පු රප්පාඩු වූ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ අජිත් මාන්නප්පෙරුම මහතාගේ නම ගැසට් කෙරෙන බව මැතිවරණ...
පුරප්පාඩු වූ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ අජිත් මාන්නප්පෙරුම මහතාගේ නම ගැසට් කෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි.
ඒ මහතා එම මැතිවරණයේදී මනාප ඡන්ද 47,212ක් හිමිකර ගනිමින් ගම්පහ මනාප ලැයිස්තුවේ පස්වන ස්ථානයට පත්ව තිබුණි.
අජිත් මාන්නප්පෙරුම මහතාගේ නම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරිමෙන් අනතුරුව එය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුදුසුස්සෙකු බවට පත්ව ඇති බැවින් නව වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම්දී තිබේ.
කෙසේවෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසිවීම සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා ප්‍රධාන විපක්ෂය රට තුළ වැරදි මතවාදයක් සමාජගත කිරීමට උත්සාහගත් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (ඈ) වගන්තිය අනුව බවය.
කථානායකවරයා පවසන්නේ, විපක්ෂය විසින් චෝදනා කරනු ලැබුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (ඊ) වගන්තිය යටතේ රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට කටයුතු කර ඇති බවය.
පාර්ලිමේන්තුවේ ඇති වු උණුසුම් තත්ත්වයක් හේතුවෙන් මේ වන විට විනාඩි 5ක කාලයක් සඳහා සභාව කල්තබා තිබේ.

COMMENTS