මේ වන විට ඉන්දියාවේ ශීඝ‍්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරස් ප‍්‍රභේදයද මෙරට තුළ පැතිර යෑමේ අවදානමක් මතුවී ඇතැයි වසංගත රෝග ඒකකයේ ප‍්‍රධානී විශේෂ...
මේ වන විට ඉන්දියාවේ ශීඝ‍්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරස් ප‍්‍රභේදයද මෙරට තුළ පැතිර යෑමේ අවදානමක් මතුවී ඇතැයි වසංගත රෝග ඒකකයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍යය සුදත් සමරවීර මහතා පැවසීය. මෙතෙක් මෙරට තුළ පැවති වෛරස් ප‍්‍රභේදය වෙනස් වීමත් සමග මේ වන විට ව්‍යාප්තිය ශීඝ‍්‍ර ලෙස ඉහළ ගොස් තිබෙන බවද කී ඒ මහතා එක් අයකුගෙන් වැඩි පිරිසකට රෝගය ආසාදනය වීමේ තත්ත්වයක් ඇති වී තිබෙන බවද සදහන් කළේය.
මෙරට ධීවරයන් මුහුුදේදී ඉන්දීය ජාතිකයන් හා සම්බන්ධ වීම හේතුවෙන් ඉන්දීය වෛරසය මෙරට තුළ පැතිරීමේ හැකියාවක් පවතින බවද සුදත් සමරවීර මහතා පෙන්වා දුන්නේය. එසේම විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයන් හරහාද ඉන්දීය වෛරසය මෙරට පැතිර යෑමේ අවදානමක් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.
මේ අතර ඊයේ (04 වැනිදා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශී‍්‍ර ලංකා වෛද්‍යය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍යය පද්මා ගුණරත්න මහත්මිය සදහන් කළේ අද වන විට මෙරටින් ආසාදිතයන් 1800ක් හදුනා ගන්නා විට එවන් දෙතුන් ගුණයක ආසාදිතයන් පිරිසක් සමාජයේ ඉහළ යන තත්ත්වයක් ඇතිවී තිබෙන බවය.
එසේම පවතින වසංගත තත්ත්වය හමුවේ රෝහල් ඇදන් ඉඩකඩ ශීඝ‍්‍රයෙන් අඩුවෙමින් තිබෙන අතර දැඩි සත්කාර ඒකකද පිරීයමින් තිබෙන බව ඇය සදහන් කළාය.
එක් පවුලක අයකු ආසාදිත වූ පසු මුළු පවුලටම රෝගය ආසාදනය වීමේ තත්ත්වයක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය වී ඇති අතර එම තත්ත්වය තුළ අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් උපරිම සංචරණ සීමා පැනවීමට මේ මොහොතේ රජය පියවර ගත යුතුව ඇතැයිද විශේෂඥ වෛද්‍යය පද්මා ගුණරත්න මහත්මිය වැඩිදුරටත් සදහන් කළාය.
පවතින වසංගත තත්ත්වය හමුවේ වනජීවී දෙපාර්තමේන්තුව යටතේ ඇති සියලූ සංචාරක නිවාස, වන නිවහන් සහ කදවුරු බිම් අද (05 වැනිදා) සිට සංචාරකයන්ට වසා දැමීමට එම දෙපාර්තමේන්තුව ඊයේ තීරණය කරනු ලැබිණි.
එම දෙපාර්තමේනතුව යටතේ පාලනය වන සංචාරක නිවාස දැනට වෙන්කරවාගෙන ඇති අය සදහා නැවත වෙනත් දිනයක් වෙන්කර දීමටද තීරණය කර ඇත.
මේ අතර පවතින වසංගත තත්ත්වයත් සම`ග අඛණ්ඩව හය වැනි දිනටත් මෙරටින් 1500 ඉක්මවූ ආසාදිතයන් පිරිසක් වාර්තා වෙද්දී ඊයේ පස්වරු 6.00 පමණ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 114,826 දක්වා ඉහළ ගියේය.
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමන් සිටි තවත් ආසාදිතයන් 944 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව ඊයේ දහවල් සෞඛ්‍ය අංශ සදහන් කළ අතර එම පිරිසත් සම`ග කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලද පිරිසද 99153 ක් බවට පත්විය.
වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයන් 15908 දෙනකු ඊයේ පස්වරුව වන විට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි සෞඛ්‍ය අංශ පැවසීය.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ තවත් මරණ දහතුනක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් පෙරේදා (03 වැනිදා) රාති‍්‍ර රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මෙරට සමස්ත මරණ සංඛ්‍යාවද 709 දක්වා ඉහළ ගියේය.
මේ අතර රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව යටතේ පවතින ඉඩම් රෙජිස්ට‍්‍රාර් කාර්යාල මඟින් ලබා දෙන සේවාවන් මේ මස 13 වැනිදා තෙක් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර තිබේ.
මේ අනුව එක්දින සේවාව (පත්ඉරු, ඔප්පු, ඇටෝර්නි බලපත‍්‍ර සහතික පිටපත් නිකුත් කිරීම) සහ මෙයට සමගාමීව සාමාන්‍ය සේවාද නැවැත්වීමට කටයුතු කර තිබේ. මහජන සේවාවන් නවතා දමා ඇති දිනවලදී මෙතෙක් එකතු වී ඇති වැඩ කොටස් නිමා කිරීමට කටයුතු කරන ලෙස රෙජිස්ට‍්‍රාර් ජනරාල් ඩබ්ලිව්. එම්. එම්. වී. වීරසේකර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නිරත නිලධාරීන් දිසාපති හෝ ප‍්‍රාදේශීය ලේකම්ගේ අභිමතය පරිදි දෙපාර්තමේන්තු නියෝග සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් සේවයට වාර්තා කළ යුතු වේ.
දිවයින
COMMENTS