දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වෛද්‍ය මතය අනුව සජිත් පේ‍්‍රමදාසට පිස්සු - ගම්මන්පිල
Homeප්‍රවෘත්ති

වෛද්‍ය මතය අනුව සජිත් පේ‍්‍රමදාසට පිස්සු - ගම්මන්පිල

PropellerAds

ජ නපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් මහර කඩවත දී පැවති ජන රැලිය හා එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙ...

හම්බන්තොට වරායේ අනුග්‍රාහක ගිවිසුම.
ලුම්බිණි, කපිලවස්තු හා මායාවතී සංවර්ධනයට ලංකාවෙන් ඩොලර් මිලියනයක්.
හදවත ම සුවිසල් අහසකි
නපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් මහර කඩවත දී පැවති ජන රැලිය හා එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

අපි දැක්කා ඇල්පිටියේ ජනතාව සජිත් ප්‍රේමදාස මහතාගේ ජනපති සිහිනය කුඩු පට්ටම් කර දමනවා. ඒක දැක්කහම අද ඒ අය කියනවා ඇල්පිටිය කියන්නේ අපේ බලකොටුවලු.
ඒක හරියට කොළඹ මහනගර සභාව එක්සත් ජාතික පක්ෂය දිනනවා වගේලු. ජනපතිවරණය මේකෙන් මනින්න බැහැ කියලයි ඒගොල්ලො කියන්නෙ. අපි මේ කතාවේ ඇත්ත නැත්ත බලමු. බෙන්තර ඇල්පිටිය ආසනය හැදිලා තියෙන්නේ ප්‍රාදේශීය සභා දෙකකින්. ඒ තමයි බෙන්තොට සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා දෙක. බෙන්තොට ප්‍රාදේශීය සභා මැතිවරණය තිබ්බා 2018 පෙබරවාරි මාසයේ. පොහොට්ටුවට 46%යි. ශ්‍රීනිපයට 11%යි. එජාපයට 26%. මාස විස්සකට පස්සේ ඒ අල්ලපු කොට්ඨාසය ඇල්පිටියෙ ඡන්දය තියෙනකොට අපේ 46%ය 56%ය වෙලා. සහෝදර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 11% සිට13% දක්වා යනවා. එජාපයේ 26% පල්ලම් බහිනවා 23% දක්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ 13% ලැබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පල කලාට පස්සෙයි. ඒ කියන්නේ අපේ 56% සහ ඒ 19% එක්වූ විට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට දැන් 69% තිබෙනවා.

රනිල්ට බෑ කියලා ඡන්ද දිනවන්න ගෙනාපු අපේක්ෂකයා සජිත් පුතා ඇවිල්ල කරල තියෙන්නෙ රනිල්ගේ 26%ය 23% දක්වා පල්ලම් බස්සපු එකයි. සජිත් පුතේ ඔයාගේ ජනාධිපති සිහිනය ඇල්පිටියෙන් කුඩුපට්ටම් වෙලා ඉවරයි කියන එක අපි එතුමාට මතක් කරනවා. කොළඹ මහ නගර සභා වගේ ඒවා ලංකාවේ තව තියෙන්නේ හතයි. නමුත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වගේ ඒවා 340න් 270ක්ම, ඇල්පිටියවල් කියලා අපි එක්සත් ජාතික පක්ෂයට මතක් කරනවා. රනිල්ට පුළුවන් වෙච්ච ටිකවත් ඇයි සජිත්ට බැරි උනේ කියලා අපි හොයලා බලන්නට ඕනෑ.

බ්‍රෝකර් වෙනුවට ජෝකර්

එක්සත් ජාතික පක්ෂයේ නායකයා රට කඩාගෙන විකුණනකොට අපිට මේ බ්‍රෝකර් එක්ක ගමනක් නැහැ අපිට අලුත් නායකයෙක් අවශ්‍යයි කිව්වා. කට්ටියක් ලක ලෑස්ති වෙලා අප ගාව ඉන්නවා හොඳ බඩුවක් කියලා දුන්නා. බැලින්නම් බොලේ මෙයා ජෝකරයෙක්. කට ඇරියොත් කියන්නේ ගොන් කතාවක්. මේ ගොන් කතා කීම අහගෙන ඉන්න බැරුව සැප්තැම්බර් මාසේ 27 වෙනිදා මම එතුමාට අභියෝගයක් කළා. එදා සිට ජනාධිපතිවරණයට තිබුණේ දින 50යි. මම ඔබතුමාට දෙනවා දවස් දහයකට එක ගානේ ගොන් කතා පහක් කියන්න. පහට වඩා කිව්වොත් ජනාධිපතිවරණය අකුලගෙන ගෙදර යන්න කියලා. පළවෙනි දවස් 10 ගතවෙනකොටම මේ යෝදයා කතා පහ කියලා ඉවරයි.

මොනවද මේ ගොන් කතා. ඔක්තෝම්බර් මාසේ දෙවැනිදා මෙයා කියනවා මම වැටුප් ගන්නේ නැතුව වැඩ කරනවා කියලා. වැටුප් නොගෙන වැඩ කරන්න මෙයා රස්සාවක් කරලා තියෙනවද. නැහැ. දොස්තර ඉංජිනේරු ගණකාධිකාරී වගේ වෘත්තියක් කරලා තියෙනවද. ඒත් නැහැ. අඩුම ගානේ බුලත්විට කඩයක් වගේ ව්‍යාපාරයක් වත් කරල නැහැ. පරම්පරාවෙන් ආපු දෙයක්වත් තියෙනවද බලන්න තාත්තා දිහා බැලුවා. තාත්තටත් වෘත්තියක් ව්‍යාපාරයක් නැහැ. එහෙනම් සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජනාධිපති පුටුවේ වාඩි වෙලා පඩි නොගෙන වැඩ කරන්න සල්ලි කොහෙන්ද ? අපේ රාජ්‍ය දේපල කුණුකොල්ලෙට විකුණලා ටෙන්ඩර් මගඩි කරලා ජාවාරම්කරුවන්ගේ සල්ලි වලින් ජීවත් වෙන්න නේද මේ හදන්නේ. ඊට වඩා පඩිය අරන් ජීවත් වෙන එක නම්බුකාරයි මහත්තයෝ කියලා අපි සජිත් ප්‍රේමදාස මහත්තයට කියනවා.



එතුමාගේ දෙවෙනි ගොන් කතාව වන ශ්‍රී මුඛය ගැන කී කතාව ගැන මා කතා කරන්නේ නැහැ. මොකද එය මුළු රටම දන්නවා. එතුමාට මහනායක හිමිවරුන් ඇවිල්ලා සමාව ගන්න කියනකං බුදුරජාණන් වහන්සේට තමන්ම සමාන කර ගත්ත එකට සමාව ගන්න වත් බැරි වුනා.

ඔක්තෝම්බර් මාසේ 4 වෙනිදා තුන්වන ගොන් කතාව සිරිකොතේදී කියනවා. මම ජනතාව අතර නැති කොට මට ලෙඩක් හැදෙනවා. ජනතාව වැඩි වැඩියෙන් ඉන්නකොට තමයි මගේ ඇඟට වැඩි වැඩියෙන් ඔක්ෂිජන් ලැබෙන්නේ කියලා. හයේ පන්තියේ විද්‍යාව අප ඉගෙන ගත්තා. මිනිසුන් ඔක්සිජන් ආශ්වාස කරනවා. පිටකරන්නේ කාබන්ඩයොක්සයිඩ්. සෙනග වැඩි වෙන්න වැඩි වෙන්න එතන තියෙන කාබන්ඩයොක්සයිඩ් ද වැඩි වෙනවා. රවී කරුණානායක කිවුවාට සජිත් 10 අසමත් කියලා මෙන්න බොලේ මෙයා හයේ පන්තිය වත් සමත් නැහැ. සෙනග වැඩිවෙනකොට ඔක්සිජන් වැඩියෙන් ලැබෙන්න විදියක් නැහැ කියන එක සජිත් ප්‍රේමදාස මහත්තයා දන්නේ නැහැ.

එතුමා හය අසමත් කියල නේද හිතෙන්නේ. නැහැ 4ත් අසමත් බවයි පෙන්නේ. මං ඒකත් කියන්නම්. ඔක්තෝම්බර් මාසේ පස්වෙනිදා පොලොන්නරුවේ ගොවි සමුළුවක් අමතමින් මෙතුමා කියාගෙන යනවා ගොවියන්ට දෙන සහන ලැයිස්තුව. කියාගෙන කියාගෙන ගිහිල්ලා ජනතාවගෙන් අහනවා මෙච්චර සහන දෙන්න සල්ලි කොහෙන්ද සජිත් ප්‍රේමදාසට කියලා තමුන්නාන්සේලා හිතෙනවා ඇති නේද කියලා. ධම්මපදයේ ගාථාවක් එහෙම කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා එයා කිසිම වැටුප් වේතනයක් ගන්නෙ නැහැ. ඒ සියල්ල භාණ්ඩාගාරයට හරවා යවා ඒ මුදලින් මේ සහන දෙන්න කියලා නියම කරනවලු.

මම ලලිත් වීරතුංග මහතාගෙන් ඇහුවා ජනාධිපතිතුමාට මසකට ලැබෙන ගාන කීයද කියලා. ඒ මුදල රුපියල් 97 දහසයි. අපි නිකමට හිතමු ලක්ෂයක් කියලා. වසරටම ලැබෙන්නේ ලක්ෂ දොළහයි. ලක්ෂ 12ක් භාණ්ඩාගාරයට යවලා ලක්ෂ 12,000 ක සහන බෙදන්න කිව්වොත් එය භාණ්ඩාගාරයට ඉටු කරන්න පුලුවන්ද. 1 x 12 කීයද කියලා දන්නේ නැහැ කියන්නේ සජිත් හය විතරක් නෙවෙයි හතර වත් සමන් නැහැ කියලා අපට බය නැතුව තීරනය කරන්න පුළුවන්.

ඔක්තෝබර් මාසයේ දහ වෙනිදා ගාලුමුවදොර රැස්වීමේදී එතුමා කියනවා මම ජනාධිපති උනහම මගේ ආරක්ෂක ඇමැති විදිහට සරත් ෆොන්සේකා මහත්මයා පත් කරනවා කියලා. අනේ අහිංසකයා නැගිටලා ජනතාවට ආචාර කරනවා, වටේ ඉන්න කට්ටිය බදාගන්නවා. අතට අත දෙනවා. අර විල්පත්තු කැලේ කපපු යෝධයා රිෂාඩ් බදුර්දීන් ඇවිල්ලා බදාගන්නවා යන්තම් මම බේරුනා කියලා. 2003 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව ජනාධිපතිතුමා අනිවාර්යෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය තමන් සතුව තබාගත යුතුයි. එම තීන්දුව දුන් සරත් එන් සිල්වා අග්‍රවිනිශ්චකාරතුමා ගෙන් මම ඇහුවා එතුමාගේ තීන්දුව 19 යටත් පස්සේ වලංගු ද කියලා. එතුමා කියනවා එතුමන් ඒ තීන්දුව දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (අ) වගන්තිය යටතේ. එය 19යෙන් වෙනස්වෙලා නැහැ. ඊළඟ ජනාධිපති අනිවාර්යෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය තමන් ළඟ තබා ගත යුතුයි කියලා. අහිංසක ෆොන්සේකා sorry.com තමයි.

මිත්‍රවරුනි දැන් ගොන් කතා ගණන 5 යි. ඊට කලින් කිව්ව ගොන් කතා දෙකකුත් මතක් කරලා දෙන්නම්. එතුමා දවසක් කියනවා මම උදේ 4 ඉඳන් රෑ 12 වෙනකම් දවසට පැය විස්සක් වැඩ කරනවා, අන්න එහෙම තමයි ජනාධිපතිවරු ඉන්න ඕන කියලා. මිත්‍රවරුණි වෛද්‍යවරු නම් කියන්නේ දිනකට පැය 6කට වඩා නිදා ගන්නෙ නැතුව අඛණ්ඩව හිටියොත් ඒ යෝධයාට පිස්සු හැදෙනව කියලයි. පිස්සෙක් ජනාධිපති කරමුද කියලයි අපිට තීරණය කරන්න වෙන්නේ. ඔය විස්සක් නොනිදා සිටීම ජනාධිපතිකමට සුදුසුකමක් නම් ඊට වඩා සුදුස්සෙක් අපේ ගෙවල් ගාව ඉන්නවා. මාස 6 ක කුඩා දරුවෙක් ඉන්නවා. ඒ පොඩි දරුවා නම් සජිත් නිදාගෙන ඉන්න පැය හතරෙත් ඇහැරලා අඬනවා. එහෙමනම් සජිත් නෙවෙයි ඒ මාස හයේ පොඩි එකාව ජනාධිපති අපේක්ෂක කරන්න කියලා අපි කියනවා.

තව දවසක සජිත් ප්‍රේමදාස මැතිතුමා කියනවා බලන්න මගේ මූණ.මගේ ඇස් ගිලිලා තියෙන්නෙ. මගේ කම්මුල වල ගැහිලා තියෙන්නේ. මහන්සිවෙලාමයි මට මෙහෙම වෙලා තියෙන්නේ. ඒ නිසා මමයි ජනාධිපතිකමට සුදුස්සා කියලා. මට ඒ කතාව කියන කොට මතක් උනේ මම කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ බොරැල්ල හංදියේ සුපර්මාර්කට් එක ගාව හිටියා ගංජා ගුණේ කියලා හාදයෙක්. ඉස්කෝලේ යන කාලේ ඔහු අපෙන් රුපියල් දෙකක් ඉල්ලනවා ගංජා සුරුට්ටුවක් ගන්න. සජිත්ගෙ මොන ඇස් ගිලිල්ලක් ද? ගංජා ගුණේගෙනේ ඇස් දෙක ගිලිලා තියෙන්නේ. සජිත්ගේ මොන කම්මුල් වල ගැහිල්ලක් ද ? ගංජා ගුණේගෙනේ කම්මුල වල ගැහිලා තියෙන්නේ. එහෙනම් සජිත් ප්‍රේමදාස මැතිතුමාට වඩා බොරැල්ල හන්දියේ ගංජා ගුණේත් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට දිරිපත් කරන්න සුදුසුයි කියලා අප ප්‍රකාශ කරනවා.

හිස්බුල්ලා තබා කිසිම බූවල්ලෙක් අපත් එක්ක නෑ

අපේ පැත්තෙන් කියවෙච්ච ගොන් කතාවකටත් උත්තර දෙන්න ඕනෑ. කව්දෝ කිව්වා කතාවක් අල්ලගෙන දැන් සමහරු අපෙන් අහනවා හිස්බුල්ලා ඉන්නෙත් අපිත් එක්ක ද කියලා. මොන මෝඩ කතාවක් ද ඒක. එයා ජනාධිපතිවරණයට වෙනම ඉල්ලනවා. හිස්බුල්ලා තබා කිසිම බූවල්ලෙක් අපත් එක්ක නෑ කියන එක තමුන්නාන්සේලාට අප ස්ථිරවම ප්‍රකාශ කරනවා.

නොවැම්බර් 16 වැනිදා තීරණාත්මක දිනයක්. අපේ මව්බිම කෑලි 10කට කැඩෙනවද නැතිනම් හැමදාමත් එකට තියෙනවද කියල තීරණය වෙන්නේ එදා ටයි. අපේ මව්බිම ආර්ථික වශයෙන් දිදුලන රටක් විදිහට ආසියාවේ බැබලෙනවා ද නැතිනම් ඇෆ්ගනිස්ථානයටත් වඩා පහලට යනවද කියන එක තීරණය වන්නෙත් නොවැම්බර් 16 වැනිදාටයි. අධිරාජ්‍යවාදීන්ගේ කඳවුරු අපේ රට තුළ ඉදිවෙලා මිනී කඳු මතින් ගංගා ගලන මූසල යුගයක් උදා වෙනවා ද නැද්ද යන්න තීරණය වන්නේ නොවැම්බර් 16 වැනිදායි. එනිසා අපේ ආදරණීය මව් බිම වැටී සිටින තත්වයෙන් මුදා ගැනීමේ දේශප්‍රේමීන්ගේ අරගලයට නායකත්වය දෙන්නට අපේ වීරයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් වෙලා තිබෙනවා. එතුමා සමග මව්බිම බේරා ගැනීමේ පින්කමට වහා වහා එකතු වෙන්න අප තමුන්නාසේලාට ආරාධනා කරනවා.

– අරවින්ද අතුකෝරල


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29589,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වෛද්‍ය මතය අනුව සජිත් පේ‍්‍රමදාසට පිස්සු - ගම්මන්පිල
වෛද්‍ය මතය අනුව සජිත් පේ‍්‍රමදාසට පිස්සු - ගම්මන්පිල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxk6kS8nLahkoc3w4tsnmN3M5br5YMCKtC29m9N-demSnbKqVGCFfWJI-v7cSSUqjoYWuuwm4EDWZ-1mEDNP8MwLohpEeYPL3do4oJigtPuI1mh72Ae6o1i9UAAEtFGwuMg8ACAyIAZFVp/s320/sajith-gamma.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxk6kS8nLahkoc3w4tsnmN3M5br5YMCKtC29m9N-demSnbKqVGCFfWJI-v7cSSUqjoYWuuwm4EDWZ-1mEDNP8MwLohpEeYPL3do4oJigtPuI1mh72Ae6o1i9UAAEtFGwuMg8ACAyIAZFVp/s72-c/sajith-gamma.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_926.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_926.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy