මෙරට කොරෝනා මර්දනය සඳහා ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් කෝටි අටක (ඇමරිකානු ඩොලර් මිලියන 80.51ක) ණය මුදලක් ලබා ගැනීමට රජය තීරණය කර ඇතැයි වාර්ත...
මෙරට කොරෝනා මර්දනය සඳහා ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් කෝටි අටක (ඇමරිකානු ඩොලර් මිලියන 80.51ක) ණය මුදලක් ලබා ගැනීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. මෙම ණය මුදල ලබා ගැනීමට සූදානම් වන්නේ මේ රට කොවිඩ් 19 එන්නත් කරන වැඩසටහන සහ සෞඛ්‍ය අංශ සූදානම් කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් බවද පැවසේ.
ලෝක බැංකු සමූහයට අයත් ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික බැංකුව සහ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය යන ආයතන දෙකෙන් මෙම ණය මුදල් ලබා ගැනීමට නියමිතය.
ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 54ක් ලබා ගැනීමට නියමිත අතර ජාත්‍යන්තර සංවර්ධන සමායතනයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 2.6 ක ණය මුදලක් ලබා ගැනීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
ජාත්‍යන්තර සංවර්ධන සමායතනයෙන් ලබා ගැනීමට නියමිත ණය මුදල වසර 5ක සහන කාලයක් සහිතව වසර 30කින් ගෙවිය යුතු වන අතර ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික බැංකුවෙන් ලබා ගැනෙන ණය මුදල වසර 5ක සහන කාලයක් සහිතව වසර 18කින් ගෙවිය යුතු වේ.
කොවිඩ් 19 එන්නත් කරන වැඩසටහන යටතේ මෙරට ජනගහනයෙන් අවම වශයෙන් සියයට හැටකට එන්න ලබාදීමට ද රජය සැලසුම් කර ඇතැයිද මේ අතර වාර්තා වේ.
COMMENTS