දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපති අපේක්ෂකයෝ මගේ ළඟට එන්න ඕනේ නෑ - කාදිනල් හිමි
Homeප්‍රවෘත්ති

ජනාධිපති අපේක්ෂකයෝ මගේ ළඟට එන්න ඕනේ නෑ - කාදිනල් හිමි

PropellerAds

ප සුගිය පාස්තු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තමා හමුවට පැමිණිය යුතු නොවන බව අගරදගුර...

සුගිය පාස්තු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තමා හමුවට පැමිණිය යුතු නොවන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. අද (31) පෙරවරුවේ කොළඹ අගරදගුරු නිල නිවසේදී කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේය.

පළමුව කල යුතු දේ කර පසුව ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඉදිරිපත් විය යුතු බවත්, අද වන විට මෙම ප්‍රහාරයේ බලපෑම සියලු දෙනාට අමතක වී ඇතැයි ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

මුළු රටම කම්පනයට පත් කරමින් සිදුවු පාස්කු ඉරිදා ප්‍රහාරයට අද වන විට මාස 3ක කාලයක් ඉක්ම ගොස් ඇතැයි ද පැවසු කාදිනල් හිමියන්, ඒ තුළින් ආර්ථිකය කඩා වැටුණු බව ද සඳහන් කළේය.

තුවාල ලැබූවන්, පවුල්වල සාමාජිකයින් අහිමිවුවන් වෙත ගොස් තමා හැකි අයුරුන් ඔවුන්ව සනසාලන්නට කටයුතු කල බවද පැවසු කාදිනල් හිමිපාණන්, ඔවුන්ට අවශ්‍යව ඇත්තේ වන්දි නොව යුක්තිය ඉටු කිරීම බවද සඳහන් කළේය.

මෙම කුරීරු ත්‍රස්තවාදී ප්‍රහාරය සංවිධානය කළ, එයට අනුග්‍රහය දැක්වු හෝ බුද්ධි තොරතුරු හිතා මතා නොසලකා හරිමින් සිටි හෝ කුමන හෝ ආකාරයකින් මෙයට සම්බන්ධ වුවන්ට අද වන තෙක් කිසිදු දඬුවමක් ලැබී නොමැති බවත් ඔවුන් නිදැල්ලේ සිටින බවත් පැවසු කාදිනල් හිමියන්, ආණ්ඩු පක්ෂය පමණක් නොව විරුද්ධ පක්ෂය හා සෙසු සියලු පක්ෂ ප්‍රහාරය ගැන සම්පූර්ණයෙන් වගකිව යුතු බවද පැවසීය.

මෙවැනි අවස්ථාවක බලාපොරොත්තු වන්නේ එකි නෙකා ලකුණු දා ගැනීම නොව සියලු දෙනා සහෝදරයන් මෙන් එක්ව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම බවද සඳහන් කර සිටි කාදිනල් හිමියන්, එහෙත් ශක්තිමත් බලපෑමක් විරුද්ධ පක්ෂයෙන් නොලැබුණු බවද කියා සිටියේය.

මේ වන තෙක් ප්‍රහාරයන් ගැන කිසිදු වාර්තාවක් ජනතාව අතට ගොස් නැතැයි පැවසු කාදිනල් හිමිපාණන්, අපරාධකරුවන්ට අපක්ෂපාතී පුද්ගලයින්ගෙන් සමන්විත කොමිෂන් සභාවක් මඟින් දඬුවම් කර නොමැති බවත්, පවතින කොමිෂන් සභාවේ අපක්ෂපාතී බවක් හෝ විනිවිඳභාවයක් දක්නට නොලැබෙන බව ද පැවසීය.

එවැනි පසුබිමක් තුළ ස්වාධීන කොමිෂන් සභාවක් ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට අත්‍යාවශ්‍ය බවත්, “අපිට ඕනේ මැතිවරණ නෙමෙයි, අපිට ඕනේ සත්‍යය“ යනුවෙන් ද කාදිනල් හිමියන් කියා සිටියේය.

ආණ්ඩු පක්ෂය හා සියලු දෙනා මෙම සිදුවීමත් රතු පලස මත සඟවා දැමීමට කටයුතු නොකර සියලු දෙනාට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සිටි උන්වහන්සේ, රතුපස්වල සිදුවීම් වාර්තා පවා ජනතාව අතට පත්ව නොමැති බවත්, එනිසා එළඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති ධූර අපේක්ෂකයෙක් සියලු දෙනාට තමා ළඟට නොඑන ලෙසත් පැවසීය.

මුදල් ලබා දී ඇඟ බේරා ගැනීමට නොහැකි බවත් පැවසු උන්වහන්සේ, ජනාතවගේ හා රටේ උන්නතිය වෙනුවෙන් තාවකාලික ප්‍රයෝජන ගැන නොසිතා ජනතාව අනාගතයේ තීරණ ගනු ඇතැයි අපේක්ෂා කරන බවද  කියා සිටියේය.

තමා කිසිදු දේශපාලන පක්ෂයකට අයත් නොවන බවත්, ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් සැමදා කැප වෙන බවත් පැවසු කාදිනල් හිමිපාණන්, ඇතැම් මාධ්‍ය තුළින් තමාව දේශපාලන අතකොළුවක් බවට පත් කර ගැනීමට උත්සහ ගන්නා බවත් සඳහන් කළේය.

තමාට පක්ෂයක් නොමැති බවත්, තමාට ඇත්තේ ජනතා පක්ෂයක් බවත් කාදිනල් හිමියන් වැඩිදුරටත් පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති අපේක්ෂකයෝ මගේ ළඟට එන්න ඕනේ නෑ - කාදිනල් හිමි
ජනාධිපති අපේක්ෂකයෝ මගේ ළඟට එන්න ඕනේ නෑ - කාදිනල් හිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjxebpIjWswNLqkdg94eNluemEwYcTnXJULGzjFa88-gHF-N0N33nM4QDmrHPhFsCk0_W8WjBVnZop74i1Sjk1gi_nPX-AzXkU9P6UguHsBKBx45nVzCBnk2_rGA138uqXLQ2Gb9VVoFSl/s320/e6cae7cfd47ee0b68f53aa849ceabd3c_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjxebpIjWswNLqkdg94eNluemEwYcTnXJULGzjFa88-gHF-N0N33nM4QDmrHPhFsCk0_W8WjBVnZop74i1Sjk1gi_nPX-AzXkU9P6UguHsBKBx45nVzCBnk2_rGA138uqXLQ2Gb9VVoFSl/s72-c/e6cae7cfd47ee0b68f53aa849ceabd3c_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_879.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_879.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy