ආ ණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී රාජ්‍ය අමාත්‍ය අරුන්ධික ප්‍රනාන්දු මහතා කළ කතාවකට මන්ත්‍රීවරුන්ගෙන් විශාල අත්පොලසන් නාදයක් ලැබී ඇති ...
ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී රාජ්‍ය අමාත්‍ය අරුන්ධික ප්‍රනාන්දු මහතා කළ කතාවකට මන්ත්‍රීවරුන්ගෙන් විශාල අත්පොලසන් නාදයක් ලැබී ඇති බව වාර්තා වේ. මෙහිදී අරුන්ධික ප්‍රනාන්දු මහතා විසින් වෙන්නප්පුවේ හිටපු සහකාර පොලිස් අධිකාරී එරීක් පෙරේරා මහතා සමග සිදුවූ ගැටුම පිළිබදවත්, එහි පසුබිම පිළිබදවත් දීර්ඝව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම හමුවේ කරුණු දක්වා තිබේ.
එම ප්‍රකාශයෙන් අනතුරුව මෙම ගැටලුවේදී ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් තමන් සමග එකට සිටීම සම්බන්ධයෙන් සියලුම දෙනාට ස්තූති කිරීමටද අරුන්ධික ප්‍රනාන්දු අමාත්‍යවරයා කටයුතු කොට ඇත.
එහිදී සියලුම මන්ත්‍රීවරුන් විසින් අරුන්ධික ප්‍රනාන්දු අමාත්‍යවරයාට අත්පොලසන් දී ඇති බවද දැනගන්නට ඇත.

COMMENTS