දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොළඹ හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගනය ඉසිපතන විදුහලට පවරයි
Homeප්‍රවෘත්ති

කොළඹ හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගනය ඉසිපතන විදුහලට පවරයි

PropellerAds

කොළඹ 5 ප්‍රදේශයේ පිහිටි හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගනය, ඉසිපතන විද්‍යාලයට ලබාදීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා, කො...

මැක්ස් ඝාතනය කළ ධාමරිකයාව අහිංසකයෙකු කිරීමේ කුමන්ත්‍රණයක පොලීසිය නිරතවී සිටිනවා – අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
මැක්ස් ඝාතනය කළ ධාමරිකයාව අහිංසකයෙකු කිරීමේ කුමන්ත්‍රණයක පොලීසිය නිරතවී සිටිනවා – අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
කොරෝනා රෝගීන් 13ක් : මුළු රෝගීන් සංඛ්‍යාව 1068ක් දක්වා ඉහලට
කොළඹ හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගනය ඉසිපතන විදුහලට පවරයි

කොළඹ 5 ප්‍රදේශයේ පිහිටි හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගනය, ඉසිපතන විද්‍යාලයට ලබාදීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා, කොළඹ මහ නගර සභාවේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 

පෙරේදා (05) කොළඹ 5, ඉසිපතන විද්‍යාලයේ අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙලෙස උපදෙස් දී ඇත. 

මෙම සාකච්ඡාවට, ඉසිපතන විද්‍යාලයේ විදුහල්පති ප්‍රේමසිරි ඈපා මහතා ඇතුළු ගුරුවරුන්, කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. අනුර මහතා ඇතුළු නගර සභා නිලධාරීන් සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. 

ඉසිපතන විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ආදී ශිෂ්‍ය සංගමය අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගනය ඉසිපතන විද්‍යාලයට ලබාදීමට කටයුතු කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉසිපතන විද්‍යාලයේ විදුහල්පති ප්‍රේමසිරි ඈපා මතා පැවසුවේ, වසර 62 ක් වනඉසිපතන විද්‍යාලයට ක්‍රීඩාංගනයක් ලැබීම ඓතිහාසික අවස්ථාවක් බවයි. 

මේ අනුව, මෙතෙක් කොළඹ මහ නගර සභාව යටතේ පැවති හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගනයේ පරිපාලනය, නඩත්තුව සහ සංවර්ධන කටයුතු, ඉදිරියේදි මහ නගර සභාව සහ ඉසිපතන විද්‍යාලය අතර ඇතිකරගන්නා අවබෝධතා ගිවිසුමක් මඟින්, දෙපාර්ශවය විසින් ක්‍රියාත්මක කරනු ඇත. 

කොළඹ මහ නගර සභාවේ නාගරික භාණ්ඩාගාරික කේ. ඩී. චිත්‍රපාල මහතා පැවසුවේ, අවබෝධතා ගිවිසුම සකස් කිරීම සඳහා, අගමැති කාර්යාලය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, කොළඹ මහ නගර සභාව සහ ඉසිපතන විද්‍යාලයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරන බවයි. 

කොළඹ 5, ඉසිපතන විද්‍යාලයේ සිසුන් 4,700 ක් පමණ මේ වනවිට ඉගෙනුම ලබන බව විදුහල්පතිවරයා පවසයි. 

මෙතෙක් විද්‍යාලයේ ක්‍රීඩා කටයුතු සිදුකර ඇත්තේ කුලියට ලබාගත් ක්‍රීඩාංගනවලයි. වසර ගණනාවක සිට ශ්‍රී ලංකා රග‍්බි කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් 50 % ක් පමණ තේරීපත්වූයේ ඉසිපතන විද්‍යාලයෙන් බව ද විදුහල්පති ප්‍රේමසිරි ඈපා මහතා පැවසි ය. 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළඹ හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගනය ඉසිපතන විදුහලට පවරයි
කොළඹ හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගනය ඉසිපතන විදුහලට පවරයි
http://ift.tt/2eastT9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_644.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_644.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy