දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු ප්‍රහරය පිළිබඳ තවත් තොරතුරු රාශියක් හෙළිවේ
Homeප්‍රවෘත්ති

පාස්කු ප්‍රහරය පිළිබඳ තවත් තොරතුරු රාශියක් හෙළිවේ

PropellerAds

පා ස්කු ඉරිදා ෂැන්ගි‍්‍රලා හෝටලයේදී බෝම්බයක් පුපුරවා ගත් ඊබ‍්‍රහිම් ඉල්හාම් නමැත්තා ප‍්‍රහාරයට පෙර දින රාති‍්‍රයේ දෙමටගොඩ මහවිල උද්‍යාන මාව...

m.h.a. haleem
අධික වර්ෂාවෙන් කදුකරයේ දිය ඇලි ගණනාවක් සක්‍රිය වේ.. ජලාශ රැසක වාන් දොරටු තවදුරටත් විවෘතයි
මහින්ද-ග්‍රේරැ එජාපයට.. ශ‍්‍රීලනිපය අතහරී ?
පාස්කු ඉරිදා ෂැන්ගි‍්‍රලා හෝටලයේදී බෝම්බයක් පුපුරවා ගත් ඊබ‍්‍රහිම් ඉල්හාම් නමැත්තා ප‍්‍රහාරයට පෙර දින රාති‍්‍රයේ දෙමටගොඩ මහවිල උද්‍යාන මාවතේ පිහිටි සිය නිවෙසට පැමිණ සිය මව්පියන් වෙත ලබාදීමට හඬපට 02 ක් පටිගත කර ඇති බව අනාවරණ වී තිබෙනවා.

ඒ පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති විමර්ශන කොමිසමේදීයි. අදාළ බෝම්බකරුගේ බිරිඳ වන ෆාතිමා ජිෆ්රිගේ බැංකු ගිණුමක තැන්පත් කර තිබූ මුදල් අස්ථානගතවීමක් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදුන් එම දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂණ දුනේෂ් මලිත ප‍්‍රකාශ කළේ මහවිල උද්‍යාන මාවතේ පිහිටි අදාළ නිවසේදී බෝම්බයක් පුපුරවා ගත් ෆාතිමා ජිෆ්රිට අයත් බැංකු ගිණුමක අමෙරිකානු ඩොලර් 5,435 ක මුදලක් තැන්පතුවක් ලෙස තිබූ බවයි.

කෙසේවෙතත් පාස්කු ප‍්‍රහාරයෙන් පසු අදාළ ගිණුම පරීක්ෂා කිරීමේදී එහි ශේෂය අමෙරිකානු ඩොලර් 293 යි ශත 64 ක් දක්වා අඩුවී ඇති බව සාක්ෂිකරු කොමිසම හමුවේ අනාවරණ කර තිබෙනවා.

අදාළ ගිණුමෙන් ඉවත් වූ මුදල සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බවත්, ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කි‍්‍රයාත්මක බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළා.

ෂැන්ගි‍්‍රලා හෝටලයේදී බෝම්බයක් පුපුරවා ගත් ඊබ‍්‍රහිම් ඉල්හාම් නමැත්තා සිය හඬපට 02 පාස්කු ප‍්‍රහාරයට පෙර දින රාතී‍්‍ර 11 යි 48 ට හා අනෙක් හඬපටය පසුදා අලූයම 12 යි 03 ට පමණ පටිගත කර ඇති බව සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළා.

එය දෙමළ භාෂාවෙන් පටිගත කර ඇති අතර සාක්ෂිකරු කොමිසම හමුවට එහි සිංහල පරිවර්ථනයක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ හඬපට සිය මව්පියන් හමුවේ වාදනය කරන ලෙස බෝම්බකරු, ඔහුගේ සහෝදරයෙකු වන ඉබාදා ඊබ‍්‍රහිම් හරහා පවුලේ බාල සහෝදරයා වන මොහොමඞ් ස්මයිල් වෙත ලබාදී ඇති බව සාක්ෂිකරු සඳහන් කළා.

ඒ අනුව පාස්කු ඉරුදින පෙරවරුවේ දෙමටගොඩ මහවිල උද්‍යාන මාවතේ පිහිටි නිවසේ රැුඳී සිටි පිරිස එම හඬපට ශ‍්‍රවණය කරමින් සිටියදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් එම නිවස පරීක්ෂා කර තිබෙනවා.

එහිදී ෆාතිමා ජිෆ්රි කුරානය කියවමින් සිට ඇති බවයි සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කර ඇත්තේ. එහිදී ඇය බෝම්බය පුපුරවා ගෙන තිබෙනවා.

අදාළ නිවසේ තිබී පොත් 283 ක්, බාහිර දත්ත ගබඩා 09 ක්, පෙන්ඩ‍්‍රයිව් 02 ක් සහ ක්‍ක්‍ඔඪ පටිගත කිරීමේ යන්ත‍්‍රයක් සොයාගත් බව සාක්ෂිකරු සඳහන් කළා.

දෙමටගොඩ මහවිල උද්‍යාන මාවතේ පිහිටි නිවසේ තිබී සොයාගත් බොහෝ පොත්වල අන්තවාදී කි‍්‍රයා සම්බන්ධයෙන් අන්තර්ගතව තිබූ බවයි සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කර ඇත්තේ.

ෂැන්ග‍්‍රිලා හෝටලයේදී බෝම්බය පුපුරවා ගත් ඊබ‍්‍රහිම් ඉල්හාම්ගේ බාල සහෝදරයෙකු වන මොහොමඞ් ස්මයිල් මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු ප්‍රහරය පිළිබඳ තවත් තොරතුරු රාශියක් හෙළිවේ
පාස්කු ප්‍රහරය පිළිබඳ තවත් තොරතුරු රාශියක් හෙළිවේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsa3NUaJ3LPzD0oM-x9bPmlvgXhRPsZiGNK_DWro9VrPZT5mWJXVt6NRvBI-i11SLpDxHhJXi89wzKARYdFYPIhTucDkZry9bXM3MDxW8192ZkP5duNsz4UyknlduGVNeS3Qzf61iag7A/s320/e4c01300f43376fc1d87d14c8cedb49f5f781d6d.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsa3NUaJ3LPzD0oM-x9bPmlvgXhRPsZiGNK_DWro9VrPZT5mWJXVt6NRvBI-i11SLpDxHhJXi89wzKARYdFYPIhTucDkZry9bXM3MDxW8192ZkP5duNsz4UyknlduGVNeS3Qzf61iag7A/s72-c/e4c01300f43376fc1d87d14c8cedb49f5f781d6d.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_950.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_950.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy