දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව පනතින් පෝට් සිටිය ලංකාවට අයිති නෑ.. එය චීනයේ ප‍්‍රාන්තයක්…
Homeප්‍රවෘත්ති

නව පනතින් පෝට් සිටිය ලංකාවට අයිති නෑ.. එය චීනයේ ප‍්‍රාන්තයක්…

PropellerAds

‘අපි සියලු දෙනා වසර තිහක් බරපතල කේදවාචකයකට මුහුණ මුහුණ දුන්නා. ඒ අවි බලයෙන් බලහත්කාරයෙන් ත්‍රස්තවාදී ක්‍රියා වලින් රටෙන් කොටසක් අපෙන් උදුර...

කුරුණෑගල නගරාධිපතිට කේක් කවපු පොලිස් ලොක්කා ගෙම්බෙක් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
රටවල් දෙකක් බෑ කිවූ නැවක් අප බාරගත්තේ ඇයි… එය වරදක්.. අයක යන ලෙඩක් දාගෙන මුහුදු තීරයම ඉවරයි - දයාසිරි
ජනාධිපතිතුමනි ඔබේ සද්භාවය අහෝසියි - අමරසේකරගෙන් ජනපතිට තදබල ලිපියක්
‘අපි සියලු දෙනා වසර තිහක් බරපතල කේදවාචකයකට මුහුණ මුහුණ දුන්නා. ඒ අවි බලයෙන් බලහත්කාරයෙන් ත්‍රස්තවාදී ක්‍රියා වලින් රටෙන් කොටසක් අපෙන් උදුරගන්න සුදානම් වූ  එල් ටී ටී ත්‍රස්තවාදයට. මේක අවුරුදු තිහක අරගලයකින් අවසන් කලා. සත්‍ය වශයෙන්ම අපි ශ්‍රී ලංකා වාසී හැමදෙනාම ජයග්‍රහණය කලා. දැන් අපිට මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙන්නේ ඒ වගේම අරගලයකට ඒ ආයුද සන්නද්ද ක්‍රමයකින් රටේ කොටසක් ගන්නා එකක් නෙවෙයි දැන් වෙනත් උපාය මාර්ගික ක්‍රම මගින් රටේ කොටස් අත්කර ගන්නට යන උත්සාහයන්’ යයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්යය ඕමල්පේ සෝභිත හිමියන් අදහස් පල කරන ලදී.

ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙසේ අදහස් දැක්වීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්යය ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ,

‘අපි ඒක දකිනවා වරාය නගරය නමින්. නැත්නම් නවීන චීන කොළණිය. වරාය නගරය නිර්මානය වෙලා තියන ආකාරය සහ ඉදිරියට පවත්වාගෙන යෑම සදහා ඉදිරිපත්වී තිබෙන යෝජනා වලියක් අපි දැක්කා. ඉතාමත් පැහැදිලියි මේ රට තුල වෙනත් රටක ප්‍රාන්තයක් බිහිවෙන්නට යන බව. චීන කොලණිය. නව චීන යටත් විජිත කොළණිය  බිහිවෙන්නට නියමිතයි මේ වරාය නගරය වැඩපිළිවෙල යටතේ.

ඉතාමත් සරලව අපි දන්නා කාරණාවක් තමයි මේ රටේ සෑම බිම් අගලක්ම  පරිපාලන වශයෙන් වෙන් වෙලා තියනවා මහජන නියෝජිතයන්ගේ වගකීමට. ඒක ඒ නියෝජිතයා මගින් පාර්ලිමේන්තුව නියෝජනය වෙනවා. රටේ සෑම කොටසක්ම පාර්ලිමේන්තුවට වගකීම පැවරෙනවා. මහජන නියෝජිතයන්ට වගකීම පැවරෙනවා.

නමුත් නව චීන කොළණිය වශයෙන් හදුන්වාදීමට නියමිතව තිබෙන මේ වරාය නගරය බිම් කඩ අක්කර 1115 ක මහා බිම් කඩ රටේ පාලන බලයට යටත් නැහැ. ඒ සදහා නියෝජිතයන් නැහැ. ඒ බිම් කඩට ශ්‍රී ලංකාව නියෝජනය කරන්න නියෝජනයක් නැහැ පාලනයක් නැහැ. ජනාධිපති වරයාගේ කැමැත්තෙන් පත් කරන පස් දෙනෙකුගෙන් යුත් සභාවකට තමයි ඒ බලය පැවරෙන්නේ.

තීන්දු තීරණ ගන්නේ එතනින් ඒ නිසා අපි අහනවා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා දායක සභාවේ වාඩිවෙලා ඉන්න නියෝජිතයෝ මේකේ බරපතල තත්වය දන්නවද. එසේ දන්නවනම් අපේ රටේ කොටසක් වෙනත් විදියට වෙනත් රටක කොළණියක් බවට පත්කිරීමේ ශාපයට ඔබ සම්බන්ද වෙනවාද නැද්ද යන්න කියන වග. ඔබ අලුත් අවුරුද්දේ ගත යුතු තීරනයක්.

නව යටත් විජිතවාදය එන්නේ අලුත්ම උපායමාර්ග හරහා. බිහිවීමට නියමිත නව චීන කොලණිය ප්‍රතික්ෂේප විය යුතුයි. එය මේ රටේ ස්ථාපිත නොවිය යුතුයි.

ජනාධිපතිතුමා මේ රජයට වගකිව යුතු හැමදෙනාටම අපි කරුණාවෙන් මතක් කරන්නේ අවුරුදු කිහිපයකට බලයට එන ඔබලාට අයිතියක් නැහැ යුතුකමක් නැහැ ෂතවර්ශ ගණනාවකට රටේ බිම් කොටස් එක් එක් රාජ්‍යයක් සදහා දෙන්න, බදු දෙන්න සහ විකුණන්න. එක රටක් එක නීතියක් කියන සංකල්පය පෙරට ගෙන බලයට පත්වුනු පාලක පිරිසට කිසිදු අයිතියක් හෝ වගකීමක් නැහැ කිසිම ධාර්මික අයිතියක් හෝ යුක්තියක් නැහැ රටේ එක් බිමිකඩක් වෙනත් රටක ආදිපත්‍යයට ලක් කරන්න. අපිට පේනව  චීනය මුල් කරගත් නව යටත් විජිතවාදයක ඇරබුමදමේ කියල’

– ඇඹිලිපිටිය_ප්‍රගිත් ජනක
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29340,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව පනතින් පෝට් සිටිය ලංකාවට අයිති නෑ.. එය චීනයේ ප‍්‍රාන්තයක්…
නව පනතින් පෝට් සිටිය ලංකාවට අයිති නෑ.. එය චීනයේ ප‍්‍රාන්තයක්…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjXik8A0dDgqE4zfJRiQtcJSW91LD6JMtCfNbP8VqRXYWlKT7iPWM3wY-K1b8v0yIO91Uwm1kZA7cJFsN_84h9ZgAdHTSOqYBC2O7S-8B4bQcXjtRPe0JgbX1X6bWcTQIqiYGsnN_oVPQs/s320/sobitha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjXik8A0dDgqE4zfJRiQtcJSW91LD6JMtCfNbP8VqRXYWlKT7iPWM3wY-K1b8v0yIO91Uwm1kZA7cJFsN_84h9ZgAdHTSOqYBC2O7S-8B4bQcXjtRPe0JgbX1X6bWcTQIqiYGsnN_oVPQs/s72-c/sobitha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_746.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_746.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy