දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නෞකාව දෙකඩ වී ගිලේවියි අනතුරු ඇඟවීමක් - ගිලුනොත් වෙන දේ මෙන්න - (video)
Homeප්‍රවෘත්ති

නෞකාව දෙකඩ වී ගිලේවියි අනතුරු ඇඟවීමක් - ගිලුනොත් වෙන දේ මෙන්න - (video)

PropellerAds

ගිනි ගනිමින් පවතින X-PRESS PEARL නෞකාව දෙකට කැඩී වෙන් වීමේ අවදානමක් මතුව ඇති බව නාවික විශේෂඥයින් පවසනවා. යම් හෙයකින් එසේ නෞකාව දෙකඩ වුවහ...

රටේ නායකයො අත හෝදගන්න හදනවා… දැන් ඇත්තේ නීතියේ පිහිට පමණයි – කාදිනල්තුමා
ප්‍රබල දේශපාලකයෙක් කාත්තන්කුඩියේ සමූහ ඝාතනයක.. 35ක් මරා වළ දමලා !
'අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට එනවා' - ගෝඨා විදෙස් මාධ්‍යයට කියයි
ගිනි ගනිමින් පවතින X-PRESS PEARL නෞකාව දෙකට කැඩී වෙන් වීමේ අවදානමක් මතුව ඇති බව නාවික විශේෂඥයින් පවසනවා.

යම් හෙයකින් එසේ නෞකාව දෙකඩ වුවහොත් එය සාගර පතුලේ ගිලී යනු ඇති.

එහි දී මේවන විට පවතින දැඩි ගින්න නිවී යනු ඇති නමුත් නෞකාවේ ඇති ඉන්ධන සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය සාගර ජලයට මුසු වීම හරහා විශාල පරිසර හානියක් සිදු විය හැකි බවට විශේෂඥ කණ්ඩායම් අනතුරු අඟවනවා.

එමෙන්ම එසේ සිදුවුවහොත් එය මෑත ඉතිහාසයේ මෙරට සිදුවන දරුණුතම පරිසර ඛේදවාචකය වනු ඇතැයි පරිසරවේදීන් බිය පළ කරනවා.

නෞකාවෙන් තෙල් කාන්දුවක් ඇති වුවහොත් එම තෙල් වෙරළ කරා ළඟාවීම අනිවාර්යෙන් සිදුවන්නත්.

එවැන්නක් සිදු වුවහොත් ශ්‍රී ලංකාවේ වෙරළ තීරය බරපතල තර්ජනයකට ඇතිවිය හැකි බවට මත පළ වී තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා මුහුදු සීමාව තල්මසුන්, ඩොල්ෆීන් සහ කැස්බෑවුන් ආදී වටිනා ජෛව සම්පත් රැසකට වාසභූමි සපයන මුහුදු ප්‍රදේශයක් වන බැවින් එම සතුන්ගේ ජීවිත පිළිබඳ ද මෙහි දී ගැටළුවක් මතුවනවා.

එමෙන්ම වෙරළාශ්‍රිතව පිහිටි සංවේදී පරිසර පද්ධති රැසක් මෙරට වටා පිහිටා ඇති අතර මෙවැනි පරිසර හානියක දී සිදුවිය හැකි හානිය සුළු පටු නොවනු ඇති.

ජලජ ජීවීන්ට මෙවැනිනකින් දැඩි හානි සිදුවන බැවින් එය ධීවර කර්මාන්තයට ද එල්ල විය හැකි තර්ජනයක්. 

එමෙන්ම ලොව සුන්දරතම වෙරළ තීර ලැයිස්තු අතර පවතින මෙරට වෙරළ තීර මත තෙල් තට්ටු තැන්පත් වුවහොත් එය සංචාරක කර්මාන්තයට දිගුකාලීනව බලපෑම් ඇතිකිරීමට සමත්වනු ඇති. 

එමෙන්ම මෙවැන්නක් හමුවේ ශ්‍රී ලංකා වාසීන්ට සෞඛ්‍ය ගැටළු පවා ඇතිවීමේ අවදානමක් පවතිනවා.

මෙම නෞකාව තුළ ඉන්ධන ටොන් 300ක් පමණ ඇති බවයි පැවසෙන්නේ.

තව ද නෞකාවෙහි ගින්නෙන් නිකුත්වෙමින් පවතින විෂ දුමාරයෙන් සිදු විය හැකි හානි පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව විශේෂඥයින් පවසනවා.

මේ අතර ශ්‍රී ලංකා භූමියෙන් ඈත මුහුදු ප්‍රදේශයකට මෙම නැව ඇදගෙන යාම සඳහා කිසිදු ටග් යාත්‍රාවකට එයට ලඟා විය නොහැකි තරමට ගින්න පැතිර ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම නෞකාව දකුණු පසට ඇළ වෙමින් පවතින බව නාවික හමුදාව පවසනවා.

මේ හේතුවෙන් කන්ටේනර් කිහිපයක්ම මුහුදට වැටී ගිලී ගොස් තිබෙනවා.

මේ අතර නෞකාවේ සිට යම් තෙල් කාන්දුවක් හෝ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සිදුවන බව අද පස්වරුවේ දක්නට ලැබුණා.

මෙලෙස සාගරයට නිදහස්වන තෙල්වලින් සිදුවන හානිය අවම කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, නාවික හමුදාව ඇතුළු ආයතන මේවන විටත් යුහුසුළුව කටයුතු යොදමින් සිටින බව වාර්තා වෙනවා.

හටගෙන ඇති හදිසි තත්ත්වය සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට නාවික හමුදාධිපතිවරයා ගේ දැනුම් දීම මත ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ද සූදානම් වනවා.

ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සාගර පරිසර හානි වැළැක්වීමේ හා ගිනි නිවීමේ හැකියාවෙන් සමන්විත නෞකාවක් අද (25) රාත්‍රිය වන විට ගිනිගන්නා නෞකාව ආසන්නයට පැමිණීමට නියමිව ඇති බව සඳහන්.

එමෙන්ම ගිනි නිවීමට භාවිතා කරනු ලබන, රසායනික ද්‍රව්‍ය සහ තෙල් හානි වළක්වන රසායන ද්‍රව්‍ය රැගත් ඩෝනියර් ගුවන් යානාවක්ද ඇතිවන ඕනෑම අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීම සඳහා සූදානම් කර තිබෙන බව නාවික හමුදාව නිවේනදය කරනවා.

මේ අතර අද පෙරවරුවෙහි නෞකාවෙහි සිදු වූ පිපිරීමත් සමග එහි තිබූ කන්ටේනර් 08ක් මුහුදට වැටුණු අතර එම කන්ටේනර් අතරින් කන්ටේනර් තුනක ඉපොක්සි රෙසීන් (Epoxy Resin) නම් රසායන ද්‍රව්‍ය අඩංගුව ඇති බව මේවන විට අනාවරණය වී තිබෙනවා.

මෙම රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර්වලින් නිකුත් වී වෙරළට පැමිණෙන කිසිදු ද්‍රව්‍යයකට ලං නොවන ලෙස බලධාරීන් ජනතාවගෙන් අනතුරු අඟවමින් නිවේදනය කරනවා.

ඒවා විෂ සහිත විය හැකි බවයි පැවසෙන්නේ.

මෙම අනතුරු ඇඟවීම ධීවරයින්ට ද අදාළ බව සඳහන්.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29270,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නෞකාව දෙකඩ වී ගිලේවියි අනතුරු ඇඟවීමක් - ගිලුනොත් වෙන දේ මෙන්න - (video)
නෞකාව දෙකඩ වී ගිලේවියි අනතුරු ඇඟවීමක් - ගිලුනොත් වෙන දේ මෙන්න - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiFb59MS8fgWX0-7GwS8K8upPmkXHARSMDYwlMICtIxqSh9-2sYfzdFW2I3MXnE04mMKfmxjxz5uRWCHG8oRuJPrT9T3pbsGkI54L7sWkbIc9eqfwzRdm9b0DEAjmXeq5vUQHeNMSoVlF8/s320/a0a23cbb6391865ce7fc52a45d4da8fa_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiFb59MS8fgWX0-7GwS8K8upPmkXHARSMDYwlMICtIxqSh9-2sYfzdFW2I3MXnE04mMKfmxjxz5uRWCHG8oRuJPrT9T3pbsGkI54L7sWkbIc9eqfwzRdm9b0DEAjmXeq5vUQHeNMSoVlF8/s72-c/a0a23cbb6391865ce7fc52a45d4da8fa_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/video_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/video_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy