ඉදිරි සති දෙක ඇතුලත පොලිස් බලතල ඉවත් කිරීමේ විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පෞද්ගලික මන්ත්‍රි කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කරන්න තමන් බලාපො...

ඉදිරි සති දෙක ඇතුලත පොලිස් බලතල ඉවත් කිරීමේ විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පෞද්ගලික මන්ත්‍රි කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කරන්න තමන් බලාපොරොත්තු වෙන බව පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.අද(21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ මේ වන විට සුළු ජනවර්ග පදනම් කර ගත් පක්ෂ කිහිපයක් හැරුණු විට අන් සියළුම පක්ෂ පොලිස් බලතල බෙදීමට විරුද්ධ බව ප්‍රකාශ කර තිබෙන බවයි.!
"ලබන නොවැම්බර් මසට පළාත් සභා සඳහා පොලිස් බලතල ලබා දීලා වසර 30යි. නමුත් කිසිම ආණ්ඩුවක් ඒක ක්‍රියාත්මක කලේ නෑ. ජේ ආර් ජයවර්ධන මැතිතුමාගේ සිට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා දක්වා ජනපති හයදෙනෙකු ව්‍යවස්ථාවේ තිබෙන පොලිස් බලතල පළාත් සභාවන්ට දුන්නේ නෑ. ඇත්තෙන්ම ව්‍යවස්ථාව අනුගමනය කරන්න ප්‍රතිඥා දීලා තනතුරට එන ජනපතිවරයෙකු ව්‍යවස්ථාව උල්ලංඝණය කරනවා කියන්නේ එතුමාව ඉවත් කිරීමට දෝෂාභියෝගයක් ගෙන ඒමට හේතුවක්."
"ජනපතිවරු හයදෙනෙක් තමන්ගේ තනතුර අවදානමට ලක් කරලා පොලිස් බලතල පළාත් සභාවට නොදුන්නේ එය රටේ ආරක්ෂාවට එතරම් අනතුරක් වන නිසා. පළාත් සභාවන්ට පොලිස් බලතල දුන්නොත් අනාගත බෙදුම්වාදි අරගලය ඇති වන්නේ ශ්‍රී ලංකා හමුදාව සහ උතුරේ ත්‍රස්තවාදින් සමග නොවේ. ශ්‍රී ලංකා හමුදාව සහ උතුරු පොලිස් බලකාය සමග. දෙකම නීත්‍යානුකූල හමුදාවන්. ත්‍රස්තවාදින්ට රහසේ උදව් කළ ඉන්දියාව සහ නෝර්වේ වගේ රටවලට විවෘතවම බෙදුම්වාදින්ට අවි ආයුද සහ පුහුණුව ලබා දෙන්න පුළුවන්. මේ නිසා අපේ ව්‍යවස්ථාවේ පළාත් සභාවන්ට පොලිස් බලතල තිබීම ඇසේ ඇනුනු කටුවක් වගේ. ඒත් මේ කටුව ගලවා දමන්න කවුරුවත් එඩිතර වුණේ නෑ."
"මේ වන විට සුළු ජනවර්ග පදනම් කර ගත් පක්ෂ කිහිපයක් හැරුණු විට අන් සියළුම පක්ෂ පොලිස් බලතල බෙදීමට විරුද්ධ බව ප්‍රකාශ කර තිබෙනවා. නමුත් කිසිම ආණ්ඩුවක් පසුගිය වසර තිහ පුරා පළාත් සභා පොලිස් බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට කටයුතු කලේ නෑ. දෙමළ බෙදුම්වාදින්ට තිබෙන බයට. ඒ නිසා ඉදිරි සති දෙක ඇතුලත පොලිස් බලතල ඉවත් කිරීමේ විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පෞද්ගලික මන්ත්‍රි කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. එදාට එක්කෝ පොලිස් බලතල ව්‍යවස්ථාවෙන් ඉවත් කර ගන්න පුළුවන් වේවි. නැති නම් අපි පොලිස් බලතල බෙදනවාට විරුද්ධයි කියලා බොරුවට රඟන ඊනියා දේශප්‍රේමින් රටට හෙලි කරන්න පුළුවන් වේවි."
COMMENTS