දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආයුර්වේදයටත් වැඩ පෙන්වන්න අවස්ථාව - රට පුරා ආයුර්වේද රෝහල්වල කොරෝනා ආසාදිතයන් නවතයි !
Homeප්‍රවෘත්ති

ආයුර්වේදයටත් වැඩ පෙන්වන්න අවස්ථාව - රට පුරා ආයුර්වේද රෝහල්වල කොරෝනා ආසාදිතයන් නවතයි !

PropellerAds

දිවයින පුරා පිහිටි ආයුර්වේද රෝහල් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සපයන මධ්‍යස්ථාන බවට පත් කරන ලෙස අතිගරු ජනාධිපතිතුමන් විසින් ලබාදුන් උපද...

මැතිවරණ නීති කඩන්න එපා - තිගාම්බරම්ගෙන් අපේක්ෂකයින්ට උපදෙස්
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි - පළමු තැන ගත් සිසුන් මෙන්න
ශිෂ්‍යත්වයේ අභියාචනා භාර ගැනීම ජනවාරි 15 සිට
දිවයින පුරා පිහිටි ආයුර්වේද රෝහල් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සපයන මධ්‍යස්ථාන බවට පත් කරන ලෙස අතිගරු ජනාධිපතිතුමන් විසින් ලබාදුන් උපදෙස් පරිදි ආයුර්වේද රෝහල් 50 ක් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සපයන මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය (23) තීරණය කරන ලදි.

මෙම තීරණය ගන්නා ලැබුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති විශේෂ සාකච්ජාවකදී ය.

දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා අයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ද සහභාගීත්වයෙන් යුතු ව පැවති මෙම සාකච්ජා‌වේ දී ආයුර්වේද රෝහල් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සපයන මධ්‍යස්ථාන බවට පත් කිරීමට තීරණය කිරීමත් සමග ඇඳන් 3500 ක ප්‍රමාණයක් කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා එක් වේ.

මෙම සාකච්ඡාවේ දී කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා වෙන් කරන ලද ආයුර්වේද රෝහල්වල සේවය කරන සියළු සෞඛ්‍ය මණ්ඩල වලට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් පිළිබදව විධිමත් පුහුණුවක් ලබාදීමටත්, සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් එන්නත් කිරීමටත් තීරණය කරන ලදි.

එමෙන්ම ප්‍රතිකාර සේවාවන් සදහා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ, ඖෂධ, පුද්ගල ආරක්ෂිත ඇදුම් කට්ටල කඩිනමින් ලබාදීමටත්, කොවිඩ් ප්‍රතිකාර සේවාවන්ට අදාලව රෝහල්වල සිදු විය යුතු භෞතික වෙනස්කම් කඩිනමින් සිදු කිරීමටත්, ඒ් සදහා මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශ හා මුදල් අමාත්‍යාංශය එක්ව ලබාදීමට ද එකඟතාව පළ කරන ලදි.

තව ද ප්‍රතිකාර සදහා යොමු කරන රෝගීන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ආහාරපාන ලබාදීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වූ අතර, ප්‍රණීත පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත් එම කටයුතු නිසි අයුරින් සිදු වන බවට විමර්ශනය කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය, සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය, නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ සේනක පිලපිටිය මහතා, පළාත් ආයුර්වේද කොමසාරිස්රු, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, නියෝජ්‍ය අධක්ෂ ජනරාල්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

විරාජ් අබේසිංහ
(මාධ්‍ය ලේකම්)
සෞඛ්‍ය අමාත්‍යාංශය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආයුර්වේදයටත් වැඩ පෙන්වන්න අවස්ථාව - රට පුරා ආයුර්වේද රෝහල්වල කොරෝනා ආසාදිතයන් නවතයි !
ආයුර්වේදයටත් වැඩ පෙන්වන්න අවස්ථාව - රට පුරා ආයුර්වේද රෝහල්වල කොරෝනා ආසාදිතයන් නවතයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj2F6mw3EkcSySMN4r_xjajOYGNOIip8LJy4fOy7tY-eQ5Gjy5lLvf4nWGGvdNOhTHfMkMWG5c_ld8jmYcsvCIATCgnRSojVLDLAyIOJ_WTUIoc9uhk07ffhTIRMOG41_I9diDwo5Zkyl0/s320/hospital.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj2F6mw3EkcSySMN4r_xjajOYGNOIip8LJy4fOy7tY-eQ5Gjy5lLvf4nWGGvdNOhTHfMkMWG5c_ld8jmYcsvCIATCgnRSojVLDLAyIOJ_WTUIoc9uhk07ffhTIRMOG41_I9diDwo5Zkyl0/s72-c/hospital.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_505.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_505.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy