වරාය පනත් කෙටුම්පතට ඡන්දය භාවිතා කිරීම සඳහා පොදුජන පෙරමුණ හා එහි සන්ධානගත මන්ත්‍රීවරුන් සියල්ලන්ටම රටේ රැඳී සිටින ලෙස අග්‍රාමාත්‍යවරයා කළ ...
වරාය පනත් කෙටුම්පතට ඡන්දය භාවිතා කිරීම සඳහා පොදුජන පෙරමුණ හා එහි සන්ධානගත මන්ත්‍රීවරුන් සියල්ලන්ටම රටේ රැඳී සිටින ලෙස අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමද නොසලකා එක් මන්ත්‍රීවරයෙක් විදේශගත වී තිබේ. පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් තිදෙනෙකු වරාය නගර පනත් කෙටුම්පතට ඡන්දය දීමෙන් වැළකුණි.
ඒ අතරින් මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා පෞද්ගලික සංචාරයක් සඳහා ස්විට්සර්ලන්තය බලා ගොස් තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරන අතර මේ වන විට ඔහු ස්විට්සර්ලන්තයේ සිය පවුලේ උදවියත් සමග සිටින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.
මහින්ද සමරසිංහ මහතාගේ බිරිඳ ලෝක කම්කරු සංවිධානයේ නියෝජිතවරියක් ලෙස කටයුතු කරන අතර මේ වන විට ඇය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර රාජකාරි කටයුතුවල නියැලී සිටී.
වසරකින් පමණ සිය පවුලේ උදවිය සමග සම්බන්ධ වීමට නොහැකි වූ නිසා සමරසිංහ මහතා විදේශගත වී සිටින අතර තව මසක් පමණ එහි රැඳී සිටීමට නියමිත බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
වරාය නගර පනත් කෙටුම් සම්මත කර ගැනීම සඳහා තුනෙන් දෙකක අවශ්‍යතාවයක් නැති බව සමරසිංහ මහතාට දැනුම් දී ඇති බැවින් ඔහු මෙසේ විදේශගත වූ බව සමරසිංහ මහතාගේ පාර්ශවයෙන් නිදහසට කරුණු ලෙස පෙන්වා දෙයි.
මහින්ද සමරසිංහ මහතා ආණ්ඩුව තුළ සිටින කලකිරුණු මන්ත්‍රීවරුන් අයගෙන් කෙනෙක් වන බව ප්‍රකට කරුණක් වන අතර ඒ අතුරින් වඩාත්ම කලකිරුණු කණ්ඩායමට ඔහු අයත් වේ.
හම්බන්තොට වරාය චීනයට බදු දීමේදී ඊට අවශ්‍ය පසුබිම සකස් කළේ එවකට යහපාලන ආණ්ඩු සමයේ වරාය අමාත්‍ය ධූරය මහින්ද සමරසිංහ මහතාය.
පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතරින් මහින්ද සමරසිංහ මහතා සමඟ විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා සහ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ යන මන්ත්‍රීවරයා වරාය පනත් කෙටුම්පතට ඡන්දය දීමෙන් වැළකී සිටි අතර විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා ඡන්දය විමසන දිනයේ පාර්ලිමේන්තු සභා ගැබේ රැඳී සිටි අතර ඡන්ද විමසීමට ටික වේලාවකට පෙර සභා ගැබෙන් ඉවත්ව ගොස් තිබේ.
විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභා ගැමට එදින පැමිණ නැති බව වාර්තා වේ.
COMMENTS