දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"උතුරේ බෞද්ධ නෂ්ටාවශේෂ දහස් ගණනක්..කුරුන්දමලේ නෂ්ටාවශේෂ වලට හානි කරලා” - එල්ලාවල මේධානන්ද හිමිගෙන් හෙළිදරව්වක්
Homeප්‍රවෘත්ති

"උතුරේ බෞද්ධ නෂ්ටාවශේෂ දහස් ගණනක්..කුරුන්දමලේ නෂ්ටාවශේෂ වලට හානි කරලා” - එල්ලාවල මේධානන්ද හිමිගෙන් හෙළිදරව්වක්

PropellerAds

කු රුන්දමලේ නෂ්ටාවශේෂ කැනීම් පිළිබඳව ඇතැම් දෙමළ දේශපාලනඥයන් විසින් ලෝකය පුරා වැරදි මතයක් ප්‍රචාරය කරමින් සිටින බවත් ආගම් භේද ජාති භේද ඉවත ...

ඇමරිකාවේ ‘‘2020 බලාපොරොත්තුව‘‘ : ජෝ බයිඩන්
අලුත් ව්‍යවස්ථාවට විරුද්ධ වන්නන් දිළිඳුකම දුරලීමටත් විරුද්ධ වන්නන් විය හැකිය - ලොයිඩ් එෆ්. යාපා
කියුබාවට අත නොතබනු
කුරුන්දමලේ නෂ්ටාවශේෂ කැනීම් පිළිබඳව ඇතැම් දෙමළ දේශපාලනඥයන් විසින් ලෝකය පුරා වැරදි මතයක් ප්‍රචාරය කරමින් සිටින බවත් ආගම් භේද ජාති භේද ඉවත දමමින් ලාංකිකයන්ගේ උරුමයන් රැක ගැනීමට එක්වෙන ලෙසත් පුරාවිද්‍යා චක්‍රවර්තී අතිපූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව පැවසුයේ, ඊයේ (05) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී, කුරුන්දමලේ නෂ්ටාවශේෂ කැනීම් පිළිබඳව පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

ලංකාවේ දැනට කැනීම් කරන ලද පුරාවස්තු වලින් 99%ක්ම බෞද්ධ වෙහෙර විහාර වලට සම්බන්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන බවත්, මේධානන්ද හිමියන් විසින් උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක ස්ථාන දහසක් පමණ ප්‍රමාණයක් පිළිබඳ විමර්ශනය කර පොත් රචනාකර ඇති අතර උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය පොත ඊට නිදසුනක් ලෙසත් මෙය ආගම්වාදය හෝ ජාති වාදය මුල් කරගත් කාරණාවක් නොවන බවත් උන්වහන්සේ පැවසූහ.

කුරුන්දමලේ නෂ්ටාවශේෂ කැනීම් පිළිබඳව ඇතැම් දෙමළ දේශපාලනඥයන් විසින් ලෝකය පුරා වැරදි මතයක් ප්‍රචාරය කරමින් ඇති බවත් මෙය ඉහත කාල වකවානු වලදී පටන් පැවත එන්නක් බවත් මේ පිළිබඳ කතිකාවන් පාර්ලිමේන්තුව තුළ හා හැන්සාර්ඩ් වාර්තා හරහාද ගෙන ආ බවත් හිමියන් ඒ සියල්ල සඳහා පිළිතුරු දුන් බවත් පැවසීය.

ත්‍රස්තවාදය මෙරට ඇති වීමට පෙර, ත්‍රස්තවාදී සමයේ හා ත්‍රස්තවාදය මෙරට අවසන් වූ කාලපරිච්චේද තුළ කුරුන්දමලේ ප්‍රදේශය වෙත මේධානන්ද හිමියන් මීට පෙර කිහිපවතාවක්ම නැරඹීමට ගොස් ඇත. එහිදී මේධානන්ද හිමියන්ගේ නිරීක්ෂණයට ලක් වී ඇති ආකාරය අනුව ක්‍රමයෙන් මෙම ස්ථානය මෙම කාල වකවානු තුළදී විවිධ පාර්ශවයන්ගෙන් හානියට ලක්වී ඇත.

මේධානන්ද හිමියන් මෙම කුරුන්දමලේ විහාරය පිළිබඳ සාකච්ඡාවේදී තවදුරටත් ඉතිහාසය පිළිබඳ තොරතුරු දැක්වුයේ ඉංග්‍රීසි ආණ්ඩු කාලය තුළ ජෝන් ස්ටීල් මහතා විසින් 1905 දී ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව මෙහි නටබුන් රැසක් ඇති ස්ථානයක් බවත්, හෙන්රි පාකර් මහතාගේ වාර්තාවකට අනුව මෙම ස්ථානයට බුදුන් වැඩියා යැයි එහි ගම්මුන් විශ්වාස කරන බවත්, පළමු පුරාවිද්‍යා කොමසාරිස්තුමා වන එච්.සී.පී.බෙල් මහතාගේ වාර්තා අනුව මෙහිදී ස්ථූපය, විහාරය, වටදාගෙය හා ගල්කණු ආදිය පිළිබඳව සඳහන් වන බවත් මේ සියල්ලක්ම නිදහසට පෙර ජීවත් වූ අයගේ වාර්තා වන බවත්ය.

සද්ධාතිස්ස රජුගේ පුතෙකු වූ හල්ලාටනාග රජු විසින් ක්‍රි.පූ.109 දී මෙම කුරුන්දාශෝක විහාරය ගොඩනංවා ඇති අතර, පළමු අග්බෝ රජු විසින්ද 6වන සියවසේදී මෙහි විහාරයක් කරවා ඇත.

පොළොන්නරු රාජධානි සමයේදී පළමු වන විජයබාහු රජු විසින් කුරුන්ද විහාරය ප්‍රතිසංස්කරණය කර ඇති බවත්,මෙම විහාරය බෞද්ධ විහාරයක් බවත් සිංහල අට්ඨ කතාවක් වූ කුරුඳු අටුවාව හෙවත් කුරුන්ද අට්ඨ කතාව මෙහිදී රචනා කර ඇති බවත් මෙම ස්ථානය බෞද්ධ උරුමයක් බවත් මේධානන්ද හිමි පැවසීය.

දමිළ ජනතාවගේ ඇති සුහදශීලීත්වය පිළිබඳවද ඇගයීමට ලක් කරමින් වර්තමානයේ ඡන්දය බලාපොරොත්තුවෙන් විවිධ දෙමළ දේශපාලනඥයන් විසින් ජාතික උරුමයන්ගේ වටිනාකම් පහත හෙළීමට කටයුතු කරන බවත් ආගම් භේද ජාති භේද ඉවත දමමින් ලාංකිකයන්ගේ උරුමයන් රැක ගැනීමට එක්වෙන මෙන් මේධානන්ද හිමියන් තවදුරටත් පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "උතුරේ බෞද්ධ නෂ්ටාවශේෂ දහස් ගණනක්..කුරුන්දමලේ නෂ්ටාවශේෂ වලට හානි කරලා” - එල්ලාවල මේධානන්ද හිමිගෙන් හෙළිදරව්වක්
"උතුරේ බෞද්ධ නෂ්ටාවශේෂ දහස් ගණනක්..කුරුන්දමලේ නෂ්ටාවශේෂ වලට හානි කරලා” - එල්ලාවල මේධානන්ද හිමිගෙන් හෙළිදරව්වක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEha29aizflJrCaRs9SotrNwH7ZsnhSK3Tl3tAaDZyilXIw6QgADrt0X5aZuESSA-9EA_-7n2dFTc1pg_v5SdT0TiSwShLjFJLr1I4iyR9gTl4DCBSkk7nZXR2A_l3xHB6j1P7MKmYBc7Hg/s320/152fdeae657fb7086d767a921243b14a_XL.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEha29aizflJrCaRs9SotrNwH7ZsnhSK3Tl3tAaDZyilXIw6QgADrt0X5aZuESSA-9EA_-7n2dFTc1pg_v5SdT0TiSwShLjFJLr1I4iyR9gTl4DCBSkk7nZXR2A_l3xHB6j1P7MKmYBc7Hg/s72-c/152fdeae657fb7086d767a921243b14a_XL.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_71.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_71.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy