සා ධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයට රටේ දේශපාලන බලය ලබාගැනීමේ අභිප්‍රායක්, අවශ්‍යතාවයක් නොමැති බවත් ඒ නිසාම බලය ලබා ගැනීමේ සැලසුමක්ද නැති බ...
සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයට රටේ දේශපාලන බලය ලබාගැනීමේ අභිප්‍රායක්, අවශ්‍යතාවයක් නොමැති බවත් ඒ නිසාම බලය ලබා ගැනීමේ සැලසුමක්ද නැති බව එහි සභාපති කරු ජයසූරිය මහතා අවධාරණය කරයි. හිටපු කතානායකවරයාද වන ජයසූරිය මහතා සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස රටේ බලය ලබා ගැනීම සඳහා නව දේශපාලන අවශ්‍යතාවයක් නොමැති බවද සඳහන් කරයි.
ඒ නිසාම පොදු අපේක්ෂකයෙකු පිළිබඳ කතාව වලට වලංගුභාවයක් නොමැති බවද ජයසූරිය මහතා පෙන්වා දෙයි.
තමාගේ සභාපතිත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ අරමුණ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගනිමින් ජනතාවට වඩා යහපත් වූ රටක් ගොඩනැගීම බවද ජයසූරිය මහතාගේ මතය වී තිබේ.
සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස මෙලෙස සිය ස්ථාවරය කරු ජයසූරිය මහතා පෙන්වා දුන්නේ "ප්‍රජාතන්ත්‍රවාදය කොයිබද - ශ්‍රී ලංකාවට සිදුවිය හැක්කේ කුමක්ද ...?මැයෙන් කොළඹ ජානකී හෝටලයේ පැවති විශේෂ සම්මන්ත්‍රණයක් අමතමිනි.

COMMENTS