දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පළාත් සභා මැතිවරණය එපා.. එය ජන වරමට විරුද්දයි.. අවශ්‍ය නව ව්‍යවස්ථාවයි - ප‍්‍රධාන හිමිවරුන් රැසක් ජනපතිට දන්වති
Homeප්‍රවෘත්ති

පළාත් සභා මැතිවරණය එපා.. එය ජන වරමට විරුද්දයි.. අවශ්‍ය නව ව්‍යවස්ථාවයි - ප‍්‍රධාන හිමිවරුන් රැසක් ජනපතිට දන්වති

PropellerAds

මේ මොහොතේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බව ප‍්‍රධාන පෙලේ භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛ...

මන්ත්‍රී නලීන් බණ්ඩාරට සහ බිරිඳට කොවිඩ් ආසාදනය වෙයි
(EXCLUSIVE) වරාය නගර ඡන්දය මග හැර මහින්ද සමරසිංහ ජිනීවා ගියේ ඇයි?
කොළඹ වරාය ඉදිරියේ ගිනිගන්නා නැවේ පිපිරීමක් - බහාලුම් තොගයක් මුහුදට වැටේ !
මේ මොහොතේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බව ප‍්‍රධාන පෙලේ භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිත දන්වා තිබේ.

උන්වහන්සේලා විසින් මේ බව සඳහන් කරමින් ජනාධිපතිවරයාට යොමු කර ඇති ලිපිය මෙසේය.

අතිගරු ජනාධිපතිතුමා සහ සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත.

පළාත්සභා මැතිවරණය කඩිනම් කිරීමේ දේශපාලන වරද පිළිබඳව

පසුගිය දිනවල ඔබතුමා විසින් පළාත්සභා මැතිවරණය වහා පැවැත්විය යතු බව පැවසීම පිළිබඳව අප සැම විමතියට පත්වූයෙමු. නමුත් අප එම ප්‍රකාශය විග්‍රහ කරනු ලැබුවේ ඒ වන විට පැවැත්වීමට නියමිතව තිබූ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම ඉලක්ක කර ගනිමින් කරනු ලැබූ උපක්‍රමික දේශපාලන ප්‍රකාශයක් ලෙසය. එසේ වුවත් එම ප්‍රකාශය මගින් ඉන්දියාවේ තීරණය වෙනස් නොවූ බව දැන් පැහැදිලිය. ඊට අමතරව ඉන්දියාව ශ්‍රී ලංකාවේ සහායට ඉදිරිපත් නොවීම පිළිබඳව අපගේ අප්‍රසාදය ඉන්දියානු රජයට ප්‍රකාශ කළ යුතු බව අපගේ පිළිගැනීමයි

ඉන්දියානු විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දීමෙන් වැලකී සිටින අතර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට සහ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවට බලපෑම් සහගත ප්‍රකාශ නිකුත් කිරීම ද අපි දැඩි ලෙස හෙළා දකිමු. එය ඉතා පැහැදිලිවම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන තීන්දු තීරණ වලට ඇඟිලි ගැසීමක් මිස අන් යමක් නොවේ.

ඔබතුමා විසින් රටට ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ලේඛනය මගින් මහජනයාට ලබා දුන් ප්‍රධාන පොරොන්දුව වූ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවීම නිසා මහජනයා තුළ අනාගතය පිළිබඳව ඉමහත් බලාපොරොත්තු ජනිත විය. ඊට අමතරව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරනු ලැබූ අවස්ථාවේ නව ව්‍යවස්ථාවක් පිළිබඳ අපේක්ෂාව ඔබතුමා විසින් තව දුරටත් තහවුරු කරන ලදි. ඒ අනුව මහජන අපේක්ෂා අනුව සහ ඔබතුමා විසින් මැතිවරණයට පෙර ලබා දුන් පොරොන්දුව අනුව නව ව්‍යවස්ථාව සම්මත කිරීමේ ක්‍රියාවලියට ප්‍රමුඛතාවය දිය යුතු බව ඔබතුමා පිළිගන්නවා ඇත.

ඒ අනුව පහත සඳහන් හේතු මත නව ව්‍යවස්ථාව සම්මත කරනතෙක් පළාත්සභා මැතිවරණය කල් දමන ලෙස අපි ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

01. මහජන අපේක්ෂා අනුව නව ව්‍යවස්ථාව මගින් පළාත්සභා ව්‍යුහය තුළ සහ බලතල පිළිබඳව වෙනස්කම් සිදුවීම සඳහා ඉතා ඉහළ සම්භාවිතාවක් ඇත. එම නිසා නව පළාත්සභා පිහිටුවිය යුත්තේ එම ව්‍යවස්ථාමය ප්‍රතිපාදන සහ ඊට අදාළ නව නීතිමය රාමුවකට අනුවය. එවැනි තත්වයක් තිබියදී පැරණි පළාත්සභා ක්‍රමය නැවත ස්ථාපිත කිරීම සඳහා කඩිනමින් මැතිවරණයක් පැවැත්වීම කිසිසේත්ම සාධාරණීකරනය කළ නොහැක.

02. නව ව්‍යවස්ථාව පිළිබඳව සැලකිල්ලක් නොදක්වා එම මහජන අපේක්ෂාවට පිටුපාමින් පළාත්සභා මැතිවරණය පැවැත්වුවද මහජනතාවගේ ‍දෙවන අපේක්ෂාව වන මනාප ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා නව පළාත්සභා පනතක් අවශ්‍යවේ. එම නව පනත කළබලකාරී ලෙස සම්මත කිරීමට උත්සාහ කළහොත් සීමා නීර්ණයන් පිළිබඳ බරපතල ගැටළු ඇතිවිය හැකි අතර ජාතිවාදී සහ ආගම්වාදී ලෙස කොට්ඨාශ බෙදීමේ අනතුරක්ද මතුවේ. එවැනි තත්වයක් තුල පැරණි ක්‍රමය යටතේ පැරණි පනත සංශෝධනය කොට මැතිවරණය පැවැත්වීමද මහජන අපේක්ෂා වලට පිටුපෑමකි. එම නිසා ව්‍යවස්ථාවක් සම්මත කිරීමෙන් පසුව බිහිවන පළාත්සභා හෝ වෙනත් සභාවක ව්‍යුහය සහ බලතල අනුව නව පනතක් සකස් කිරීම වඩා තර්කානුකූල වේ.

03. කෝවිඩ් වසංගත තත්වය තවදුරටත් පවතින තත්වයක් යටතේ සහ භයානක තුන්වන රැල්ලක් මතු වීමේ අවධානමක් තිබියදී අත්‍යවශ්‍ය නොවන මැතිවරණයක් දේශපාන උවමනාවක් මත පැවැත්වීම මගින් පවතින ආණ්ඩුව මහජන අප්‍රසාදයට පත්විය හැක.

04. පළාත්සභා මැතිවරණය කල් දැමීම සිදු වූයේ පසුගිය ආණ්ඩුුව සමයේ දීය. එම නිසා මැතිවරණ කල් දැමීම පිළිබඳව වර්තමාන ආණ්ඩුවට චෝදනා කිරීමට හැකියාවක් නැත. එවැනි තත්වයක් තුළ මැතිවරණ කල් දැමීම නැමති චෝදනාවට බිය වී කළබලකාරී ලෙස මැතිවරණය පැවැත්වීම කිසිසේත්ම සාධාරණීකරනය කළ නොහැක.

05. පසගිය වසර තුනක කාලය තුළ පළාත්සභා නොමැතිවීම පිළිබඳව කිසිදු මහජන උද්ඝෝෂණයක් පැන නැඟුනේ නැත. එ් නිසා එම මැතිවරණය නව ව්‍යවස්ථාව සම්මත කරනතෙක් කල් දැමීම පිළිබඳව කිසිදු මහජන විරෝධයක් පැන නැඟීමට ඉඩක් නැත.

06. රට ආර්ථික අර්බුදයක ගිලී පවතින තත්වයක් තුළ ආර්ථිකය උද්දීපනය කිරීම සහ මහජනයාට ආර්ථික ඉඩ ප්‍රස්ථා වර්ධනය කිරීම සඳහා රාජ්‍ය මුදල් වැඩි වශයෙන් යෙදවීම වැදගත්වේ. එවැනි අවස්ථාවක පළාත්සභා මැතිවරණය පැවැත්වීම සඳහා වැය කළ යුතු රු. කෝටි 500ක පමණ මුදල ඒ සඳහා වන හදිසි රාජ්‍ය පිරිවැය දැරීම සඳහා යොදා ගැනීම වඩා යෝග්‍ය වේ.

මෙම කරුණු සියල්ල පිළිබඳව සහ පොදු මහජන අපේක්ෂා සැලකිල්ලට ගෙන නව ව්‍යවස්ථාවක් සම්මත කරනතෙක් පළාත්සභා මැතිවරණය පැවැත්වීම කල් දමන ලෙස නැවත වතාවක් ඔබතුමාවෙත අවධාරණය කිරීමට කැමැත්තෙමු.

මේ වගට,

පුජ්‍ය ඕමාරේ කස්සප අනුනාහිමි
පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
පූජ්‍ය බෙංගමුවේ නාලක අනුනාහිමි
පූජ්‍ය කිරම විමලජෝති හිමි
මහාචාර්ය පූජ්‍ය ඉත්තැදෙමලියේ ඉන්දසර හිමි
මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතන හිමි
පුජ්‍ය හෑගොඩ විපස්සි හිමි
පූජ්‍ය වැලිමිටියාවේ ඥානරතන හිමි
ආචාර්ය කපුගොල්ලෑව ආනන්ද කිත්ති හිමි


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පළාත් සභා මැතිවරණය එපා.. එය ජන වරමට විරුද්දයි.. අවශ්‍ය නව ව්‍යවස්ථාවයි - ප‍්‍රධාන හිමිවරුන් රැසක් ජනපතිට දන්වති
පළාත් සභා මැතිවරණය එපා.. එය ජන වරමට විරුද්දයි.. අවශ්‍ය නව ව්‍යවස්ථාවයි - ප‍්‍රධාන හිමිවරුන් රැසක් ජනපතිට දන්වති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDqj4MwER2Dbg9Z2B3uoAt1rmoF2fwGAFv6s8HmvLteBVPkz4Hj7lfg4jcmDTwKMPz7M_fU7RJ5q8jFM7pGvF2Q2vhFiSJ7DcJCzQfDD-TqdBsvfep0bSK0khf4jvHdqEdiOib0nrsBDQ/s320/bikku.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDqj4MwER2Dbg9Z2B3uoAt1rmoF2fwGAFv6s8HmvLteBVPkz4Hj7lfg4jcmDTwKMPz7M_fU7RJ5q8jFM7pGvF2Q2vhFiSJ7DcJCzQfDD-TqdBsvfep0bSK0khf4jvHdqEdiOib0nrsBDQ/s72-c/bikku.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_292.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_292.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy