දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉන්දීය ගුවන් හමුදා යානා සංදර්ශණය ලංකාව පරාධීන කිරීමක්.. බලහත්කාරයක්.. කවුද ආරාධනා කලේ !
Homeප්‍රවෘත්ති

ඉන්දීය ගුවන් හමුදා යානා සංදර්ශණය ලංකාව පරාධීන කිරීමක්.. බලහත්කාරයක්.. කවුද ආරාධනා කලේ !

PropellerAds

‘ඉන්දියානු නිරීක්ෂණ යානා විශාල ප්‍රමාණයක් සහභාගී වෙනවා. අධීක්ෂණ යානාවක් කියන්නේ අතිශයින්ම අධිතාක්ෂණය සහිත අධිතාක්ෂණික පහසුකම් සහිත යානා. ඒ...

ජනතාව මත පැටවුණු හෙළි නොකළ ණය කන්ද මෙන්න
ජන්ද නවත්වන්න ජෝන් යෝජනා කළේ රනිල්ගේ කොන්ත්‍රාත්තුවකටද?
සජිත්ට හොරෙන් සමගියේ පිරිසක් අගමැතිකම ගන්න සාකච්ඡා කරලා! චම්පිකට ආරාධනා නෑ!
‘ඉන්දියානු නිරීක්ෂණ යානා විශාල ප්‍රමාණයක් සහභාගී වෙනවා. අධීක්ෂණ යානාවක් කියන්නේ අතිශයින්ම අධිතාක්ෂණය සහිත අධිතාක්ෂණික පහසුකම් සහිත යානා. ඒ යානා එකවරක් අපේ රට හරහා ගියාම අපේ තියන සියලුම තොරතුරු ඒ යානා වලට ගැනීමේ පහසුකම් ඒ යානාවල තියනවා. එහෙම වෙනවා. එවන් යානා වලට රටක දේශ සීමා වලට ඇතුලු වීමට සපුරා තහනම්. එවන් ජාත්‍යන්තර නීතිරීති ජාත්‍යන්තර යුධ නීති රීති උල්ලන්ගනය කරමින් අපේ ගුවන් හමුදාවේ අභිමානය සැමරීම මුවාවෙන් අපේ ගුවන් හමුදාවේ හීන ධීන භාවය ප්‍රදර්ශණය කිරීමක් මෙන්ම අපේ රටේ පරාධීනත්වය ප්‍රදර්ශණය කිරීමක් නොවේද යන්න මම අහනවා’ යයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාරයය ඕමල්පේ සෝභිත හිමියන් අදහස් දක්වන ලදී.

ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

මෙහිදී ඒ සම්බන්දයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්යය ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ,

ජීවිතේ කිසි දවසක නො ඇසු අත් නොදුටු අමුතුම සිදුවීමක් ගුවන් හමුදාවේ හැත්තෑ වැනි සංවත්සරය නිමිත්තෙන් මේ දිනවල අපි අත්දකිනවා. ඒ තමයි අපේ ගුවන් හමුදාවේ සංවත්සරය සමරන්න ඉන්දීය ගුවන් හමුදාවේ යානා, ප්‍රහාරක යානා නිරීක්ෂණ යානා, හෙලි කොප්ටර යානා විශාල ප්‍රමාණයක් මෙහි අභ්‍යාස කරන බව.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානය සැමරිය යුතු ගුවන් හමුදාවේ ස්වාධීනත්වය ස්වෛරීයත්වය සැමරිය යුතු මේ සංවත්සරය දැන් අපි සමරන්නේ ඉන්දියාවේ බලවත් බව ඔවුන්ගේ තාක්ෂණික භාවය මේව තමයි අපි දැන් නරමන්නේ. මෙවන් සිදුවීමක් ලෝකේ කිසි රටක සිදුවී ඇති බව අපි දන්නේ නැහැ. ශ්‍රී ලාංකීය ගුවන් හමුදාවේ අභිමානණීය භාවය අභිමානය ප්‍රදර්ශණය විය යුතු අවස්ථාවේදී වෙනත් රටක තියෙන අභිමානය වෙනත් රටක තියෙන බලය බල ශක්තිය බල පරාක්‍රමය මෙන්න ලංකාභුමිය උපයෝගී කරගෙන තියනවා. මේක කියන්නේ නම් ගුවන් හමුදාවේ ආරාධනාවෙන් මෙම පිරිස ආව කියල.

ඉන්දියානු නිරීක්ෂණ යානා ප්‍රහාරක යානා ඇතුලු මේ බලඝණය ඇවිල්ල තියෙන්නේ අපේ ආරාධනාවෙන් කියල. දැන් හෙට නැත්නම් අනිද්දා එහෙම නැත්නම් ඊ ලග අවුරුද්දේ සැමරීමට චීනයටත් ඉඩ දෙනවද? නැත්නම් ඇරිකාවට ඉඩ දෙනවද අපේ භූමිය තුල තමන්ගේ බල පරාක්‍රමය පෙන්වන්න.

මේ පෙන්වන්නේ කාගේ බලයද මේකෙන් අපේ අභිමානයට මොකද වෙන්නේ. කවුරුත් මොන මොන හරි උත්තර කියයි. නමුත් අල්ලපු වැටේ ඉන්න මනුස්සයාගේ ඇති හැකියාව කීමෙන් අපේ ගෙදර අයට ඇති වැඩේ මොකක්ද?

ජනාධිපතිතුමා ඇතුලු නිලධාරීන්ගෙන් මම අහනවා විධායකය නැත්නම් ත්‍රිවිධ හමුදාවේ ආඥාදායකත්වය දරන ජනාධිපතිතුමා මෙයින් බලාපොරොත්තු වන්නේ අපේ අභිමානය යට කොට ඉන්දියානු අභිමානය ඉහලට ඔසවා තැබීම නෙවෙයිද කියන එක අපි ප්‍රශ්්න කරනවා.

ඇයි මේවට ඉඩ දුන්නේ මෙයින් අපේ ගුවන් හමුදාවට සිදුවන යහපත කුමක්ද? අපේ විදේශ ප්‍රතිපත්තියේ තියෙන හීන ධීන භාවය නෙවෙයිද මේ ප්‍රදර්ශණය වන්නේ. අපේ විදේශ ප්‍රතිපත්තිය කුමක්ද? අපි  පසුව චීනයටත් මේ අවස්ථාව දෙනවද? වෙනත් ලෝක බලවතුන්ට ඇවිත් මේ අපේ බිම ඔවුන්ගේ කෙලි බිමක් බවට පත්කර ගන්නට මෙයින් ඉඩ ලැබෙන්නේ නැද්ද? අපිට විමතියක් අපි බලධාරීන්ගෙන් විමසනවා කුමක්ද මේ අපේ අභිමානයට සිදුවන්නේ කියන දේ,

– ඇඹිලිපිටිය_ප්‍රගීත් ජනක


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉන්දීය ගුවන් හමුදා යානා සංදර්ශණය ලංකාව පරාධීන කිරීමක්.. බලහත්කාරයක්.. කවුද ආරාධනා කලේ !
ඉන්දීය ගුවන් හමුදා යානා සංදර්ශණය ලංකාව පරාධීන කිරීමක්.. බලහත්කාරයක්.. කවුද ආරාධනා කලේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh1JQ0oLXPninXA3KoXrxf6ndfmWkX3lA88mjbBBUAf3SS1IeDW7EnGJshVdiNraRZdU0CoHp7QHEnQq5k1Toa15WP2dn77sihC1_plB8I0ffJWbcWpdGSXzU6NKMiRxYxKRzsMxUOUVeo/s320/airforce.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh1JQ0oLXPninXA3KoXrxf6ndfmWkX3lA88mjbBBUAf3SS1IeDW7EnGJshVdiNraRZdU0CoHp7QHEnQq5k1Toa15WP2dn77sihC1_plB8I0ffJWbcWpdGSXzU6NKMiRxYxKRzsMxUOUVeo/s72-c/airforce.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_81.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_81.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy