පා ර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව ඉහළ නැංවීමට සහ එක් මංත්‍රීවරයෙකු සඳහා රුපියල් දස ලක්ෂයක රක්ෂණ ආවරණයක් ලබා දීමට යයි. පාර්ලිම...
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව ඉහළ නැංවීමට සහ එක් මංත්‍රීවරයෙකු සඳහා රුපියල් දස ලක්ෂයක රක්ෂණ ආවරණයක් ලබා දීමට යයි.
කලින් පැවති ආණ්ඩු දෙකම මන්ත්‍රීවරුන්ගේ දීමනාව ඉහළ නැංවීමට කටයුතු නොකළ බවත් එම දීමනාව වැඩි කළ යුතු බවට තමා වෙත ඉල්ලීම් ඉදිරිපත් ව ඇති බවත් අදාළ ඇති බවත් අදාළ යෝජනාව ඉදිරිපත් කරමින් සඳහන් කර ඇති කතානායකවරයා මේ විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට ද බලපා ඇතයි පෙන්වා ඇත.
අධිකරණ විනිසුරුවන්ගේ වැටුප් තල වලට අනුරූපීව මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කළ යුතු බවට යෝජනාවක් ආණ්ඩු පක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක වූ ජේරාජ් ප්‍රනාන්දුපුල්ලේ 2006 නොවැම්බර් 23 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වී ඇති බැවින් ඒ අනු මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරීම සිදු කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
යහපාලන ආණ්ඩුව පැවැති අවධියේ එම ආණ්ඩුවේ සභානායකවරයා ව සිටී සිටි ලක්ෂ්මන් කිරිඇල්ල විසින් මන්ත්‍රීවරුන්ගේ දීමනා ඉහල නැංවීම සඳහා සදහා යෝජනා ඳහා යෝජනා කළ අවස්ථාවේ මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරීමට මෙය අවස්ථාව නොවන බව එවකට විපක්ෂය විසින් පෙන්වා දීම නිසා මන්ත්‍රී දීමනාව වැඩි කිරීමේ යෝජනාව මුළා ගනු ලැබීය.
මෙවර මන්ත්‍රීවරුන්ට දීමනා වැඩි කිරීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ඉදිරිපත්වූ අවස්ථාවේම කාරක සභා රැස්වීමට සහභාගි වූ විපක්ෂය විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කලින් පැවති ආණ්ඩුව සමයේ මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කරන ලෙසට තමා විසින් යෝජනා කළ අවස්ථාවේ විපක්ෂය ඊට විරුද්ධ වූ බව සිහිපත් කර ඇත ඇතත් මෙවර යෝජනාවට පක්ෂපාතිත්වය දක්වමින් නිහඬව සිටි බවද වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සඳහා රුපියල් දස ලක්ෂයක රක්ෂණාවරණයක් ලබා දීමට ද දීමට ද තීරණය වී ඇති අතර ඉකුත් නම වැනි දා වැනිදා සවස පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක දී මේ පිළිබඳ අවසන් තීරණයකට එළඹ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා මඟින් ලබාදීමට තීරණය කර ඇත.
මන්ත්‍රීවරුන් සඳහා මෙම රක්ෂණ ආවරණය අප්‍රමාදව අප්‍රමාදව ලබාදිය යුතු බව සභානායක සභා නායක දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී කරුණු දක්වා ඇති බව ද වාර්තා වෙයි.
මන්ත්‍රීවරුන්ගේ මාසේ දීමනා ඉහල දැමීම තීරණය කළ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමට කතානායක මහින්ද යාපාරය යාපා අබේවර්ධන,සභා නායක දිනේෂ් ගුණවර්ධන,විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල,චමල් රාජපක්ෂ,නිමල් සිරිපාල ද සිල්වා ,මහාචාර්ය මහාචාර්ය ජී එල් පීරිස්,ඩලස් අලහප්පෙරුම මහින්ද අමරවීර,වාසුදේව නානායක්කාර,ප්‍රසන්න රණතුංග,ගයන්ත කරුණාතිලක,රවුෆ් හකීම්, ඩිලාන් පෙරේරා,රිෂාඩ් බදියුදීන,රංජිත් මද්දුමබණ්ඩාර,ෆීල්ඩ් මාර්ෂල් සරත් මාෂල් සරත් ෆොන්සේකා යන මහත්වරු සහභාගි වී ඇත.

COMMENTS