මෙරට ඛනිජ තෙල් ආශ්‍රිත මෙහෙයුම් සිදුකිරීමට රජය සමඟ ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බහුජාතික සමාගම් කළු සල්ලි ජාවාරමට සම්බන්ධ ඇතැම් පුද්ගලයන්...
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය:
“ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පාඩු ලබනවා නම් සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ රජයයි. එසේ තිබියදීත්, පවතින තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ යාන්ත්‍රණයන් හරහා යා යුතු බව අපි පිළිගන්නවා. කෙසේ වෙතත්, ඛනිජ තෙල් ආශ්‍රිත මෙහෙයුම් සිදු කිරීම සඳහා විදේශීය සමාගම් ලබා දීම තුළින් රටට හෝ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ප්‍රතිලාභ අත්වන ආකාරයක් අපට පේන්නේ නෑ. රට තුළ අමෙරිකානු ඩොලර් (ඇමරිකානු ඩොලර්) හිඟයක් පැවතීම සහ අදාළ සමාගම්වලට ශ්‍රී ලංකා රුපියල්වලින් ආදායම ලැබීම යන කරුණු සලකා බැලීමේදී මොවුන්ගේ සැබෑ අභිලාෂය කුමක් දැයි ගැටලු සහගත තත්ත්වයක් මතුවනවා. මේ සමාගම්වලට රුපියල් වියදම් කරලා කරන්න පුළුවන් එකම දේ තමයි රටේ ඉඩම් වගේ දේපළ මිලදී ගැනීම. ඒ හරහා දීර්ඝ කාලීනව රටට අහිතකර ප්‍රතිවිපාක ඇති විය හැකියි,” ඔහු කියා සිටියේය.

COMMENTS