දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා ‘සුළු උණක්’යැයි කියා වසංගතය පාලනයට පියවර නොගත් ජනපතිට එරෙහිව බ්‍රසීල වැසියෝ වීදි බසිති
Homeප්‍රවෘත්ති

කොරෝනා ‘සුළු උණක්’යැයි කියා වසංගතය පාලනයට පියවර නොගත් ජනපතිට එරෙහිව බ්‍රසීල වැසියෝ වීදි බසිති

PropellerAds

හාර ලක්ෂ හැට එක්දහසකට වැඩි කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති බ්‍රසීලයේ දහස් ගණනක් වැසියෝ එරට ජනාධිපති ජේර් බොල්සනාරෝට එරෙහිව වීථි බැස වි...

ඇමති විදුර අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් !
සජිත්ගේ පක්ෂය පුම්බන වැඩේ මාධ්‍ය ආයතනයක් කරට ගනී !
චම්පික සිය දික්කසාද බිරිඳ නිවාස අඩස්සියේ තබාගෙන.. බලෙන් ප‍්‍රකාශ නිකුත් කරවාගනී !
හාර ලක්ෂ හැට එක්දහසකට වැඩි කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති බ්‍රසීලයේ දහස් ගණනක් වැසියෝ එරට ජනාධිපති ජේර් බොල්සනාරෝට එරෙහිව වීථි බැස විරෝධතාවල නිරතව සිටිති. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කොරෝනා වසංගත ව්‍යාප්තිය නිසි ලෙස පාලනය නොකළ බවට චෝදනා කරමින් ජනතාව එලෙස ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් විරෝධතාවල නිරතව සිටින බවයි.

මුව ආවරණ පැළඳ 10,000කට අධික ජනතාවක් රියොද ජැනයිරෝ නුවර වීථීවල පෙළපාළියේ යමින් ජනාධිපතිවරයාට එරෙහිව උද්ඝෝෂණවල නිරතව සිටින අතර ”බොල්සනාරෝ ජන සංහාරය” සහ ”බොල්සො වෛරසය ඉවත්වන්න” වැනි පාඨ කියමින් ජනතාව විරෝධතාවේ නිරත වන බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

මීට අමතරව අනෙකුත් ප්‍රධාන නගර ඇතුළු නගර රැසක ද ජනතාව විරෝධතාවල නිරතව සිටින අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඇතැම් විරෝධතා පෙළපාළිවලට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර ඇති බවයි.

වසංගතය ආරම්භයේ සිටම බ්‍රසීල ජනාධිපතිවරයා කොවිඩ් -19 ‘සුළු උණක්’ ලෙස හඳුන්වා දෙමින් ඒ් පිළිබඳව නිසි සැලකිල්ලක් යොමු නොකළ අතර පසුව ක්‍රමයෙන් රට පුරා වෛරසය පැතිර යමින් ආසාදිතයින් මෙන්ම මරණ සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් ඉහළ යන්නට විය.

නිරෝධානය කිරීම, මුව ආවරණ පැළඳීම, දුරස්ථභාවය රැක ගැනීම, සංචරණ සීමා පැනවීම ආදී මුළු ලෝකයක් වෛරස පාලනය සඳහා යොදා ගත් කොවිඩ් මාර්ගෝපදේශ කිසිවක් ඔහු මායිම් නොකළේ ය.

වෛරසය නිසා දිනෙන් දින එරට වැසියන් මරු තුරළට යද්දී, මිය යන ජනතාව මිහිදන් කිරීමට සොහොන් බිම්වල ඉඩ කඩ පවා ප්‍රමාණවත් නොවෙද්දී වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට සෞඛ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම ඉල්ලා අස් වූ පසුබිමක් තුළ බොල්සනාරෝ රජය කොවිඩ් එන්නත් ඇණවුම් කිරීමට පවා නිසි කල නිසි පියවර නොගත් බවට චෝදනා එල්ල විය.

රට පුරා පැවති ඇතැම් විරෝධතා රැළිවලදී ප්‍රකාශ වී ඇත්තේ, මීට පෙර එන්නත්කරණය ආරම්භ කළේ නම්, ජීවිත රැසක් බේරා ගන්නට හැකිව තිබූ බවයි.

මේ අතර ජනාධිපතිවරය ඇමසන්හි වන විනාශය කළ බවට සහ ආදිවාසී ජනතාවගේ ඉඩම් අත්පත් කර ගත් බවට ද මෙම උද්ඝෝෂණවලදී ජනාධිපතිවරයාට උද්ඝෝෂකයෝ චෝදනා කර ඇත.

මේ වනවිට එරට සෙනෙට් කොමිසමක් විසින් මේ වනවිට කොරෝනා වසංගත ව්‍යාප්තිය පාලනය කළ ආකාරය සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපතිවරයාට එරෙහිව විමර්ශනයක් ක්‍රියාත්මක ය.

ලොව කොරෝනා ආසාදිතයින් වාර්තාවීම අතින් තෙවන ස්ථානයේ (16,471,600) පසුවන බ්‍රසීලය මරණ (461,142 )වාර්තාවීම අතින් පසුවන්නේ දෙවන ස්ථානයේ ය.

Courtesy –  Newsfirst 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා ‘සුළු උණක්’යැයි කියා වසංගතය පාලනයට පියවර නොගත් ජනපතිට එරෙහිව බ්‍රසීල වැසියෝ වීදි බසිති
කොරෝනා ‘සුළු උණක්’යැයි කියා වසංගතය පාලනයට පියවර නොගත් ජනපතිට එරෙහිව බ්‍රසීල වැසියෝ වීදි බසිති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj9ZHTI61NmRWIvE3YlG_mPIH30Hc0pavroVAtrUo0UFJh9qAQNtT3Hl2wDBnj7x9cp4dWK9bfTQOWIp_biq1bDmo4pL3McYnXyfgwrtLYC_6sZHCgH0ooQxi4dnYUgriK5XaBQIRAgJm0/w320-h157/Jair-Bolzano.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj9ZHTI61NmRWIvE3YlG_mPIH30Hc0pavroVAtrUo0UFJh9qAQNtT3Hl2wDBnj7x9cp4dWK9bfTQOWIp_biq1bDmo4pL3McYnXyfgwrtLYC_6sZHCgH0ooQxi4dnYUgriK5XaBQIRAgJm0/s72-w320-c-h157/Jair-Bolzano.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_623.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_623.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy