ම තබේදයකට ලක්ව ඇති දඹුල්ලේ ඉඩමක් පවරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේ දී නිල ප‍්‍රකාශයක් නිකුත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හි...
මතබේදයකට ලක්ව ඇති දඹුල්ලේ ඉඩමක් පවරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේ දී නිල ප‍්‍රකාශයක් නිකුත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා සඳහන් කළේය.
තනි තනි පුද්ගලයන්ට අදහස් පල කිරීමේදී ගැටළු ඇති විය හැකි නිසා ඉදිරියේදී නිල නිවේදනයක් නිකුත් කරන බවත් ඔහු පැවසීය.
අදාළ සිදුවීම ගැන ඉඩම් කොමසාරිස්වරයාට මුලින්ම පැමිණිලි කෙළේ තමන් බවත් ඒ සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස් විසින් නිකුත් කර ඇති ලිපියෙන් ද තහවුරු වන බවත් ඔහු සඳහන් කළේය.
අදාළ ඉඩම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළේ ද තම පැමිණිල්ල මත බවත් තමන් සද්ද නැතිව හිටියා නම් කිසිවකු මේ ගැන නොදන්නා බවත් එය රහසක් ලෙස අවුරුදු ගාණක් පැවැත්වෙනු ඇති බවත් ඔහු පැවසුවේය.
තමන් දන්නා තරමින් මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලේ පරීක්ෂණ සිදුකර අවසන් වී ඇති බවත් පැමිණිල්ල සම්බන්ධයෙන් සහ තවත් ලේඛන තමන් සතුව ඇත ඇති බව සංගක්කාර කියා සිටියේ ය.

COMMENTS