ස මඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා තමා රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා කිරීමත් සමඟ උණුසුම් තත්වයක් ඇත...
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා තමා රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා කිරීමත් සමඟ උණුසුම් තත්වයක් ඇති විය.
තමා උසාවි 3කට ඇපිල් කළ බවත් තමාට පාර්ලිමේන්තු පැමිණීමට අවස්ථාව ලබා දුන්නේ නැති බවද ඒ මහතා සඳහන් කළේය.
එහිදී පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එවකට කතානායක චමල් රාජපක්ෂ මහතා සඳහන් කලේ ඒ කාලයේ තමා ෆොන්සේකා මහතාට පාර්ලිමේන්තු පැමිණීමට අවස්ථාව දුන් බවය.
"තමුන්නාන්සේට පාර්ලිමේන්තු එන්න අවසර දුන්නේ මමයි.පොත්වල තියෙන කරුණු සලකලා බලලා තමයි කටයුතු කලේ. මොකක්ද කියලා අහන්නේ.තමුන්නාන්සේට දුන්නේ නැද්ද මම එන්න. පාර්ලිමේන්තුවට එන්න අවසර දුන්නේ නැද්ද? නැත්තේ මොකක්ද අයිසේ. බොරුවට තමුසෙගෙ හයිය පෙන්නන්න එන්නේ.මෝඩයා. බූරුවා තමුසේ.
මේ අතර හර්ෂ ද සිල්වා මහතා සිය මුහුනුපොතට වීඩියෝවක් එක්කරමින් එහි තත්ත්වය මෙලෙස පෙන්වා දෙන ලදී.
"මේකා මට ගහන්න කතා කරනවා." ෆොන්සේකා මහතා මෙසේ සඳහන් කළේය.
එහිදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සභා ගැබට පැමිණ තිබෙන බවද දක්නට ලැබුණි.

COMMENTS