත් එහිදී නාමල් සම්බන්ධයෙන් තීන්දු තීරණ කිහිපයක්ම ගැණුනු බවත් ඒ දිනවලම මාධ්‍ය වාර්තා කර තිබිණි. 

මේ අනුව, දේශපාලන ක්ෂේත්‍රය තුළ මේ දිනවල පැතිර යන කටකතාව සත්‍යයක් වීමේ සම්භාවිතාවය ඉහළ බවත් පැහැදිලිවම එහි සාධනීය ලක්ෂණ ඇති බවත් පැවසිය හැකිය. 
-lankanewsweb
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2022 වසරේදී අගමැති ධුරයෙහි වෙනසක් ?
2022 වසරේදී අගමැති ධුරයෙහි වෙනසක් ?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjOOmC0LTZgu1c21MNEXLuVbxG3lmCitW4Mt-YvVlH8mrB38UTcbDWyltvj-uQ712KMltFNVQ36Ls0X8d5WAhwa2CSRMWqQTZ6d8-4S0tzWdOQiBHat2Zo9O6-Yb-8q5Ch_QTj_T-xz4Tw/s320/mahi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjOOmC0LTZgu1c21MNEXLuVbxG3lmCitW4Mt-YvVlH8mrB38UTcbDWyltvj-uQ712KMltFNVQ36Ls0X8d5WAhwa2CSRMWqQTZ6d8-4S0tzWdOQiBHat2Zo9O6-Yb-8q5Ch_QTj_T-xz4Tw/s72-c/mahi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/2022.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/2022.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy