දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
EPF නැතිව රැකියා කරන අයට මින් ඉදිරියට EPF දෙන්නම වෙයි
Homeප්‍රවෘත්ති

EPF නැතිව රැකියා කරන අයට මින් ඉදිරියට EPF දෙන්නම වෙයි

PropellerAds

අවිධිමත් අංශයේ රැකියා නියුක්තිකයන් සේවක අර්ථසාධක අරමුදලට (EPF) දායක කරගැනීම පිළිබඳව විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ...

සුනඛ දඩයක් ළගදීම
මහ බැංකු අධිපති බැඳුම්කර කොමිසමට කැඳවයි
සයිටම් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
අවිධිමත් අංශයේ රැකියා නියුක්තිකයන් සේවක අර්ථසාධක අරමුදලට (EPF) දායක කරගැනීම පිළිබඳව විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුවිය.

සේවා අංශයේ අවිධිමත් අංශයේ රැකියාවන්වල නියුක්ත වූ පිරිස 60%ක් පමණ වන බවත් එම පිරිස ද සේවක අර්ථ සාධක අරමුදලට දායක කරගැනීම මඟින් ඔවුන්ගේ සමාජ ආරක්ෂණය ඉහළ නැංවිය හැකිබවද කාරක සභාව අවධාරණය කරන ලදී. වර්තමානයේ සේවක අර්ථසාධක අරමුදල් ගෙවන ආයතන අසූ දහසක් පමණ කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වි ඇති බව කාරක සභාවේදී අනාවරණය විය. ඒ අනුව එම සමාගම් ගණන ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා සේවක අර්ථ සාධක අරමුදල් ගෙවීම සඳහා ලියාපදිංචි නොවූ සමාගම් සියල්ල හඳුනාගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වූයේ විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් 2023.11.16 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

කම්කරු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ලක්කිරීමේ මූලික පියවර ගෙන ඇති බව කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළහ. ඒ අනුව ජාතික ශ්‍රම වෙළඳපල තොරතුරු පද්ධතිය නමින් ශ්‍රම වෙළඳපලට අදාළ තොරතුරු එක්රැස් කිරීමේ ඩිජිටල් ක්‍රමවේදයක් සැළසුම් කර ඇති බවද කාරක සභාව හමුවේ වැඩි දුරටත් අදහස් දක්වමින් එම නිලධාරීහු පැවසුහ.

මෙහිදී කම්කරු දෙපාර්තමේන්තුව විසින් මහ බැංකුවේ මුදල් මණ්ඩලය මඟින් සේවක අර්ථ සාධක අරමුදලේ සියළු තීරණ ගැනීම ගැටලුකාරී බව පෙන්වා දෙන ලදී.ඒ අනුව කම්කරු දෙපාර්තමේන්තුවේ නියෝජනයක්,මහ බැංකුවේ මුදල් මණ්ඩලය තුළ පැවතීමේ වැදගත්කම එම නිලධාරීහු විසින් කාරක සභාවට අවධාරණය කරන ලදී.

කම්කරු දෙපාර්තමේන්තුවේ සහ මහ බැංකුවේ ක්‍රමවේදයන් අතර පවත්නා වෙනස්කම් හේතුවෙන් අර්ථ සාධක අරමුදල් ලබාගැනීමේදී සාමාජිකයින් හට යම් යම් ගැටලු වලට මුහුණපෑමට සිදුවන බවත් සාමාජිකත්වය ලබා ගැනීමේදී ඔවුන්ගේ තොරතුරු නිවැරදිව ඇතුළත් කිරීම සඳහා යම් එක් ක්‍රමවේදයක් සකස් විය යුතු බවද කාරක සභාවේදී සාකච්ඡා විය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: EPF නැතිව රැකියා කරන අයට මින් ඉදිරියට EPF දෙන්නම වෙයි
EPF නැතිව රැකියා කරන අයට මින් ඉදිරියට EPF දෙන්නම වෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhihhh02djEnma1SEqn9fr9Wd74LIapiiZ7ODmo2dtzGas1O4_OEjPGC8WePbnN2Awh-FupwaaER43uGhqpOLS9A586TAlmHVuNk4VCqW7FRGfx_x1qtvP2AEGjmmF_TwDNY32So7Jjxe1s0mAV7ToS3SEJNg2ELsTg52QoGhfpg3LvCwa5gX0zVBDz3R4P/s320/epf-728126_850x460.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhihhh02djEnma1SEqn9fr9Wd74LIapiiZ7ODmo2dtzGas1O4_OEjPGC8WePbnN2Awh-FupwaaER43uGhqpOLS9A586TAlmHVuNk4VCqW7FRGfx_x1qtvP2AEGjmmF_TwDNY32So7Jjxe1s0mAV7ToS3SEJNg2ELsTg52QoGhfpg3LvCwa5gX0zVBDz3R4P/s72-c/epf-728126_850x460.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/11/epf-epf.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/11/epf-epf.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy