දෛනික PCR පරීක්ෂණ සංඛ්‍යාව අඩුවීම සම්බන්ධයෙන් සමාජයෙහි පැන නැඟී ඇති ප්‍රශ්නවලට අදාළව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (29) කරුණු පැහැදිල...
දෛනික PCR පරීක්ෂණ සංඛ්‍යාව අඩුවීම සම්බන්ධයෙන් සමාජයෙහි පැන නැඟී ඇති ප්‍රශ්නවලට අදාළව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (29) කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය.
"පොසිටිව් රේට් එක එක හා සමාන විය හැකියි. මොකද වසංගත රෝග විශේෂඥවරුන් තීරණය කරනු ලබන ඉලක්ක කරගෙන තමයි මේක කරන්නෙ. පසුගිය කාලෙදි Exit PCR කියලා එකක් කළා. ඒ අනුව යම්කිසි පුද්ගලයෙක් ආසාදිතයෙක් වුවහොත් ඔහුගේ ආශ්‍රිතයින් ඉන්න මුළු නිවසෙම අය නිරෝධායනය කරලා දින 14ක් ඇතුළත ඔවුන්ව නැවත පරීක්ෂණයකට භාජනය කරනවා. එහිදී, අද මේ තියෙන වසංගත ප්‍රභේදය අනුව ඔක්කොම වගේ බහුතරයක් පොසිටිව් වෙච්ච තත්වයක් තිබුණා. ඉතිං ඒක හින්දා ඉදිරි කාලයෙදි මේක වෙනුවෙන් වැය කරන්නෙ නැතුව ඉලක්ක කරගෙන අලුතින් ආසාදිතයින් සොයාගන්න ක්‍රමවේදයක් ඇතිකරන්න කියලා උපදෙස් ලබාදීලා තියෙනවා මේ වනවිටත්. ඒ අනුව යම්කිසි අඩුවක් තිබෙන්න පුළුවන්.
එපමණක් නෙවෙයි, පසුගිය කාලෙදි විශේෂයෙන්ම පෞද්ගලික ක්ෂේත්‍රයේ විශාල වශයෙන් PCR පරීක්ෂණ ගොඩගැහිලා දවස් 4 - 5 - 6 - 7ක ප්‍රතිඵල ලබානොදී තිබුණා. එමගින් වුණේ දවස් පහක - හතක ප්‍රතිඵල ලැබුණායි පස්සේ බලනකොටත් ඒ අය එහෙ මෙහෙ ගිහිල්ලා තිබ්බ තත්වයෙන් වෙනස් තත්වයක් ඇතිවෙලා තිබ්බා. ඒ අනුව යම් යම් දේවල් කරනු ලැබුවා. මේක කොයිවෙලාවකවත් අඩු කරලා මේ සංඛ්‍යාවන් අඩුකිරීමේ කිසිම බලාපොරොත්තුවක් නෑ. සෞඛ්‍ය විශේෂඥවරුන් මේ පිළිබඳව විශ්ලේෂණයක් කරලා කරන ක්‍රියාවලියක්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (29) උදෑසන දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහනක් සමග සජීවීව සම්බන්ධ වෙමිනි.

COMMENTS