අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා සිය පියා මැතිවරණයට තරග වැදුණු දිස්ත්‍රික්කය වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවගේ ...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා සිය පියා මැතිවරණයට තරග වැදුණු දිස්ත්‍රික්කය වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවගේ දුක සැප සොයාබැලීම සඳහා වැඩසටහනකට සහභාගී වී තිබේ.
එහිදී ඒ මහතා ගිරිබාව නම් දුෂ්කර ගම්මානය වෙත ගොස් ප්‍රදේශවාසීන්ගේ ගැටළු පිළිබඳ විමසා තිබුණු අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ එම ගම්මානයේ කාන්තාවන්ට රැකියා ලබාදීමට ද පියවර ගෙන තිබිණි.
පසුගිය මහමැතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රචාරණ රැස්වීම් වලට සහභාගී වූයේ ද රෝහිත රාජපක්ෂ මහතාය.
COMMENTS