දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වැඩ බැරි සභාපතිවරුන් ආයතන ප‍්‍රධානීන් ඉවතට
Homeප්‍රවෘත්ති

වැඩ බැරි සභාපතිවරුන් ආයතන ප‍්‍රධානීන් ඉවතට

PropellerAds

“මහජන සේවා සැපයෙන රාජ්‍ය ආයතනවලින් ජනතාව අපේක්ෂා කරන කාර්යය ඉටු කර ගැනීමට නොහැකිය” යන චෝදනාවට තිත තැබිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ...

කොටින්ට අවි දුන්නේ පේමදාස, බටලන්ද නියමුවා රනිල්, ජවිපෙට වැඩපිලිවෙක් නෑ.. රට ගොඩ ගත හැක්කේ නාමල්ට පමණයි - කුට්ටිආරච්චි
බස්නාහිර තව ටෙලිපෝන දෙකක් රනිල්ට... එකක් කෝටි 30යි!
ජනාධිපති අපේක්‍ෂකයෙකු හදිසියේ මිය යයි
“මහජන සේවා සැපයෙන රාජ්‍ය ආයතනවලින් ජනතාව අපේක්ෂා කරන කාර්යය ඉටු කර ගැනීමට නොහැකිය” යන චෝදනාවට තිත තැබිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

කොවිඩ් වසංගතය හමුවේ වුවද “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වූ බොහෝ දේ ඉටු කර ඇත. ජනතාව තුළ ඇති කණස්සල්ලට හේතුව ඇතැම් රාජ්‍ය ආයතනවල පවතින අකාර්යක්ෂමතාව, දූෂණය, කල්ගතවීම බව ජනතාව පෙන්වා දෙති. කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සෘජු මැදිහත්වීමෙන් සහ තාක්ෂණය භාවිතයෙන් ගැටලුවට විසඳුම් දිය හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

රාජ්‍ය අමාත්‍යවරුන් සමග මාසිකව පැවැත්වෙන සමාලෝචන රැස්වීම (21) කොටුව ජනාධිපති මන්දිරයේ පැවත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

ඇතැම් ආයතන ප්‍රධානීන්ගේ කාර්ය භාරය නිසි ලෙස ඉටු නොවීම පිළිබඳව ද වාර්තා වී ඇත. රජයේ අපේක්ෂිත ඉලක්ක වෙත ළගා වී නැති එවැනි ආයතන පිළිබඳ වාර්තාවක් දෙන ලෙස රාජ්‍ය අමාත්‍යවරුන්ට පැවසූ ජනාධිපතිතුමා එම ආයතන සඳහා වෙනත් නිලධාරීන් පත් කළ යුතු නම් ඒ සඳහා ද තමා සුදානම් බව කියා සිටියේය.

විදේශ ණය සහ දේශීය අය වැය ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතින්හි ප්‍රගතිය අධීක්ෂණය කර කඩිනම් කරවීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

“ජනතාව සමගයි අපේ ශක්තිය තිබෙන්නේ, ඔවුනගේ අවශ්‍යතා කඩිනමින් ඉටු විය යුතුයි. ගැටලුවලට ඇහුම්කන් දෙමින්, ජනතාවගෙන් දුරස් නොවී වැඩ කරන්න” යැයි ජනාධිපතිතුමා රාජ්‍ය අමාත්‍යවරුන්ට කියා සිටියේය.

රජයේ ප්‍රතිපත්තිය රැකියා නිෂ්පාදනයයි. එබැවින් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගම තුළ ගොඩනගා රැකියා අවස්ථා උදා කිරීමේ හැකියාව ද ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.

උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහලයාම ස්වභාවයයි. අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය නිසා ගොවි අස්වනු අළෙවි කර ගැනීමට ද නොහැකි වෙයි. එම තත්ත්වය වෙනස් කරමින් මෙවර අලුත් අවුරුදු සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහළ මට්ටමක පවත්වාගෙන යාමටත්, ගොවි අස්වනු මිලදී ගැනීමටත් පළමු වතාවට රජයට හැකි වු බව පෙන්වා දුන් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා රුපියල් පන්දහසේ දීමනාව බෙදා දීමට රාජ්‍ය නිලධාරීන් දැක්වූ සහාය සහ කැපවීම ද ඇගයීමට ලක් කළේය.

රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, රාජ්‍ය පරිපාලන ලේකම් ජේ.ජේ. රත්නසිරි යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වැඩ බැරි සභාපතිවරුන් ආයතන ප‍්‍රධානීන් ඉවතට
වැඩ බැරි සභාපතිවරුන් ආයතන ප‍්‍රධානීන් ඉවතට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnSgsjcYj911YJaftc7QnGoSC7QvRCt15HELDLYHzMM5eZFkjnzUFXf2Xc4LuswuIWhy8UAz6zYaxwvqq5JRCkmjNvkqhitbKyKMKNTYs5j1SRbUg7hHi9zIIsQO9uKH2HoZhBOl_396E/s320/gota-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnSgsjcYj911YJaftc7QnGoSC7QvRCt15HELDLYHzMM5eZFkjnzUFXf2Xc4LuswuIWhy8UAz6zYaxwvqq5JRCkmjNvkqhitbKyKMKNTYs5j1SRbUg7hHi9zIIsQO9uKH2HoZhBOl_396E/s72-c/gota-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_246.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_246.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy