නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල්අඟුරු ගෙන ඒමේදී අයකරගත් බදු මුදලින් සියයට හැත්තෑවක් එහි නිලධාරීන්ගේ ත්‍යාග සහ සුබසාධනය වෙනුවෙන් වෙන් කිර...
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල්අඟුරු ගෙන ඒමේදී නිවැරදි තොරතුරු අනාවරණය නොකිරීම මත අඩුවෙන් අයකර තිබූ රුපියල් කෝටි 18 කට ආසන්න වැට් බද්ද අතිරේක බද්දක් ලෙස අයකර නොගෙන රුපියල් කෝටි 20කට වැඩි දණ්ඩනයක් පනවා එම ලැබුණු මුදලින් සියයට හැත්තෑවක් නිලධාරීන්ගේ ත්‍යාග සහ සුබසාධනය වෙනුවෙන් වෙන් කර ඇතැයි මෙහිදී සඳහන් විය.
මේ සම්බන්ධයෙන් කමිටුව කරුණු විමසූ අවස්ථාවේදී රේගු නිලධාරීන් පවසා ඇත්තේ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර මෙවැනි දේවල් නැවත ඇති නොවීමට වැඩපිළිවෙළක් සකස් කරන බවයි.
රේගු නිලධාරීන් සේවයට වාර්තා කිරීමේදී ඇඟිලි සළකුණු නොයෙදීම පිළිබඳවද කෝපා කමිටුවේදී සාකච්ඡා කෙරිණ.
ඇතැම් රහසිගත මෙහෙයුම් කිරීමේදී සහ ප්‍රායෝගික තත්වයන්හිදී ඇඟිලි සටහන් යෙදීමේ අපහසු තත්වයක් පවතින බව රේගු නිලධාරීහු පැවසූහ.
ශ්‍රී ලංකා රේගුව සන්තකයේ ඇති නිදහස් නොකළ වාහන සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡා කෙරිණ.
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය 17 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
මේ අතර නැගෙනහිර පළාතේ ජල සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් පෞද්ගලික ආයතනයක් ගුදම් නිදහස් කිරීමේදී ව්‍යාජව සැකසු දේශීය තොරතුරු ඉදිරිපත් කිරීමෙන් එම ආයතනයට සැලසුණු මූල්‍ය වාසිය පිළිබඳව කෝපා කමිටුව කමිටුවේ අවධානය යොමුවිය.
එම පෞද්ගලික ආයතනය ඇමරිකානු ඩොලර් 5139621 ක් ලෙස මුදල් ගත කර තිබූ භාණ්ඩ නිදහස් කිරීමේදී දේශීයව සැකසූ ව්‍යාජ ලේඛන මගින් ඇමරිකානු ඩොලර් 6350364 ක් ලෙස වටිනාකම දක්වා ඇමරිකානු ඩොලර් 1210743 ක් අදාල ආයතනයට වැඩිපුර ලබා ගැනීමට අවස්ථාව ලබාදී තිබු බව කෝපා කමිටුව පවසයි.

COMMENTS